පලවෙනි එකවිම

324 34 7
                                    

පලවෙනි එක්විම.....❤️

             අප්පච්චිත් එක්කම එන නිසාන් සනී කාර් රථය ගේට්ටු පළු තුලින් ගෙවත්තට ඇතුලු උනේ මම සතිඅන්තයේ යන ගිණුම්කරණ පන්තියට සහභාගි වෙන්න ගෙදරින් පිටවිමට ටික වෙලාවක් තියෙද්දියී. මම පොත් බැග් එකත් කරේ දාගෙන අප්පච්චි ලගට ගියා.

         " අනේ පුතේ ඔයා යන්නත් ලැස්ති වුණාද ?"

         "ඔව් අප්පච්චි...... ක්ලාස් එක පටන් ගන්නවනේ දෙකට..."

         "මම මේ පුතාට කාල යන්න කෑම එකක් අරන් එන්න ගියේ.... සර්විස් එක කරලා නැති නිසාද කොහෙදෝ කා එක මග නතර වුනා පුතේ. ඒකෙන් පරක්කු වුණා....."

               අප්පච්චි කිව්වෙ එයා අතින් ලොකු වැරැද්දක් උනා වගේ. මට ගොඩක් දුක හිතුනා. මගෙ ඇස්වලට කදුලු පිරුනා. ඒ තරම් අසරණකමක් අප්පච්චිගේ වචනවල තියෙනවා.

         "කමක් නැහැ අප්පච්චි. මට මේක ක්ලාස් ගිහින් කන්න පුලුවන්.... ඒත් අප්පච්චිට... "

               
මම කෑම පාර්සලය අප්පච්චිගෙ අතින් ගන්න ගමන් එම ඇහැවා.හැමදාම කියනවා වගේ එයා අදත් මට බොරුවක් කියයි.

         "තව පැයකින් අප්පච්චිට මීටින් එකක්. මට මගින් මොනාහරි කන්න බැරියෑ... "

                  බොරුවක්. දන්නවා.එයා බඩගින්නෙ 😔 පපුව පිච්චුනා. මොනා කරන්නද ? මම තමා ස්කූල් යන දරුවෙක්. එක හින්දා අප්පච්චිගෙ බඩගින්න නිමන්න මම කොහොමද උදව් කරන්නෙ?

           "යන්න යන්න දැන් නැත්තන් පුතාට පරක්කු වෙනවා...."

                      මම අප්පච්චිගෙ කකුල් දෙක වැද පාරට ආවා. හිත හයියෙන් අඩනවා.😔😔 යහම්පත් රඹුක්වැල්ල නොවේ නම් මගෙ ආදරණිය අප්පච්චි එයා තරම් ආදරණිය සැමියෙකු, පියෙකු මෙලොව තවත්  නැහැ කියන එක මම දන්නවා.

                        අම්මා අපි දෙන්නවා සදහටම තනිකරලා යනකොට මට අවුරුදු හයක ළමයෙක්. අත්තම්මායි අප්පච්චිගෙ පව්ලෙ අයයි අම්මා නැති වුන කාලේ යහම්පත් රඹුක්වැල්ලව දෙවෙනි කසාදයකට පොලඹවද්දි අප්පච්චි ඒක ඒකට එක හෙලාම අකමැතිවුනා. අප්පච්චි එම කලේ දෙවෙනි කසාදයක් කරගෙන මගෙ අම්මගෙ මතක මරලා දාන්න බැරි නිසයි.අප්පච්චිට ඔනි ඔනි උනේ මගෙ අම්මගෙ මතකත් එක්ක හැමදාම මාවත් රැකබලාගෙන ජිවත්වෙන්න.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 11, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

ඔබ එක්ක ආයෙත් Where stories live. Discover now