35 ( සැගවුණු නිළධාරියා )

563 125 20
                                    

My Litte King🦁🦁

ෂාන් යීබෝ තුරුළු කරගත් අතර යීබෝගේ නලල මත ලේ එන්නට විය...

"බෝ බෝ මගේ බෝ නැගිටින්න මේ මොකද???"

ෂාන් කෑගසන්නට විය..
ඒ වන විටත් යීබෝට සිහිය තිබුණෙ නැත..
මේ අතර මිතෝෂි Gun එක යීබෝ වෙතට යොමු කරන්නට විය..

මිතෝෂි වෙතට එමින් සිටි ෆෙයැමින් එය දැක වේගයෙන් ඉදිරියට පැන්නේය...
සැනෙකින් පා පහරක් මිතෝෂීට දුන් අතර එවිට ම මිතෝෂී තම අවසන් හුස්ම පොද  වා තලයට මුසු කලේය...

ඒ අතර Ambulance එකහි ශබ්දය ද සියලු දෙනාගේම කන් අතර දෝංකාර දුන්හ..

මරණ පරීක්ෂක දෙදෙනෙකු විසින් මාෂ්ලෝගේ මල සිරුර පරීක්ෂා කල අතර ප්‍රබල සාක්ෂි කීපයක් ම සොයාගෙන පැය කීපයකට පසු Bodys දෙකම ගෙන ගියේය..

මේ අතර යීබෝ ICU ඒක තුළ සැත්කමකට භාජනය වෙමින් සිටියේය...

ෂාන් තම අප්‍රාණික සිරුර අසල තිබූ බංකුවක් මතට හේත්තු කරගෙන සිටියේය.. ඒ අතර විටෙන් විට ඇසෙන ඉකි හඬකින් රෝහල් කොරිඩෝව දෝංකාර දෙන්නට වීය...

තවත් පසෙකින් තවත් අයෙකු මුහුණ මත ඇදී තිබූ හැඩුම් කදුළු පාරවල් සහිතව පසෙකින් දෑතින් හිස අල්ලාගෙන සිටියේය... එවිට ඉතාලි පොලිස් Uniform එකක් ඇද සිටි නිලධාරියෙකු පැමිණියේය..

" Sir... සේරම හරි නේද..??
Ok හරි .. සර් තවත් සර්ගෙ අනන්‍යතාවය හංගනව ද සර් මෙයාලටත්... ??

" මම කවුද කියන එක එයාලට වැදගත් නෑ..
මටත් වැදගත් Mr. Yibo හොදින් ඉන්න එකයි...

මම කරපු සේරම දේවල් වතුරෙ ගියා කියලා මට හිතෙන්නේ...
මං අවුරුදු ගානක් එයා එක්ක වැඩ කලා..
එයාව මට පුළුවන් විදියට පරිස්සම් කලා..
ඒත් ......ඔහු නැවත කුදුළු සැලුවේය..
මට ආදරේ වැඩක් නෑ..
මට වටින්නේ එයා හොදින් ඉන්න එකයි..
මම සතෙක් වගේ රගපෑවා තමයි..
ඒ සේරම මම කරපු චරිතෙ හැටියටයි..

ෂූයෑන් පිස්සෙකු සේ කියවාගෙන ගියේය...

සියල්ලන්ගෙන්ම සගවාගෙන වසර ගණනාවක් පුරා ඇමරිකාවේ රහස් පොලීසිය වෙතට ඉතාලි මාෆියාවේ රජෙකු වූ මාෂ්ලෝගේ තොරතුරු ඉතාලි රහස් සේවය හරහා වාර්තා කළ ඉහල නිලධාරියෙකු වන ෂූයෑන් මාෂ්ලෝගේ දකුණු අත ලෙස සිටියේය..

My Little King ( YIZHAN FF✔️🔚) Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα