"ඔයත් දවසක එයා වගේ කෙනෙක් වෙනවද ජන්ග්කුක්?"සන්හී මගෙන් ඇහුවෙ ඒ බෝල ඇස් මගේ පැත්තට හරවගෙන..තද කළු පාට කොණ්ඩෙට තද කළු පාට ඇස් දෙක..ඇත් දළ පාට හම..සන්හී හුඟක් ලස්සනයි..

"අහ්..අපිට එච්චර නම් දුර යන්න බැරිවෙයි..එ්ත් අපි උපරිම උත්සහා කරනවා.."මං කිව්වා..

"අනිවාරෙන්ම දවසක ඔයාලා ඒ වගේ වෙනවාමයි ජන්ග්කුක්..ඔයාට පුළුවන්..හ්වයිටින්.."සන්හී අත මිට මොලවලා මට චියර් කළා..මට එයාගෙ වචන ලොකු ශක්තියක් ගෙනාවා..ඒත් මට ඒ වෙලාවෙ හිතුණෙ ඒ හීනෙ තියෙන්නෙ අපිට අල්ලන්න බැරි මානෙක කියලයි..

මං අහස දිහා බැලුවා..අපිට මේතරම් විශාල ප්‍රසංගයක් කරන්න ලැබුණා විතරයි..තව මාස තුනයි..ඒත් එහෙම තිබිලත් මේ මං කරගත්ත දේ..ඇයි මට බැරි වුණේ සැලකිල්ලෙන් වැඩ කරන්න?මං නිසා හියොන්ලාගෙ මහන්සියත් අපතේ යයිද කියලා මට බයයි...මං කොහොමද මටම සමාවක් දීගන්නෙ?

"I hate myself.."නොදැනිම මගෙ කටින් එහෙම කියවුණේ හිතේ මං ගැනම තිබබ තරහට..

"Love Yourself.."මගෙ එහාපැත්තෙන් ඇහුණ කටහඬත් එක්ක මම සන්හී පැත්තට හැරුණා.

"ම්වො?"

"මට ඔයාව ඇහුණා.."සන්හී කිව්වා..මං බිම බලාගත්තෙ මට දැනුන හිස් බව නිසාමයි..

"දන්නවද ජන්ග්කුක්..මං දන්නෙ නෑ ඔයා ඔයාටම වෛර කරගන්න හේතුව..ඒත්..තමන්ට ආදරේ කරගන්න බැරි කෙනාට වෙන කාටවත් ආදරේ කරන්න බෑ..ඔයා ඔයාටම වෛර කරන්නකොට කොහොමද අඩුම තරමේ අනාගතේ ඔයාගෙ වයිෆ්ට..දරුවන්ටවත් ආදරේ කරන්නෙ?විශ්වාස කරන්න..ඔයා ඔයාටම ආදරේ කරගන්න...එදාට ඔයා මුළු ලෝකෙටම ආදරේ කරයි.."

සන්හීගෙ වචන දියපාරක් වගේ හරිම පැහැදිලියි..එයාගෙ ඇස්වල තිබ්බ පැහැදිලි බවත්..කටහඬේ ගැබ් වෙලා තිබ්බ තියුණු ගතියත් එයාගෙ ඒ වචන මගෙ අන්තිම මොහොත වෙනකම්ම රන්දන්න තරම් වුණා..

මට දැනුනෙ හරි දුර්වල බවක්..සන්හීගෙ වචන...මාව ශක්තිමත් කළා ව⁣ගේම ම⁣ගේ ආකල්පය ගැන මාව දුර්වල කරා..ඇයි මට බැරි වුණේ සන්හී වගේ හිතන්න..

එදා සන්හී කියපු දේවල් මගෙ ජීවිතේට මේ තරම් ආශිර්වාදයක් වෙයි කියලා මං හිතුවෙ නෑ..වැටෙන හැම වෙලාවම මං නැගිට්ටෙ සන්හීගෙ වචන නිසා..මං විතරක් නෙමෙයි...නොදැනුවත්ම වුණත් මුළු ලෝකයකට හයිය දුන්නෙ සන්හීගෙ සිතුවිලි..

Autumn Leaves | Jungkook Centric | CompletedWhere stories live. Discover now