අග්නි 64

Zacznij od początku
                                    

මිධුනාථ හැරී බැලීමට හෝ වෙහෙස නොවී ය. ඔහු සුලෝධජ සම්පූර්ණයෙන්ම නොතැකුවේ ය.  සුලෝධජ නැවතත් ලෝහ බදුන භාවිතයකින් තොරවම දඩාස් හඩින් පසෙකින් තබනු මිධුනාථට ඇසුණි . ඔහු කෝපගත් වග වටහා ගැනීම මිධුනාථ අපහසු නොවුණි .

සුලෝධජගේ තීව්‍ර පියවර හඩ කුටියෙහි අනෙක් පස තෙක් දෝංකාර දෙමින් දිව යනු මිධුනාථ අසා සිටියේ ය. ඔහු සෙමින් දෑස් විවර කළේ ය. ඔහුගේ නාහෙට නාහන අකීකරු කාලවර්ණ දෙනෙත් නැවතත් සුලෝධජ වෙතට යොමු විය . ඔහු සන්සුන්ව සිය ආභරණ සියල්ල ගළවා පසෙකින් තබනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු ඒ වන විට ද ධවල  පැහැ රාත්‍රී වස්ත්‍රවලින් සැරසී සිටිය වග මිධුනාථ දුටුවේ ය.

ඉකුත් සත්වසර සුලෝධජ තුළ සිදු කර තිබූ වෙනස මිධුනාථ නිරීක්ෂණය කළේ ය. ඔහුගේ පෙර වූ අපිළිවෙල ගතිය මදකදු ගෑවි හෝ නොතිබූ අතර ඔහු සියල්ලම උවමනාවටත් වඩා පිළිවෙලට සිදු කළේ ය. ඔහුගේ කෙස් වැටිය පෙර සේම තරමක් දිගින් යුතු වූ අතර පිළිවෙලකට පීරා තිබුණි . ඔහුගේ පෙර වූ හැඩපළු ගෙතුණු කෙස් වැටිය හා සැලකීමේ දී එය පැහැදිලි වෙනසක් විය . 

සිය උරහිස අසළින් දැනෙන වේදනාව දැඩි වූ බැවින් මිධුනාථ නැවතත් පහසු ඉරියව්වකට පැමිණියේ ය. ඔහු සිය උරහිස මදක් අල්ලා ද බැලූ අතර එහි වේදනාව හැගීම් විරහිත මුහුණින් ඉවසුවේ ය. එය හෙට දින වන විට සුව වන වග මිධුනාථට විශ්වාස විය .

'' කුමක් ද තමුන්ට අවශ්‍ය ? '' මිධුනාථ වදනින් වදන විමසුවේ ය. ඔහුගේ හඩ රෞද්‍ර හා දැඩි විය . සුලෝධජ තමාට පිළිතුරු දීමට මදකුදු වෙහෙස නොවීම මිධුනාථ තවත් කෝප ගැන්වූවේ ය. කෝපය වනාහී  ඔහුගේ නිත්‍ය ලක්ෂණයක් විය .

සුලෝධජ සිය අසිපත සුරතට ගෙන නිහඩවම නැවතත් කුටියෙහි ද්වාරය දෙස ඇවිද යනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු ද්වාරය ද විවෘතව තිබියදීම පිටව යනු මිධුනාථ බලා සිටියේ ය. මිධුනාථ කෝපයෙන් හස්තය මිට මොළවා ගෙන සිටියා විනා කිසිවක් නොපැවසුවේ ය.

තමා හෙට දිනම මින් පලා යන වග මිධුනාථ තමා වෙතම සපථ කර ගත්තේ ය. ඔහුට සුලෝධජ දැකීමට හෝ ඇවැසි නොවී ය. සියල්ලෙන් ඈතකට ගොස් දුරස්ව සිටීම යහපත් යැයි මිධුනාථ උපකල්පනය කළේ ය.

♛ අග්නි ♛Opowieści tętniące życiem. Odkryj je teraz