ජීයු ගානක් නැතුව කියවලා එයා කකා හිටපු ස්නැක් පැකට් එක කන්න ගත්තා..

" මොනවද කියවන්නේ..."

ජීයු කියපු කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව යුංගි ජීයු දිහාට ඔරව ඔරව හිටියා...

"යුංගියෝ..අනේව්..බලන්නකෝ..ඔම්මලා මට මනමාලයෙක්ව බලලා හලෝ...මට බෑ යන්න...මාව බේරගන්නකෝ යුංගියෝ..."

" යා රෑත් වෙලා ඒකද මගේ ගෙදරට කඩන් පැන්නේ..ඔම්මලට කිව්වද.."

ජීයු නෑ කියන්න ඔලුව දෙපැත්තට වනලා ආයෙත් ස්නැක් පැකට් එක කන්න ගත්තා ..යුංගි ඉක්මනට ජීයුගේ ඔම්මට මැසේජ් එකක් දැම්මේ ජීයු එයාගේ ගෙදර කියලා..

" මම වොශ් එකක් දාන් එන්නම්..ඔය බඩු මුට්ටු එහෙම කන්නෙ නෑ..."

" පුහ්...බඩු කන්න වැඩේමනේ..."

යුංගි වොශ් එකක් දාන් කාමරේට එනකොට ජීයු කාමරේ ඇද උඩට වෙලා ඈ දෙකත් ලොකු කරන් බලන් ඉදලා යුංගි ආපු ගමන් බර හුස්මක් පිට කරලා කොට්ටෙක මූන ඔබා ගත්තා...

" යා...මොකෝ.."

" ඇදුම් අරන්ද බාතෲම් එකට ගියේ..මම අර ඩ්‍රාමා වල වගේ සුදු හමේ බේරේන වතුර බිංදු බලන්න ඇදේ වාඩිවෙලා හිටියේ..අපරාදේ..."

"මට බයයි තමුසෙ එක්ක ඉන්න...ඊට වඩා දුකයි අර බදින්න යන මනුස්සයා ගැන..."

" ඒකනේ යුංගියෝ මම කියන්නේ..මේ මගුල වෙන්න දෙන්න බෑ..නාකියෙක්ද දන්නෙ නෑ..."

"ඒ කියන්නේ කොල්ලව දැක්කෙත් නැතුවද ඔය නටන්නේ...ඉවසලා ඉන්නවකෝ..කොල්ලා හොද කෙනෙක් වෙන්න ඕනේ ..."

" වැඩක් නැ..මම කෙනෙක්ට ආදරෙයි සුට්ටන් කාලෙ ඉදන්ම...මගේ ආදර කතාවට බඩේ පාර දෙන්නෙ නැතුව මට සප් එකක් දෙන්න යුංගී..."

" කබඩ් එකෙ වෙන්දා තියෙන තැනම බ්ලැන්කට් ඇති...ගුඩ්නයිට්.."

යුංගි, ජීයු කියන දේවල් ඇහෙන්නෙ නෑ වගේ එයාගේ කොට්ටෙත් අරන් සෝෆා එකට ගිය...

" යා මින් යුංගී..තමුසෙට යුතුකමක් තියෙනවා ඒ කවුද කියලවත් අහන්න..මින් යුංගී..යාහ්...මනුස්සයෝ නිදිද..."

ජීයු කොච්චර කෑ ගැහැව්වත් ලිවින් රූම් එක පැත්තෙන් කිසි සද්දයක් නැති නිසා ජීයු පුප්ප පුප්ප නිදාගත්තේ...ජීයු පොඩි කාලෙ ඉදන් ගෙදරින් හැංගෙන්න ඕනිනම් එන්නේ යුංගිගේ ගෙදර,යුංගි ඒ ගැන ජීයුගේ දෙමව්පියන්ව දැනුවත් කරන නිසා එයාලා උනත් මේකෙ යාලුකමකට එහා දෙයක් දැක්කේ නැ...

----------------------

" යා පිස්සුද ජීයු...මට නම් බෑ...පිස්සු කතා කරන්න එපා..."

ජීයු උදේම නැගිටලා යුංගිට කරපු යෝජනාවක් නිසා ගෙදරින් එලියට බහින්නෙත් නැතුව දෙන්නා එක්ක කෙහෙවලු පටලවන් රන්ඩු වෙන්න ගත්තා...

" ඇයි බැරි..මගේ මොන අඩුවක්ද.."

" බැහැ...කොහොම කිව්වත් බෑම තමයි..."

°
°
°
°
°
°

ජීයු යුංගිට කරපු යෝජනාව මොකද්ද..සත්තයි ඔයාලා හිතනෝ වගේ යෝජනාවක් නෙමෙයි කලෙ 😂😂

_VIKII_

 SILENT LOVERS ♡ || MYG ✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