අග්නි 70

Start from the beginning
                                    

'' නැහ්.. නැහ්. සීහශාලී සුවෙන්... '' ඇය සන්සුන්ව පැවසුවේ මිධුනාථගේ හස්තයෙහි එල්ලෙමිනි . 

'' මා.. ''

ඇය තවත් කුමක් හෝ පැවසීමට පෙර ක්ෂණීක හී තලයක් තමා ඉදිරියේ සිටි ප්‍රධානියාගේ පපුව පාසරු කරගෙන ගොස් ඔහු දණින් ඇද වැටෙනු මිධුනාථ දුටුවේ ය. ඔහු යමක් සිතා ගැනීමට පෙර සීහශාලී වෙත පැමිණෙන හී තලය ද ඔහු දුටුවේ ය.

මිධුනාථ තවමත් කම්පනයෙන් සෙබළ ප්‍රධානීයා දෙස බලා සිටි සීහශාලී ආරක්ෂාකාරීව පසෙකට ඇද ඇයව ඉක්මනින් ඔසවා ගත්තේ තමා වටා චක්‍රාධාරක වළල්ලක් ගොඩ නගාගනිමිනි . මාළිගයේ පිවිසුම් ද්වාරවල සිටි සියළුම දෙබළුන් , මුව ආවරණ කරගත් කණ්ඩායම හා ගැටීම ආරම්භ කළේ සමස්ත ඉදිරිපස ආලිංගනයටම එක් මොහොතක් තුළ යුද්ධ පිටියක් කරමිනි .

රණ සක් නාදය එය ආක්‍රමණයක් වග තහවුරු කරවූ අතර ඔවුන්ගේ මුහුණ වැසී තිබූ ලෝහිත පැහැ රෙදි කඩින් ඔවුන්ගේ ස්වාමියා කව්රුන් දැයි මිධුනාථ හදුනා ගත්තේ ය.

මිධුනාථ එවර සිය අසිපත සුරතට ගත්තේ සීහශාලීව මදකට බිමින් තබමිනි. ඇයව ප්‍රවේසමින් සිය පිටිපසට කරගත් මිධුනාථ තමා වෙතට පහර එල්ල කරමින් සිටි ප්‍රහාරයකයන් දෙදෙනා වෙත කායිකව මෙන්ම මානසිකව ද ප්‍රහාර එල්ල කළේ ය.

සීහශාලී මද වෙලාවක් සිය බද පටියෙන් අල්ලාගෙන සිටිය ද ඇය ඉක්මනින් තමාට සහය වෙමින් බද පටිය අතහැරි අයුරු මිධුනාථට දැනුණි . මිධුනාථ සෑම මොහොතකම ඇය පිළිබද දැඩි අවධානයෙන් පසු වෙමින් ප්‍රතිප්‍රහාර එල්ල කළේ ය.

සීහශාලී දක්ෂ ලෙස ඔවුන්ට පිටිපසින් පහර දුන් ප්‍රහාරකයාගේ වැලමිට අසළට ප්‍රහාරයක් එල්ල කළා ය.  ඇයගේ ප්‍රහාරයෙන් ඔහුගේ අසිපත ගිලී යන ආකාරය මිධුනාථ දුටුව ද ඇයට තවමත් පෙරළා සටන් කරගත හැකි තත්වයක් නොවූ වග ඔහු දැන සිටියේ ය.

මිධුනාථ එවර ඇයව ඉක්මනින් ඔසවා ගත්තේ ය . ඔහුගේ එක් හස්තයක අසිපත වූ අතර අනෙක් හස්තයෙන් ඔහු සීහශාලී ඔසවා ගත්තේ ය. ප්‍රහාරකයන් මාළිගයේ නිරායුධ දාසයන් ද අනුකම්පාවිරහිතව ඝාතනය කරනු මිධුනාථ කම්පනයෙන් බලා සිටියේ ය. ඔහු හැකිපමණක් බේරා හැරිය ද සීහශාලී සමගින් සටන් වැදීම ඔහුට සිදු කළ නොහැක්කක් විය .

♛ අග්නි ♛Where stories live. Discover now