දේදුණු පාලම 2

Start from the beginning
                                    

" ඇයි මල්ලි උඹ ඒ වෙලාවෙ එතනට ආවෙ...උඹ ආවෙ නැතනම් මෙලහකට මම මැරිලනෙ"
මේ යකා මේ ඉන්න මූඩ් එකට මම සීරියස් දෙයක් කිව්වත් මෙයා ඩෝන්ට් කෙයා තමයි.... මට ඕන උනේ එයාගෙ මයින්ඩ් එක චේන්ජ් කරන්න...
-" මොනවද හලෝ...මැරෙන්නම ඕනෙ නම් මේ වගේ බාල එකක් ගහලා හරියන් නෑ ....එක්කො හොද වන් ශොට් නොකවුට් එකක් ගහන්න්  ඕනේ.. නැතනම් ඉතින් ඔය කෝච්චියක් වගේ එකකට පනින්න ඕනෙ...එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ නෙ...මොකද කියන්නෙ රුපියල් දාහට හොද වහ බෝතලයක් තියනවා ...ඩිස්කවුන්ට් එකක් දාලා 900 ට සෙට් කරලා දෙන්නම් ...ගන්නවද".

මම ඒ කියපු දේට අයියට ලාවට හිනාවක් ගිය නොගිය ගානට තමා එයා උත්තර දුන්නෙ....
-" යකෝ මූ මැරෙන විදිහ කියලා කින්ඩි දාන්නෙ මම මැරුනනම්ද හොද,හොස්පිට්ල් අරන් ආවෙ ඇයි දන් නෑ...අපෝ තොගෙ වහ එක ය්හෝම තියාගනින්...මට එපා "
-" අපෝ...අහල නැද්ද උත්සහවන්තයා ජය ගනී කියලා...කවුද අර බල්බ් එක හොයාගත්තෙ....තෝමස් ලොක්කා නේද.... අන්න එයා 999 පාරක් ෆේල් ...ඒත් එයා බල්බ් එක හොයාගත්තනෙ ...අන්න ඒවගෙ...මම නම් කියන්නෙ ඔයා තව පාරක්  ට්‍රයි කරන්න...අනිවාර්‍යෙන් මැරෙන්න පුලුවන් ඔයාට"
-අම්මපා අතට අහුවෙන එකක් තිබ්බානම් පලනවා තොගෙ තට්ටෙ ..මේ තරම් මාව මරාගන්න හදන එකෙක් මම මේ දැක්කමයි ...මොකද උඹ මාව මරාගන්න දගලන්නෙ..."
-" ඔයාව මරාගන්න දගලන්නෙ ඔයා ජීවත් වෙන්න දගලන් නැති නිසා...ඔයා හිතනවද ප්‍රශ්න වලින් පැනලා යන එක ප්‍රශ්න වලට විසදුමක් කියලා... "
-"ඩොක්ටර්ස්ලගෙ ලෙක්චර් එක තමුසෙත් පටන් ගත්තද"
-" මොන....පිස්සුද...මම නම් කියන්නෙ මැරෙනවා...මම ඕන සපෝට් එකක් දෙනවා  ..අර වහ එක තව සීයක් අඩු කරලා 800 ට දෙන්නද..මටත් මේ ජීවිතේ එපා වෙලා ඉන්නෙ ඕයි...දෙන්නම බීලා මැරෙමුද"

