අග්නි 51

Start from the beginning
                                    

'' දැන් මා විස්මයට පත් විය යුතු ද ? නුඹ මෙතරම් දෙයක් මගෙන් සැගවීමෙන් පසුවත් , ඔබ මගේ අනන්‍යතාවය දැන සිටි බව දැන ගැනීමෙන් මා විස්මයට පත් විය යුතු ද වගයි මා විමසුවේ !!!!!! '' අග්නි කෝපාන්විතව කෑගැසුවේ ය.

මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය. ඔහුගේ ද සුරත අසිපතට තද තිබූ අතර , ඔහු ඍජුවම පොළොව දෙස බලාගෙන සිටියේ ය. ඔහු මෙන් ශිලා පිළිමයක් සේ නොසැලී සිටීමට තමාට නොහැකි මන්දැයි අග්නි තමාගෙන්ම විමසුවේ ය. දරාගත නොහැකි වේගයකින් සිතට ගලා ආ සිතිවිලි තමාව අඩපණ කරවනු අග්නිට දැනුණි .

'' මම තමුන්ව විශ්වාස කලා !!!!! එය මාගේ අඥාන බව !!! කෙතරම් අඥාන ද පැවසුවහොත් මෙතරම් දෙයක් නුඹ මට සැගවීමෙන් පසුවත් මා තවමත් තමුන්ව විශ්වාස කරනවා !!!!!!!!!!  '' අග්නි ආවේගයෙන් කෑගැසුවේ ය. ඔහුගේ වදනක් වදනක් පාසා වනය දෝංකාර දුන් අතර ඔහුගේ සියලුම නහරයන් ඉලිප්පී පෙනුණි . ඔහුගේ වදන්වල තමා වෙතම උපහාසයක් ගැබ්ව තිබුණි . ඔහු නැවතත් මිධුනාථ දෙස බැලුවේ ය.

'' තමුන් දැන සිටියා !!! තමුන් එය සැගවූවා..  !!!!! ඇයි තමුන් නොපැවසුවේ ? පිළිතුරු දෙනවා!!!!! '' අග්නි විමසුවේ මිධුනාථගේ වස්ත්‍රවල කරින් ඇද ඔහුව සොලවමිනි .

මිධුනාථ නිහඩවම බලා සිටියා විනා කිසිවක් නොපැසුවේ ය. එවර ඔහුගේ ද වම් කොපුල ඔස්සේ එක් කදුළු බිදුවක් ගලා යනු අග්නිට පෙනුණි .

'' නොහැකියි.. මිධුනාථ... මට වරක් පහර දෙන්න.. එවිට මා මේ ස්වප්නයෙන් නැගී සිටිවී.... මා මේ සිහිනයට ප්‍රිය නැහැ... .. වැරෙන් පහර දෙන්න...  නැගී සිටිය යුතුයි.. '' අග්නි නොනවත්වාම පැවසුවේ ය .

'' මා එය විශ්වාස කරන්නේ නැහැ.. '' අග්නි දැඩිව පැවසුවේ ය. මිධුනාථ තවමත් නිහඩ විය.

'' පවසනවා.. එය මුසාවක් කියා !!!!! '' අග්නි මිධුනාථ වෙත කෑගැසුවේ ය.

'' ඔබ පවසන්න එය මුසාවක් වග.... ම්ම් ? එවිට සියල්ල අවසන්.. ඔබ පවසන්න මිධුනාථ... එය මුසාවක් නොවේ ද ?  අන් අය කුමක් පැවසුවත් කම් නොවේ !!!!!!! ඔබ එය...... එසේ නොවන බව පවසන්න...... '' අග්නි නොනවත්වා පැවසුවේ ය.

'' මිධුනාථ.. එය.... මුසාවක් ... ? එසේ නොවේ ද  ? ම්ම් ? පවසන්න එය.........'' අග්නිට ඉන් මතුවට කිසිවක් පවසාගත නොහැකි අයුරින් මිධුනාථ , තමාගේ දෙතොල් මත මෘදු බාධකයක් ඇති කර තිබෙනු අග්නිට දැනිණ .

♛ අග්නි ♛Where stories live. Discover now