සිතළු - 3

Começar do início
                                    

'' සුළු පියාණන් !!! කදිමයි.. නුඹට ඇසුණානේ ශාලී එය ? සුළු පියාණන්ට පවසනවා ඔබේ මින් පසුව යමක් වටහා ගන්නා ආකාරය !!! සියල්ලටම ප්‍රථම ද්වාරය ද විවර කරගෙන කුටිය තුළට පැමිණ සියල්ල වැරදි ලෙස වටහාගෙන සියලුම දාසියන් ද ඉදිරියේ ඇයව වෛශ්‍යාවක් ගණනට දමා කුමරියකගේ ගෞරවය කෙලෙසීමට පෙර !!! '' ධනුර්මානගේ වදන් මහීධ වෙත එල්ල වූ හීතල මෙන් වූ අතර ඔහු තරමක් කම්පනයෙන් ඇසි පිය හෙලුවේ ය .

ඔහු සිය දෑසගින් වටපිටාවට බැලුම් හෙලූ අතර සිය දාසියන් නොව මාළිගයේ අනෙක් දාසියන් ද සීහශාලීගේ කුටිය වටා රැස්ව සිටිනු දැකීමෙන් මහීධ තරමක් තිගැස්සී ගියේ ය.

'' ධනුර්.. ඇති.. !!!!!!!!!!!!!! සියලු දෙනා පිටවනවා.. මේ කොහි ද යනවග අමතක ද !!!! කිසිවෙකුට අවසරයකින් තොරව මෙහි රැදී සිටිය නොහැකියි !!! පිටවනවා !!!!!!!!!!! දැන්ම !!!!!!!!!  '' සීහශාලී සියල්ලන් වෙතම ගිගිරුවේ ඔවුන් සියලු දෙනා බිරාන්ත කරමිනි . ඇය කෝපගත් විට කෙතරම් දරුණු දැයි සියල්ලෝම දැන සිටියෝ ය.

සියලු දෙනා පිටව යනතුරු සිට ඔවුන්ගේ මුහුණටම මහ හඩින් ද්වාරය වසා දැමූ සිහශාලී ප්‍රථම වතාවට සිය කළු දිවියාට ද රැව්වේ ඔහු පුරු ගාමින් සිය දෙපා වටා දැවටෙද්දියි. සීහශාලී කිසිවක් නොපවසා සයනයට පැන දෑස් ද වසා ගත්තා ය. සිය අභිමානයට වූ කැළැල , මහීධගේ තෙතමනයක් නොමැති වදන් සීහශාලී රිදවා තිබුණි. නමුත් අය නොහැඩුවා ය.

ඇයගේ සිත දැඩි වූ අතර ඇය නොහඩා සිටීමට තරම් ශක්තිමත් ද විය . නමුත් වදන් සෑම විටම ඇයගේ තුවාලයන් පෑරුවේ ය. පහළොස් හැවිරිදි වියේ පටන්ම , මහීධ කෙරේ ඇයට වූයේ හුදු සහෝදර හැගීම් නම් නොවූ වග බුද්ධිමත් ඇය වටහාගෙන සිටියා ය. පෙර තමාව නිතර ඔසවා ගැනීමටත් කුමන කාර්යය තිබුණ ද තමා සිය උකුලමතට ගෙන සුරතල් කිරීම මග නොහරින මහීධ කෙමෙන් ඇයගෙන් දුරස්වීම ඇයගේ ඒකපාර්ශ්වික ප්‍රේමයට තවත් රුකුල් දීමක් මිස බාධාවක් නොවී ය.

ඇය සන්සුන්ව දෑස් වසා ගත්තේ සුවදායක දිගු නින්දක් අපේක්ෂාවෙනි . සැතපීමෙහි ලා තමා හා ක්ලූර මිදි ගෙඩියා සමකළ කිසිවෙකු නොවූ වග සීහශාලී දැනුවත් විය .

♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ] Onde as histórias ganham vida. Descobre agora