💟Sleeping Love 💟 ( Suga 🐱)

169 42 3
                                    

ජිමින් ඔහොම අර ජනේලෙ ලගින් යද්දි දැක්කෙ යූන්ගිවයි ඉමාවයි. එයාලා තාම නිදි. ජිමින් ගිහින් අනිත් අයවත් එක්කන් ආවා.

"අපි ගිහින් දොර අරිමු" ඒ හොබී.

"පොඩ්ඩක් ඉමුකෝ. බලන්නකෝ ෂෝයි එකට නිදා ගෙන ඉන්න හැටි" කොකෝ කිව්වේ හිනා වෙලා.

"පූස් පැටව් දෙන්නෙක් වගේ අනේ.." ජිමින්ශී උඩ පැන්නා.

මෙයාලා මෙහෙම බලන් ඉද්දි අපේ නම්ජූන් ඔප්පාගෙ අත වැදිලා එතන තිබ්බ Vas එකක් බිම වැටුණා.

"ඩෝ....... න්"

ඒ සද්දෙට අර දෙන්නත් නැගිට්ටා.

" අයියෝ! නැගිට්ටානේ. මොකද කරේ අනේ නම්ජූන් ඔප්පා" ජිමින්ශී ඔලුවට අත තියා ගත්තා.

" අපි දැන් ගිහින් දොර අරිමු" ඔයා එහෙම කිව්වාම හැමෝම ගිහින් දොර ඇරියා.

"යූන්ගි මොකද මෙතන කරන්නේ? කවුද මේ?" ඒ හොබී.

යූන්ගි වෙච්ච හැමදේම කිව්වා.

ඇත්තටම කිව්වොත් ඉමාට කවුරුත් නෑ. ඉපදුන දවසෙම ඔම්මායි, අප්පායි නැති වුණා. ඉතින් එයා හිටියෙ තනියම. ඒක එයා යූන්ගිට කියලා තිබ්බා. යූන්ගි අනිත් අයටත් කිව්වා.

"ඉතින් ඉමා අපිත් එක්ක ඉන්නකෝ" ඒ සෞම්‍යා.

" කමක් නැද්ද? " ඉමා ඇහුවෙ දුකින් වගේ.

"ප්‍රශ්නයක් නෑඅනේ අපි යන්" කොකෝ එහෙම කිව්වෙ ඉමාගෙ අතින් අල්ල ගන්න ගමන් එක්කන් යන්න. එයාලා හොටෙල් එකට ගියා.

"ඔයා එතන ආපහු වැඩට යන්න ඕනේ නෑ. ඔයාට ප්‍රශ්නයක් වෙයි. මං ඔයාව බලාගන්නම්" යූන්ගි ඉමාට කිව්වා.

" ඒයි මොකක්ද බං මේ යූන්ගියාට වෙලා තියෙන්නේ?" ටේ කුකීගෙන් රහසින් ඇහුවා.

" අනේ මන්දා" කුකීටම හිතා ගන්න බැරුව කිව්වා.

"මං හිතන්නේ යූන්ගියා ඒ කෙල්ලට කැමතියි" ඔයා සෞම්‍යාට හිමින් කිව්වා.

" මාත් හිතන්නේ එහෙම තමයි" සෞම්‍යා අර ඩබල දිහා බලලා කිව්වා.

_____________________________________
Hi guys,
ඔයාලා හිතන්නේ යූන්ගි ඒ කෙල්ලට කැමති ඇතිද??? 🤔

Please Vote And Comment 🥰💜

𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼..💗(𝕔𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now