"ඔම්මා..මට කකුල හොල්ලගන්න බෑ.."මං කිව්වෙ ඔම්මාගෙන් උත්තර ඉල්ලනවා වගේ..ඔම්මා හියොන්ලා දිහාට හැරුණා..හියොන්ලා බිම බලාගත්තෙ මගෙන් හැංගෙන්න වගේ..

"වේ??උත්තර දෙන්නකො ඔම්මා..ඇයි ඒ?"මං ඇහුවා..එතකොටයි මම දැක්කෙ මගෙ කකුල වළලුකර වෙනකම් බැන්ඩේජ් කරලා තියෙනවා..

"ජන්ග්කුක්..ඔයාගෙ කකුල සනීප වෙන්න ටික දවසක් යයි පුතා.."ඔම්මා කිව්වා..

අන්ද්වේ..එහෙම වෙන්න බෑ..එච්චර දවසක් මට නිකන් ඉන්න බෑ..තව මාස තුනකින් අපි සාර්ථක concert එකක් කරන්න ඕනෙ..මං ප්‍රැක්ටිස් කරන්න ඕනෙ..මං ඩාන්ස් කරන්න ඕනෙ..

"බෑ..මට නැගිටින්න ඕනේ..මාව මෙහෙන් එක්කගෙන යන්න..මට මෙහෙ ඉන්න බෑ හියොන්.."මං කෑ ගැහුවෙ නැගිටින්න හදන අතරෙදි..අතට විදලා තිබ්බ සේලයින් කටුව ගැලවිලා එතනින් ලේ විද්දෙ අතට පොඩි හිරිවැටීමකුත් එක්ක..

"ජන්ග්කුක්..නැගිටින්න එපා.."

"අන්ද්වේ..මට නැගිටින්න ඕනෙ.."මං නවතින්නෙ නැතුවම ඇඳෙන් බහින්න හැදුවා..ඒත් හියොන්ලා මගෙ අත්වලින් අල්ලගෙන මාව ඇඳට තද කරා..ඒ එක්කම වගේ රූම් එකට දුවගෙන ආව ඩොක්ටර් කෙනෙක් මාව අල්ලගෙන මගෙ අතට ඉන්ජෙක්ට් කරා..ඒකෙන් මගෙ ඇඟ අඩපණ වෙනවා කියලා මට දැනුනා..වටේ පිටේ සේරම බොඳ වෙනවත් එක්ක ආයෙත් පාරක් මගෙ ඇස් පියවෙලා ගියා..

*************

මං ආයෙත් ඇස් අරිනකොට මගෙ ඇඳ ගාව හිටගෙන හිටියෙ පීඩී සර්..පීඩි සර් මං දිහා බලලා හිනාවුණේ හැමදේම හරි කියන්න වගේ..

"පීඩී සර්..."මං කතා කළේ ඇස්වල කඳුළු පුරවගෙන..මගෙ හීනේ..මගෙ හියොන්ලාගෙ හීනේ..කවදාහරි දවසක ලෝක ප්‍රසිද්ධ ගායකයෝ වෙන එක..ඒකට අපි අවුරුදු ගානක් මහන්සි වුණා..නොකා නොබී..හරිහමන් නින්දක් නැතුව අපි පැය ගණන්..වරු ගණන් ප්‍රැක්ටිස් කරන්න ඇති..ඒත් ඒ හැම මහන්සියක්ම වතුරෙ යන්නද යන්නෙ?මං නිසා...

"අපෝ කොල්ලො..මොකෝ මේ අඬන්නෙ ‌පොඩි එකා වගේ?"පීඩි සර් හිනා වෙවී මං ගාවින් වාඩි වුණා..

"මියන්හේ පීඩී සර්..මේක මගෙ වැරැද්ද..මං නිසා හැමදේම නැති වෙයි..ඔයාගෙ කැපවීම..අපේ මහන්සිය..සේරම නැත්තටම නැති වෙලා යයි.."මං කිව්වෙ වැරැද්දක් කරා වගේ බිමට හැරුණ ඇස්වලින්..පීඩි සර් මට හෙඩ්බෝඩ් එකට හේත්තු වෙන්න උදව් කළා..එයා මගෙ උරහිස උඩින් අතක් තියාගත්තෙ හයියක් වෙන්න වගේ..

Autumn Leaves | Jungkook Centric | CompletedWhere stories live. Discover now