අග්නි එකී අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ක්ෂණිකයෙන් පිටුපස හැරී බැලුවේ ය . ඔහු රජත - උත්පල පැහැ වස්ත්‍රයන් හා රෞද්‍ර දෑස් හැදින්නේ ය. මිධුනාථගේ හස්තය අසිපත් මිටෙහි රැදී තිබූ අතර දෑස් ද දැඩි දෙස විමර්ශනශීලී ලෙස එදෙසට එල්ල වී තිබුණ ද ඔහු සටනට බාධා නොකළේ ය. මිධුනාථගේ මෙකී තේරුම් ගැනීම අග්නි සැබවින්ම අගය කළේ ය. ඔහු කිසිවිටෙක අග්නිගේ හැකියාවන් අවතක්සේරු නොකළ අතර , අග්නිට අවශ්‍ය වුවහොත් පමණක් උපකාර කීරීමට සූදානම්ව දෑස් රළු කර බලා සිටියා පමණි.

අග්නි අනෙක් පස හැරී ක්ෂණිකයෙන් තමා වෙත එල්ල වූ ප්‍රහාරය වැළැක්වූවේ ය. ඔහු ප්‍රථමයෙන් ඇති කළ ගැඹුරු කැපුමෙන් වූ රුධිර වහනය මෙකී ආගන්තුක ගිරි ශිෂ්‍යයාව අඩපණ කිරීම ආරම්භ කර තිබූ වග අග්නිට පැහැදිලි විය . අග්නි සිය අසිපත අනුකම්පාවකින් තොරව ආගන්තුක පුද්ගලයාගේ පපුව හරහා යැව්වේ ය. සිය අසිපත දිගේ ගලා ආ එකී පුද්ගලයාගේ උණුසුම් රුධිරය තම අත්ලෙහි තැවරෙනු ද අග්නි බලා සිටියේ ය. ආගන්තුක තරුණයා අපහසුවෙන් හුස්ම ගනිමින් අගිනිගේ අසිපත් තලය සිය දෑතින් අල්ලා ගත්තේ ය. ඔහුගේ දෑත ද කැපී රුධිරය ගලා යනු අග්නි කිසිදු අනුකම්පාවකින් තොරව බලා සිටියේ ය. තරුණයා වේදනාවෙන් නැගූ හඩ ද අග්නිට නෑසුණ තරම් විය.  ඔහුගේ දෑස් තවත් රෞද්‍ර වූ අතර ඔහු ඍජු බැලමක් ඔහු දෙස එව්වේ ය.

'' තමුන් කව්රුන් වුවත් , තමුන් මෙහි එවන ලද්දේ  කව්රුන් වුවත් , තමුන්ට නිරයේ තනි රැකීමට ඔහුවත් මම හැකි ඉක්මනින් තමුන් වෙතට එවීමට වගබලාගන්නම්.... '' අග්නි රෞද්‍රව පැවසුවේ සිය අසිපත අනුකම්පා විරහිතව තරුණයාගේ සිරුරෙහි තවත් ගැඹුරට කාවද්දවමිනි .

ගිරි ශිෂ්‍යයා අඩපණව දණින් ඇද වැටුණ ද අග්නි ඒ පිළිබ ද තැකීමක් නොකළේ ය. ඔහු අනුකම්පා විරහිත සිය අසිපත තරුණයාගේ සිරුරෙන් පිටතට ඇද ගත්තේ ය . අනතුරුව රුධිරය තැවුරුනු අසිපත දෙස අවඥා සහගත හා ජුගුප්සාජනක බැල්මක් හෙළුවේ ය. අග්නි දණින් ඇද වැටී සිටි ගිරි ශිෂ්‍යයාගේ උරහිසට පාපහරක් එල්ල කළේ ඔහු බොරළු පොළවේ ඇද වැටෙන පරිදියි . ආගන්තුක තරුණයාගේ සිරුර තග් හඩින් පොළොවෙහි ඇද වැටෙනු අග්නි බලා සිටියේ ය.

♛ අග්නි ♛Место, где живут истории. Откройте их для себя