''ශාලී නැගී සිටීමට පෙර අප පිටවෙමු මිධුනාථ.. ?? '' සුලෝධජ එවර තරමක් බැරෑරුම් ලෙස පැවසුවේ ය. මිධුනාථ නිහඩව හිස සැලුවේ ය. සුලෝධජ නැවතත් සීහශාලී දුටුවහොත් ඔහුට පිටවයාමට සිත එකග කර ගත නොහැකි වන වග මිධුනාථ දැන සිටියේ ය. තමාට ද එය එලෙසම වූ වග ද ඔහුගේ යටිසිත පැවසී ය.
'' තාලී ? '' මිධුනාථ එවර විමසුවේ ය.
'' ඇය දන්නවා කළ යුතු දේ.. '' සුලෝධජ පැවසුවේ නැගී සිටිමිනි . මිධුනාථ නිහඩව හිස සලා සුලෝධජ සිපගැනීමට සැරසුණ ද ඔහු සිය දෙතොල් මත දබරගිල්ල තබා තමාව වැළැක්වූයේ ය.
'' ගාන්න එපා කුණු ඛේටය ඔබේ !!! '' සුලෝධජ මෘදුව සිනාසෙමින් තරවටු කළේ ය . එවර මිධුනාථ සුලෝධජ වෙත රවමින් නැගී සිටියේ ය.සුලෝධජ නැවතත් කෙතරම් දෑස් විශාල කරමින් ඉල්ලා සිටිය ද තමා ඔහුව සිප නොගන්නා වග මිධුනාථ දැඩිව අධිෂ්ඨාන කරගෙන හමාර විය . දඩුවමින් තොර හික්මීමක් ද නැති වග මිධුනාථ තනිවම තීර්ණය කළේ ය.
'' ආ හා.. ලුණු -ඇඹුල් -මිරිස.... කෝපගත්තා ද.. හරි හරි..කෝ. පැමිණෙන්න.. සිපගන්න..ඌම්... '' සුලෝධජ දෑත් ද දිගු කරමින් පැවසුව ද මිධුනාථ වරක් හෝ ඔහු දෙස බැලීමට ද වෙහෙස විය . තමා දුරදිග නොසිතා සිදු කළ ද අවසානයේ තමාට උදෑසන සිපගැනීම අහිමි වූ වග වටහා ගත් සුලෝධජ අඥානයෙකු සේ හිස ද කසමින් දෙතොල් උල්කළේ ය.
මිධුනාථ කුඩා උණ බට පීල්ලෙන් සිය මුහුණ සෝදාගත්තේ ය. අනතුරුව රවා සුලෝධජ සිටි ස්ථානයට ගොස් සිය අසිපත ද රැගෙන නාසය ද පුම්බමින් නැගී සිටියේ ය. ඔහු ගෙපැල දෙසට එක් වරක් බැල්මක් හෙළුවේ ය. සුලෝධජ ද එදෙසට ගැඹුරු බැල්මක් හෙලනු මිධුනාථ දෑසගින් දුටුවේ ය.
ඔවුන් නැවතත් නොපැමිණියහොත් , සීහශාලී තබා යාමට විශ්වාසී එකම ස්ථානය තාලී සමීපයේ විය. නමුත් ඔවුන්ට නැවත පැමිණීමට නොහැකි වුවහොත් සීහශාලී දැකීමට වන අවසන් අවස්ථාව ද එය බව සුලෝධජ හා මිධුනාථ දෙදෙනාම තරමක් කම්පනයට පත් කළේ ය. සීහශාලී අවදි වීමට පෙරම යාම මිධුනාථට තරමක් අපහසු වුවද ඔහු කිසිවක් නොපවසා කඩුල්ලෙන් ද පැන්නේ සුලෝධජව ද නොතකමිනි . තවත් මෙහි රැදුනහොත් පිටව යාමට සිත එකග කරගත නොහැකි වග මිධුනාථ දැන සිටියේ ය.
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...
අග්නි 73
Start from the beginning