රිප්ලයි එකක් යවන්ඩ වත් කෝල් ගන්නවත් කලින් මට ඕනඋනේ ඒ එකවුන්ට් එක මොනවගේද බලාගන්න.
එකවුන්ට් එකේ තිබ්බෙ හරි අමුතු නමක් #අවජාතක කාක්කා#

නම දැක්කම මට ඇති වෙච්ච ගුප්තකම තව වැඩිකලේ ඒ එකවුන්ට් එක පුරාම තිබ්බ රූප. සිගරට් දුම් දාන මිනිහෙක්, ගංජා කොලයක් වැඩියෙම්ම තිබ්බෙ ජෝකර්.  තිබ්බ පොටෝ ගාන කීය උනත් ඒ හැම එකම අඳුරුයි. එහෙන් මෙහෙන් හරි හිත හෑල්ලු කරගන්න පුළුවන් පොටෝ එකක් තිබ්බෙ තෙරේසා මව් තුමියගෙ. යටට යටට ඒ පොටෝ අතරෙ මං අතරමං වෙනකොට දවස් දෙක තුනකට කලින් ලීව කවි එකක් දෙකක් හම්බුනා. කවි කියනවට වඩා මට දැණුනෙ හිතට ආපු ඔහේ ලියපු දේවල් වගේ.

#කාක්කො කුණු කති
   කලු වෙති.
     ඉඳින් උන් අවජාතකය.
        නැත
       උන්ටත් ජාතකයක් ඇත
      ඒ උඹ....ඒ මම
   උන් ව කළු කරපු
උන්ට කුණු කවපු#

ඒ කවියෙන් ඒ නමේ තිබ්බ විකාරබව නැතිකරගන්න තරම් තර්කයක් මට ගොඩනගාගන්න පුළුවන් උනා.

විනාඩි තිහකට එහා මං ඒ එකවුන්ට් එක බැලුවා කිව්වනම් මං වැරදී...ඒ වචන අස්සේ මං අතරමං උනා. පාර හොයන් ආපහු මැසේජ් ගොඩට යනකොට ඒ කිව්ව කාක්කා ඔන්ලයින් හිටියෙ නෑ. මට දැණුනෙ අපහසුවක් ,මම මැසේජ් එක කියවලත් රිප්ලයි නොකරපු බව එයා දකින්න ඇති කියලා. මැසේජ් කරලා තේරුමක් නැති නිසා මම ඒ නම්බරේට කෝල් එකක් අර ගත්තා.

එහා පැත්තෙන් මොන වගේ කටහඩක් ඇහෙයිද කියලා තිගැස්ම දිගින් දිගටම තියෙද්දි ඒ කෝල් එකට උත්තරයක් නැතුවම කට් වෙලා ගියා. ආයේ කෝල් එකක් ගන්නවද නැද්ද කියලා මම දෙතුන් පාරක් හිතුවා. සමහරවිට මම මැසේජ් එක කියවලා රිප්ලයි නොකරපු එක නිසා එයා එහෙම කරන්න ඇති. මම හිත සනසගන්න හිතපු දේවල් ඒ. එහෙම හිතලා මම ආයෙම කෝල් නොකර හිටියා. කිසිම බලාපොරොත්තුවක් වත් උදව්වක් වත් නැතුව මම අසරණ වුණා. බෑග් එක ආයෙම බංකුවෙන් තියලා නැගිටලා ඉස්ටේශම එහා මෙහා ගියෙ රෑ එතන නවතින්න හරි හිත හදන්. මගෙ කල්පනාව කොයිතරම් බරයිද කියනවනම් මට කෝල් එකක් එන බව දැනුනෙ ටික වෙලාවක් ගියහමයි.

" හෙලෝ "

" උඹ කොහෙද ඉන්නෙ...මගෙ බෝඩිමේ ඉන්ඩ පුළුවන් යන්ඩ තැනක් නැත්තං"

සක්Where stories live. Discover now