අයියගෙ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා කියලා මට දැනුනා..කලින් මූනෙන් කිසිම හැගීමක් පෙනුනෙ නැති විදිහට කතා කරපු මිනිහගෙ මූනෙ දැන් හිනාවක් ලාවට එනවා...
-" උඹට ඕනෙ නම් උඹ බීලා මැරියන්...තව එක් පාරක් හරි ඔය මැරෙන කතාව කිව්වොත් තෝව මරනවා මම..."
-"හිරේ යන්න වෙයි"
-" කමක් නෑ"
-" මම හොල්මන් කරනවා.."
-" බය නෑ..."
-"මහ ලොකු චන්ඩියා...පව්...ඒක තමා ජීවිතෙන් පැනලා යන්න හැදුවෙ"
-" උඹ ඉන්දියන් මෙගා නට්ටි බලනවද"
" ඒ මොන අදාල නැති ප්‍රශ්නයක්ද"
-" නෑ උඹත් හරියට හැසිරෙන්නෙ ඒවගෙ ඉන්න උන් වගේ බොලද විදිහට...මම මැරුනෙ නෑ නෙ...විකාර කියවන් නැතුව ආපු අතක් බලන් පලයන්කො දැන්"
-" හාකො...මට ඕන උනේ හැමෝම ඔයාට බනිනකොට, ඔයාට කියවනකොට ඔයා තේරුම් නොගන්න දේ ඔයා එක්ක කතා බහ කරන්න...ඔයා අවුලකින්නෙ අනිවාර්‍යෙන් ඇත්තෙ...ඒ දේ අමතක කරලා පොඩ්ඩක් රිලැක්ස් කරන්න...සොරි..
මම යන්නම්..."
මට සිරාවටම මහ ලැජ්ජාවක් වගේ ආවා...මම ඒ විදිහට බොලද කෙනෙක් නෙමෙයි...මම එයා ඉස්සරහ එහෙම හැසිරුනේ එයාව ටිකක් රිලැක්ස් කරන්න විතරයි...මම ආපහු හැරිලා එන්න ආවා...
-" මල්ලි....මෙ අහපන්කො...මම පොලිසිය ඇරුනම කා එක්කවත් කතා කලේ නෑ...ඇත්තටම කාටව්ට්ත් මූන දෙන්න බෑ වගේ එකක් හිතට වද දෙනව...කොටින්ම්  උඹ එක්කවත් කතා කරන් නෑ කියලමයි මම හිතන් හිටියෙ...උඹට මූන දෙන්න ලැජ්ජාවක් වගේ හිතුනා...
මම හිතුවෙ උඹත් ඇවිත් අනික් උන් වගේ මට කියවයි බනී කියලා..
ඇත්තටම උඹ කියපු කරපු ඒවට මට කතා නොකර ඉන්න බැරි උනා...හිනා නොවී ඉන්න බැරි උනා  ..
උඹ බොලද නෑ බන්...මම දන්නවා උඹට මට වඩා මේ ජීවිතේ ගැන අවබෝදයක් ඇති...ඔය වගේ ආදරනීය , හුරතල් වචන අපි වගේ දරදඩු බේබද්දන්ට හරියන් නෑ බන්...හරියන්නෙත් නෑ නෙමේ...ඒවා පුරුදු නෑ ...මොකද හැම එකාම බනිනවා ඔරවනවා විතරයි...කවදාවත් ඇයි උඹ මෙහෙම හැසිරෙන්නෙ කියලා අහලා නෑ ..මූනක් බලල හිනාවෙලා නෑ...සොරි.."
-"යකෝ මට කිය කියා මේ යකා කියවන්නෙ ඉන්දියන් කතා වලට එහා ගිය දෙබස්නෙ...ඇත්ත කියන්න ඉතින්...අර ඔයා අර හෝන්තු කතා බලනවා නේ....සීකේ...ඊයා"
-"බොල හු#තො ..පලයන් මෙතනින් මාව හිනා ගස්සන් නැතුව..."
ඒ ටික කියනකොට  ඇත්තටම මෑන්ට හිනා ගියා...මම හිතන්නෙ තව පියවරකින්අම සාර්තකයි...
-" හිනා යනවා නම් හිනාවෙලා ඉන්නවා මනුස්සයො...ජීවිතේ මොන දේ උනත් තමන්ට තමන් ඉන්නවා...ප්‍රශ්න එනවා තමයි. ..ඒත් ඉතින් ඒවා මත්තෙ එල්ලිලා ඉන්න් එපා ...අයියා කැමති නම් ටිකට් කපලා ගියාම ඔයාගෙ තියෙන දේවල් ටික.ඔක්කොම මා එක්ක කියන්න..ඒකෙන් ඔයාට නිදහසක් දැනෙයි...."
