දවසක් Physiotheraphy ඒරියා එකේ මම ඩොක්ටර්ස්ලා දෙන්නෙක්ගෙ උදව්වෙන් ඇවිදමින් හිටියෙ crutches නැතුව..සන්හී මං පොඩ්ඩ පොඩ්ඩ අඩිය තියන විදිහ දැකලා හයියෙන් අත්පුඩි ගැහුවා..ඒත් ඇයි ඒ ඇස්වල ලොකු සතුටක් මං නොදකින්නෙ?මං theraphy කරන කාලය ඇතුළත නිරන්තරයෙන් මගෙ ඇස් තිබ්බෙ සන්හීගෙ පැත්තට..ඒ අතරෙ මං දැක්ක දේ මාව පැටලිලි ගොඩකට මැදි කළා වගේ..
සන්හී ගාව හිටගෙන හිටියෙ ලේඩි ඩොක්ටර් කෙනෙක්..ගොඩක් වෙලාවක ඉඳන් ඒ දෙන්නා අතරෙ තිබ්බෙ ලොකු කතා බහක්..සන්හී බිම බලාගෙනම මොනා හරි කියද්දි එයා ගාව හිටගෙන හිටිය ඩොක්ටර්ගෙ ඇස්වලින් කඳුළු වෑස්සුණා..සන්හී ඩොක්ටර් දිහා බලන් හිටියෙ හරිම ලෙන්ගතු විදිහට..එයාම ඒ ඩොක්ටර්ගෙ කඳුළු පිහිදැම්මෙ පොඩි හිනාවක් මූණෙ රන්දගෙන..මොනවා ගැනද කතා කරන්නෙ?ඒක එයාලගෙ පෞද්ගලික කතාවක් වුණත් මට දැනුනෙ ඒ ඩොක්ටර් අඬන්නෙ සන්හී වෙනුවෙන් කියලා..ඒක මගෙ හිත නොසන්සුන් කළා..
"මගෙ සන්හී හොඳින් ද?"ඒ ප්‍රශ්නය මගෙ හිතින්ම මම ඇහුවෙ ඒ කතාබහට හවුල් වෙන්න මට අයිතියක් නැති නිසා..සන්හී එකපාරම මගෙ දිහා බලලා ලස්සනට හිනාවුණා..ඒ හිනාව..ඒ ඇස් දෙක..මාව පාලනයෙන් තෙර කරනවා..ඒත් මේ හොස්පිටල් එක ඇතුළෙ අපිට සීමාවක් තියෙනවා..ආදරෙන් ඔය දෙතොල් සිපගන්න ඕනෙ වුණත් මට ඒක කරන්න බෑ..වරුවක් විතර තුරුළු කරගන්න ඕනෙ වුණත් ඒක කරන්න බෑ..ඔයා ඉක්මනින් සනීප වෙන්න සන්හීයා..ඔපරේෂන් එකෙන් පස්සෙ ඔයා මගේමයි..ඔයාව සතුටින් තියන්නම් සන්හීයා..මුළු ජීවිත කාලෙම..
තෙරපි ඉවර වෙලා මං සන්හීත් එක්ක එළියට ආවෙ crutches වලින්මයි..එයාගෙ මූණ විඩාබරයි..නොපෙන්නා ඉන්න හැදුවත් එයාගෙ මැලවුණ මූණෙ තිබුණෙ ලොකු වෙහෙසකර පෙනුමක්..ඇයි මට හිතෙන්නෙ..එයා අනිත් හැමෝම දන්න දෙයක් මගෙන් වසන් කරනවා කියලා..
"සන්හී ඔයා හොඳින් ද?"එයාගෙ වෙනසක් දකින් හැමවෙලාවෙම මං එහෙම අහන්න පුරුදු වෙලා හිටියා..ඒ හැමවෙලාවෙම එයාගෙ උත්තරේ එකමයි..
"මං හොඳින්.."
අදත් කිව්වෙ ඒකමයි..ඒත් බොරු..ඔයා හොඳින් නෙමෙයි ඉන්නෙ..මොකක්ද ඔයා මගෙන් හංගන්නෙ?
YOU ARE READING
Autumn Leaves | Jungkook Centric | Completed
Fanfictionතවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-
Chapter 6
Start from the beginning