සිතළු - 3

Start from the beginning
                                    

.
.
.
.
.
.
.
.

තමා පුරා පැය දහ අටක් එක දිගට සැතපෙතැයි සීහශාලී අනුමාන නොකළා ය. ඇය සිත සන්සුන් කරගන්නා ආකාරය සැතපීම වූ අතර ඇය අලස කමින් දෑස් විවර කරන විට පස්වරු පහේ හෝරාව ද පසුව තිබුණි . පෙර එහි කිසිදු වැදගත් කමක් සිහි නොවූව ද අද දින ස්වයංවර සාදය වග සිහිපත් වීමෙන් ඇය නැගී සිටියා ය.

මහීධ පෙරදින රාත්‍රියේ පැවසූ වදන්වලින් පසුව ඇය ස්වයංවරය පැවැත්වෙන ශාලාව දෙසට පස් පෑගිම පවා ප්‍රතික්ශේප කළා ය. ඇය සන්සුන්ව ස්නානය කර සිය තෙත කෙස් වැටිය වියළෙන තුරු ඉවසීමෙන් බලා සිටියා ය.  නමුත් අැයට බාධා කරමින් ධනුර්මානගේ හඩ කුටියෙහි ද්වාරයට ඔබ්බෙන් ඇසෙන්නට විය.

'' ශාලි !! ඔබ සූදානම් වූවා ද ? පිටතට පැමිණෙන්නේ නැති ද ? ''  ධනුර්මාන ද්වාරයට තඩිබාමින් විමසනු සීහශාලී අසා සිටියා ය.

'' මා යන්නේ නැහැ ඔය මගුල් සක්වලට !!! '' සීහශාලී ගිගිරුවේ කුටියේ අගුළු දමා ඇති ද්වාරයන් විවර කිරීමට වෙහෙස නොවෙමිනි .

'' ඒයි.. යක්ෂණී,. කුමක් ද පවසන්නේ ? නුඹේ වස්ත්‍ර මිලදී ගැනීමට සමස්ත නුරුපුරම සංචාරය කළා මා !!! ඇදගෙන පැමිණෙනවා.. '' ධනුර්මාන ද්වාරයෙන් පිටත සිටම කෑගසනු සීහශාලිට ඇසුණි .

'' නොහැකියිඊඊ නොහැකියිඊඊඊ නොහැකියිඊඊඊ '' සීහශාලී කැගැසුවා ය.

'' ආා..... මෙහි පැමිණෙනවා.. නැති නම් මා නැවත කතාවක් නැහැ නුඹ සමග... '' ධනුර්මාන රෞද්‍ර ස්වරයෙන් අනතුරු ඇගවූයේ ය.

'' ධනුර්.. අර්ර් !!! '' සීහශාලී ඇමතුව ද ද්වාරයට ඔබ්බෙන් හඩක් නොනැගුණේ ය. ධනුර්මාන යමක් පැවසුවහොත් එය එලෙසම සිදු කරන්නෙකු විය .

'' ආහ් %^&& !!!! සීහශාලී නොරිස්සීමෙන් නැගී සිටියේ අවසානයේ හෙණ ගැසීමට හෝ සාදයට සහභාගී වීමට ඉටා ගනිමිනි .

ඇය කැඩපත ඉදිරියේ ප්‍රථම වතාවට තරමක උනන්දුවෙන් සිටගත්තා ය. උඩුකය අසළටම ස්වේත පැහැ සාළුවකින් අවරණය වී තිබූ සිය සිරුරෙහි හිරු රශ්මියට පිළිස්සී අව පැහැ ගැන්වී තිබූ සමේ පැහැය දෙස ඇය බලාපොරොත්තු කඩ වූ බැල්මක් හෙළුවා ය. තමා මින් පෙර සිය සමේ පැහැය පිළිබද වද නොවූයේ මන්දැයි ඇය දැඩි කළකිරීමෙන් තමාගෙන්ම විමසුවා ය.

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Where stories live. Discover now