-" ඒවා ඇහුවොත් උඹටත් පිස්සු හැදෙයි.. ඒ තරම් ප්‍රශ්න බන් ඒවා".
-" මේලෝකේ හැම මිනිහෙක්ම හිතන් ඉන්නෙ ලෝකේ තිඋඅන ලොකුම ප්‍රශ්න කන්දරාව තියෙන්නෙ තමන්ට කියලා ..මොකද අනික් මිනිස්සු හිනාවෙලා කතා බහ කරලා ඉන්නකොට එයාලට ප්‍රශ්න නෑ කියලා තමා හිතන්නෙ...එහෙම බැලුවොත් ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නෑ අයියෙ..."
-"මල්ලි උඹ මොනවද කරන්නෙ"
-" තාම රස්සාවක් නම් කරන් නෑ..."
-" යකෝ බැලු බැල්මට 23 පැනපු ඉලන්දාරියෙක් වගේ පේන්නෙ.. තාම රස්සාවක් නෑ ලු"
-" ආව්....ඒ කියන්නෙ මගෙ වයසට වඩා අවුරුදු එක හමාරක් මම බාල පාටයි. ....මම මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කලා ...කැම්පස් එකෙන් අවුට් උනේ මේ මාසෙ මුල අයියෙ  "
-"ආ...ඒක මිසක්...ගොඩක් හොදයිනෙ බන්..."
-" අයියා මොනවද කරන්නෙ"
-"මම...මේ...මම...කරන්නෙ...ඒක උඹට වැඩක් නෑ නෙ"
-" බැලූ බැල්මට 30 පැනපු නාකියෙක් වගේ පේන්නෙ...තාම මොකුත් කරන් නෑ ලු"
-" අනේ පල...30 ක් පේන්නෙ කොහෙද යකෝ...මට 27... බලපන්කො ෆිට් බොඩිය තොගෙ කටු බොඩිය වගේද"
-"කීය හරි ඉතින් ඇත්තටම රස්සාවක් කරන් නැලු නෙ"
-" මම කුලියට මිනී මරනවා, ඇසිඩ් ගහනවා...කාට හරි ඇසිඩ් ගහන්න් ඒම ඕනෙ නම් කියපන්"
-"අනේ...පව්ව්...විනාඩි දෙක තුනක වෙලේ ඉදන් ඇගේ වහන මදුරුවා මරන් නැතුව 6 පාරක් විතර පන්නනවා මම දැක්කෙ නැතන්ම් ඒම්  හිතන්න තිබ්බා..මිනී නරන්න කතාව..මදුරුවෙක් වත් මරන් නැති මිනිහා "
ඇත්තටම මට ඒකට මහ කින්ඩි හිනාවක් ගියා
-" බලපන්කො....පච්ච ගහලා, කරාබුවක් දාලා...කොන්ඩෙ රැව්ල වවලා ඉන්න මම වගේ එකෙක් ඒම නොකරයි කියලා උඹ කඅද කියන්නෙ..අනේ පලයන්"
-" සමහරවිට සමාජෙ මිනිස්සුන්ට අයියව එහෙම පේනව ඇති...ඔයා දැන් කිව්ව දෙයින් තේරෙන්නෙ සමහරවිට ඔයාට ඒ වගේ ප්‍රතිරූපයක් ලෝකෙට පෙන්නන්න ඕනෙත් ඇති...තමුන් මා එක්ක කතා නොකලානම්...අනික් උන් කිව්ව දේවල් එක්ක මමත් එහෙම හිතන්න තිබ්බ ...ඒත් මම දැන් විනාඩි 30 කට වැඩියෙන් ඔයා එක්ක කතා කලා කියලා ඔයාට මත නෑ ..ඔය කිව්ව ජාතිඋඑ එකෙක් නෙමෙ මට පේන්නෙ...සින්හ හමක් දාගත්ත මුවෙක් වගේ....නෑ නෑ...ඒ තරම් නම් අහින්සක පාටකුත් නෑ පුතෝ...මුවෙක් නෙමෙ නරියෙක් කියමුකො අපි..."
-" උඹට මැනේජ්මන්ට් නෙමෙයි කරන්න තිබ්බෙ...එක්කො ලෝ...නැතන්ම් සයිකොලොජි. උඹ මහ පුදුම එකෙක්...තේරුම් ගන්න බෑ හරි ගුප්තයි"
-"කන්න ආස මොනවද කියනවකො...මේ ටිකේම හරියට කෑවෙ නෑ නෙ..."

දේදුණු පාලමWhere stories live. Discover now