දේදුණු පාලම 2

Start from the beginning
                                    

-" එපා බන්...උඹ දැනටම කරපු උදව් හොදටම ඇති ...හොස්පිට්ල් එකෙන් කෑම දෙනවනෙ..."
-" නෑ ඇත්තටම මේකයි...මට මර්ඩර් එකක් කරගන්න්  තියනවා...ඉතින් බැලුවෙ කන්න බොන්න ටිකක් දීලා නොමිලේ වැඩේ කරගන්න"
ඒක කිව්වාම අයියට හිනා ගියා...
-"ආපෝ...ඕක සුලු දෙයක්නෙ.....කාවද මරන්න ඔනේ"
-" ප්‍රශ්න වලට බයේ පැනලා යන, ජීවිතේක වටිනාකම දන්නෙ නැති, අයියා ඇතුලෙ ඉන්න්  නිවට මනුස්සයව"
විහිලු අස්සෙ ඒවගේ දෙයක් කියයි කියලා අයියා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති...හිනාවෙන් තිබ්බ මූන පුදුමෙන් වගේ  ඇස් ලොකු කරන් මන් දිහා බලන් උත්තරයක් දුන්නා...
-" මම නෙමේ ඒක උඹම කරනවද මන්දා බන්"

මම ඊට වඩා  කතාවට ගියෙ නෑ....අයියා අන්තිමට කිව්ව දේ මොන හිතුවිල්ලකින් කිව්වද හිතාගන්න බෑ...ඒ බලන් හිටපු බැල්මෙ තිබ්බෙ මොනවගේ කතාවක්ද කියන්න මම දන්නෙත් නෑ...ඇත්තටම මම ඒ දේ කරනවා...ඒ වචන වලින් මට ඕකේ එකක් හම්බුනා වගේ...මම මිනිහව මැරෙන්න ලෝබ්  හිතෙන තැනකට ගේනවා...
මම මොකුත් නොකියම එලියට ආවා...සල්ලි ගැන් හිතුවෙ නෑ...කොත්තුවක් දාගත්තෙ අයියා කන්න ආස වෙයි කියලා හිතලා...
ඇත්තටම උදව්ව ක්ලා එතනින් හරි නම් ඉවර වෙන්න ඕනේ...මම ඇයි අයෙ ආයෙ ඒ දේ එක්ක ගැටෙන්න යන්නෙ????? මොන වගේ අරමුනක් ද මාව එහෙම ගැටෙන්න් සලස්වන්නෙ...මට දැන් තාවකාලික අරමුනක් තියෙනවා...මේ මනුස්සයගෙ ජීවිතේ ජීවත් කරවන්න මම උදව් කරනවා...බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න උදව් කරනවා...සතුටින් ඉන්න කියාදෙනවා....
සමහරවිට මේ දේවල් කරලා මම බලාපොරොත්තු වෙන්නෙ ආයෙ කිසිම දාක අනාතයෙක් වෙලා ඉපදෙන්න එපා කියලා වෙන්න ඇති..මොකද කාත් කවුරුත් නැතිව ජීවත් වෙනවා කියන්නෙ එපාම කරපු දෙයක්...ඔව්...මට එහෙම අරමුන්ක් තිබ්බා...තියෙනවා නෙමේ තිබ්බා...ඒ කියන්නෙ මම දැන් හිතන්නෙ මොකද්ද ?
මං වගේ තනි උන එකෙක්ට මේ වගේ අයියා කෙන්ක්ගෙ උනුහුමකට තුරුල් වෙලා හැමදාම ඉන්න තිබ්බනම් කියල්ද????
මොනවද මේ මම හිතන්නෙ...හිතකට ආයාලෙ යන්න ඒ හැටි වෙලාවක් නොගිය හැටි...අඩුම තරමේ ඒ පාරට හැරුන තැනවත් මතක නෑ .....හැගීම්.කියන දේ මහ්  පුදුමයි...එතකොට මට දැන් ඕනේ මේ යකා එක්ක ජීවත් වෙන්නද....මේ මොන මගුලක් හිතනවද මම...යකො ඌ කවුද කියලවත් මං දන් නෑ...විකාර හිතනවා ..කෙල්ල එක්ක් හරි ගෑනි එක්ක හරි රන්ඩු වෙලා වහ බීපු එකෙක්ද කවුද දන්නෙ...මම වගේ ඌ සමරිසි මනුස්සයෙක් නෙමෙයි වෙන්න ඇති....අනුන්ට බන කිය කිය මම මොනවද මේ නටන පිස්සු...

දේදුණු පාලමWhere stories live. Discover now