🖤Chapter 14🖤

Start from the beginning
                                    

හම්මෝ දැන්නම් පපුවත් ගැහෙනවා වගේ.......ඒත් බය වෙන්න එපා ටේ....ඔයා මේක කරන්නම ඕනේ......

බංගලාව පේන දුරින් ඉදන් ටේ ලොකු හුස්මක් අරන් හිත සැහැල්ලු කරගෙන ඒ පැත්තට යන්න පටන් ගත්තා..........

වෙනදා වගේම මේ ඉඩම අදත් හරිම පාලු මලානික ගතියෙන් පිරිලා.....උදේ වරුව උනත් බංගලාව දිහා බලන ඕනෙම කෙනෙක්ට ඒකෙ තියෙන අදුරු ගතියත් එක්ක හිතට අමුතු භයානක හැගීම් ගලාගෙන එනවා.......

මේ වගේ අත්භූත තැනක මගෙ කුකී ජීවත් වෙනවට තෑගි දෙන්න ඕනේ.....

එහෙම හිතින් හිතපු ටේ බංගලාව පැත්තට වැටිලා තිබ්බ අඩි පාර දිගේ ඇවිදන් ගියා......

.

.

.

" ටේ හියුන්ග්............."

බංගලාවෙ පැත්තකට වෙන්න තිබ්බ ගහක් ගාවට වෙලා හිටපු ජන්ග්කුක් ටේව දැක්ක ගමන් ටේ ගාවට දුවගෙන ඇවිත් ටේව බදා ගත්තා.........

" කුකී.......අනේ මගෙ මැනික මෙතනට වෙලා මොකද කරන්නෙ......"

" මුකුත් නෑ හියුන්ග්......කම්මැලි නිසා එලියට ආවා........."

" ම්ම්ම්ම්........"

එක පාරටම ජන්ග්කුක්ට දෙයක් මතක් උන ගමන්ම බයෙන් වගේ වට පිට බලන්න ගත්තා.......

" හියුන්ග්.....හියුන්ග්......ඇයි ඔයා මෙහෙට ආවෙ......අනේ හියුන්ග් ඔයා යන්න......."

" කුකී.......පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ.......මම ආවෙ ඔයාව මෙහෙන් එක්කන් යන්න......ඔයා එන්නම ඕනෙ මාත් එක්ක යන්න........"

" අනේ ටේ හියුන්ග්......එපා.....ඔයා මොනාද මේ කියන්නෙ....මට මෙහෙන් එන්න බෑ........."

ටේ කුකීට මුලදි එන්න කියලා බල කරත් කුකී එන්න කැමති උනේ නෑ.......ඒත් ටේ කොහොම හරි අන්තිමේදි කුකීව කැමති කර ගත්තා..........

" බය වෙන්න එපා මැනික....මම ඉන්නවනෙ......මම බලාගන්නම්.....ඔයා ගිහින් අරන් එන්න තියෙන මොනාහරි තියෙයි නම් අරන් එන්න......."

" හ්ම්ම්ම්......ඒත් හියුන්ග් ඔයා මෙතන තනියම ඉන්න එපා.......මාත් එක්ක යමු........."

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now