අග්නි 64

Start from the beginning
                                    

ඔහු කෙතරම් මනස සන්සුන් කිරීමට උත්සහ කළ ද සුලෝධජ වේගයෙන් හුස්මගන්නා හඩ මිධුනාථගේ දෙසවන් හරහා පැමිණ ඔහුගේ මනස ව්‍යාකූල කරවී ය. සිය උරහිසෙහි අබාධය නොතිබී තමා සුවෙන් සිටියේ නම් ඔහු මෙම ස්ථානයෙහි තවත් එක් මොහොතකදු රැදී නොසිටින වග මිධුනාථ දැන සිටියේ ය. සුලෝධජහට මෙම ස්ථානයෙන් පිටව යන ලෙස කෑගැසීමට මිධුනාථට අවැසි වුව ද මෙය අවසානයේ ඔහුගේ රාජකීය යහන් ගර්භය විය .

තරුණිය නගන කිංකිණි සිනහා මිධුනාථට නියගලා අල සිහිපත් කරවී ය. ඔහු කෝපයෙන් හස්තය මිට මොලවා ගත් අතර කෝපය පරයමින් නැගෙන වේදනාවට ඔහු නැගී සිටීම ඉඩ නුදුන්නේ ය.

ඔහු වේගවත් සිප ගැනීම් ශබ්දය නෑසුනා සේ දෑස් ද තදින් වසාගෙන සයනයෙහි ගුලි විය . ඔහුගේ හස්තයෙහි දැඩිව කැටපෝලය ගුලිවී තිබුණි . සුලෝධජ මින් පෙර අශාලා සිප ගනු මිධුනාථ බලා සිටිය ද ඒ ඔහු දැන සිටි සුලෝධජ විය . ඔහු අශාලා සිපගැනීමේ දී වුව ද ඔහුගේ දෑස්වල ගැඹුරු බැල්ම තමා දෙසට එල්ල වී තිබූ අකාරය මිධුනාථ පැහැදිලිව දුටු මුත් මෙවර සුලෝධජ තමා දෙස බැලීමට හෝ වෙහෙස නොවූ තරම් කාර්යබහුල විය .

'' අදට ප්‍රමාණවත් සොදුරිය... '' සුලෝධජ සිප ගැනීම වළක්වමින් පවසනු මිධුනාථට ඇසුණි .

'' උතුමාණෙනි..... '' තරුණිය නොරිස්සුම් සහගත ලෙස කෙදිරිලි නගනු ද මිධුනාථගේ කෝපය හා වේදනාව දෙකම යළිත් අවුස්සා දැමී ය. නමුත් ඔහු වදනකුදු නොපවසා කිසිත් නොවුණා සේ සිටියේ ය. ඔහු දෑස් ද තදින් වසා ගත්තේ ය.

'' පසුව... දැන් පිටවන්න..... '' සුලෝධජ එවර තරමක් දැඩිව අණ කර සිටියේ ය. ඔහුගේ අණ දෙවරක් ප්‍රශ්න කිරීමට තරම් තීර්ථ මාළිගයෙහි කිසිවෙකු නිර්භීත නොවී ය.  තරුණිය සුලෝධජ වෙත ආචාර කර පිටව ගිය පසු සුලෝධජ ශිලා ද්වාරය තනිවම වසා දමනුද මිධුනාථ අසා සිටියේ ය. ඔහු කුටියෙහි පහන් ද දැල්වූ වග එය තරමක් ආලෝකමත් වීමෙන් මිධුනාථ වටහා ගත්තේ ය. ඔහු දෑස් වසාගෙන නින්දේ පසු වූවාක් සේ සිටියේ ය.

'' මධුවිත ?? '' සුලෝධජ රළු ස්වරයෙන් විමසුවේ කැටයම් සහිත ලෝහ බදුන දෑතට ගනිමිනි . නිසැකවම තමා අවධියෙන් සිටි වග සුලෝධජ දකින්නට ඇති වග මිධුනාථ වටහා ගත්තේ ය

♛ අග්නි ♛Where stories live. Discover now