අග්නි 77

Start from the beginning
                                    

අවසානයේ මිධුනාථගේ තැවීම නිමා කරමින් තාලී හා සීහශාලී ද්වාරයන් අසළින් මතුවි ය. ඔහුගේ මුහුණෙහි ක්ෂණික සැනසිලි සහගත බවක් ඇදී ගිය අතර ඔහු සීහශාලී ඔසවා  ගැනීමට සුලෝධජට පෙර එදෙසට දිව ගියේ ය.
සීහශාලීගේ මුහුණෙහි ප්‍රීතිමත් සිනහාවක් ඇදී යනු ද ඇය ද එදෙසට දිව එනු ද මිධුනාථ බලා සිටියේ ය.

'' ඌවූ.. ක්ලූර මිදි ගෙඩියා.. '' සීහශාලී තමාව නුදුටුවාක් සේ පසුකර සිය සුරතලා වෙත දිවයනු මිධුනාථ බලා සිටි අතර සුලෝධජ දෙතොල් තද කරමින් සිය සිනහව අපහසුවෙන් වළක්වා ගත් ආකාරය ද මිධුනාථ හොදින්ම දුටුවේ ය. ඔහු කැත , අලස බඩ තඩි කළු දිවියා වෙත රැව්වේ ය. කළු දිවියා ද සීහශාලීගේ මුහුණ හා අතපය ලෙව කෑවේ සීහශාලී තවත් ඔහුව සුරතල් කරද්දීයි .

'' අහේම්.. සූර්ය පුෂ්පය... '' සුලෝධජ උගුර පෑදුවේ ය.

'' අඥාන ස්ලෝධජ ''  එවර සීහශාලී නැගී සිට සුලෝධජගේ බද පටියෙහි එල්ලෙමින් ඔහුව වැළදගනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු සීහශාලීට අවසානයේ හෝ තමා සිහිපත් වන තුරු බලා සිටියේ ය. අද දිනයෙහි කුමක් හෝ වරදක් තිබෙන වග මිධුනාථ සිතින් නොරිස්සීමෙන් පැවසුවේ ය.

'' ඌවූ,. පියාණෙනි... '' එවර සීහශාලී පැවසුවේ සුලෝධජගේ කරමත සිට මිධුනාථ දෙසට නැඹුරු වෙමිනි. මිධුනාථ සීහශාලී වෙත එවා ඇයව ඔසවා ගත්තේ ය. ඇය සිනාසෙමින් තමාට තුරුළුවනු මිධුනාථට දැනුණි . ඇයගේ කෙස් වැටිය තාලී විසින් පීරා පිළිවෙලකට ගෙතා තිබෙනු දක්නට හැකි විය . ඇය ගත වූ සතිය පුරාවට පෙරට ද වඩා බරින් වැඩිව තිබූ අතර තාලීගේ සියලු භෝජනයන් සදහා ඇය වගකියන්නට ඇති වග සිතා ගැනීමට මිධුනාථට අපහසු නොවී ය.

'' තාලි...සැබවින්ම ස්තූතියි.. '' සුලෝධජ පවසන තුරු තාලී එහි සිටි වග මිධුනාථට සිහිපත් නොවූ තරම් විය . ඔහු ද කිසිවක් නොපවසා සිය සුපුරුදු හැගීම් විරහිත මුහුණින් තාලි වෙත හිස මදක් නවා ආචාර කළේ ය. තාලී කිසිවක් නොපවසා සන්සුන් ලෙස සිනාසුණා ය.

සුලෝධජ කෙතරම් රැදී සිටින ලෙස පැවසුව ද තාලි ඔහුගේ ආරාධනය ඍජුව ප්‍රතික්ෂේප කළා ය. සුලෝධජ වරක් රෞද්‍රව ද පැවසුව ද තාලී මාළිගයේ රැදී සිටීම ප්‍රතික්ෂේප කළේ ඇයගේ සැහැල්ලු දිවිය පිළිබද ඇය තුටුවන වග පවසමිනි . අවසානයේ සීහශාලී ද ඇයට පිටව නොයන ලෙස පවසමින් හැඩීමට වූ අතර අවසානයේ සීහශාලී සෑම සතියක් පාසා තාලී බැහැදැකීමට රැගෙන යන වග පවසමින් ඇයව සැනසීමට සුලෝධජට සිදු විය .

♛ අග්නි ♛Where stories live. Discover now