අග්නි 64

Start from the beginning
                                    

ඔහු කෙතරම් රළු වුව ද සීහශාලී සතුව ඔහුගේ යටපත්ව ගිය ස්වරූපය සැගව තිබීම ද මිධුනාථට පැටළලි සහගත විය . සුලෝධජට සීහශාලී වෙත ඇත්තේ ශක්තිමත් බැදීමක් වග ඔහු සීහශාලී දැකීමෙන්ම පමණක් අනුමාන කළේ ය. ඇය එතරම්ම තමා දැන සිටි සුලෝධජ මෙන්ම විය . සුලෝධජගේ සියලු ලක්ෂණ සීහශාලී සොරාගැනීම ඔහු රෞද්‍ර වීමට හේතුව වග පවසමින් මිධුනාථ සීහශාලී වෙත බොළද ලෙස චෝදනා කළේ ය.

කුටිය පිටතින් ඇසුණු බරැති පියවර ශබ්දය මිධුනාථගේ සිතිවිලි බිද දැමුවේ ය. දාසයන් නිහඩ වූ ආකාරයෙන් ඒ කව්රුන්දැයි මිධුනාථ එක්වරම හදුනා ගත්තේ ය. ඔහුට එදෙස බැලීමට කිසිදු අවශ්‍යතාවයක් නොවී ය. තමාට නැගී සිටීමට හැකි තත්වයක් තිබුණි නම් ඔහු මොහොතකදු මෙකී අපායෙහි රැදී නොසිට තීර්ථ මාළිගයෙන් ඈතකට පලා යන වග මිධුනාථට විශ්වාස විය .

සුලෝධජගේ පියවර කුටියෙහි ද්වරය අසළදී තරමක් මන්දගාමීවනු මිධුනාථට ඇසුණු අතර ඒ සමගින් ඇසුණු පා සළඹෙහි කිංකිණි නාදයට ඔහු තරමක් වික්ෂිප්ත ස්වභාවයට පත් විය . ඔහුට එදෙසට නෙත් නොහෙළා සිටීමට ඇවැසි වූව ද සිය අකීකරු දෙනෙත් අනිච්ඡානුගවම එදෙසට හැරවෙනු මිධුනාථ විරුද්ධත්වයකින් තොරව අනුමත කළේ ය.

සුලෝධජ අදුරු හරිත පැහැය සහ ස්වේත පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි අතර ඔහුගේ බාහුව රූමත් තරුණියකගේ බද වටා දැඩිව වෙළී තිබෙනු දැකිමට මිධුනාථ අපෙක්ෂා නොකළේ ය. තමාට අැසුණු පා සලඹ නාදය කාගේදැයි මිධුනාථ වටහා ගත්තේ ය. ඔවුන් තමාට පිටුපා සිටිය ද ඔවුන් සිප ගනිමින් සිටින වග පැවසීමට මිධුනාථට දෙවරක් සිතීම අවශ්‍ය නොවී ය . තරුණියගේ දෑත් සුලෝධජගේ ගෙල වටා දැඩිව එතෙනුද මිධුනාථ බලා සිටියේ ය.

මිධුනාථගේ දෑත් නොදැනුවත්වම කැටපෝලය වෙතට යොමු වූ අතර ඔහු ඉක්මනින් සයනයෙහි අනෙක් පස හැරුණේ ය. සිය උරහිසින් දැනුණු වේදනාව පවා ඔහුට නොදැනෙන තරම් විය . ඔහු සිය දෑස් තරයේ වසා ගත් අතර කිසිවක් නොදුටු සේ සිය මනස සන්සුන් කරගැනීමට උත්සහ කළේ ය. සුලෝධජ හුදෙක් ආගන්තුකයෙකු වග මිධුනාථ සිය සිතට බලකොට පැවසී ය . නැත . සුලෝධජ සිය මලණුවන්ගේ ඝාතකයා වග මිධුනාථ දැඩිව තමා වෙතට පවසා ගත්තේ ය .

♛ අග්නි ♛Where stories live. Discover now