අග්නි 46

En başından başla
                                    

'' ඇ-ඇය පැමිණ සිටියා.. කුමරුනි.. '' ධීර පැවසුවේ ය. අග්නි නිහඩ විය.

'' තවත් වැදගත් කරුණු කිසිවක් නොමැති නම්..  ඔබට පිටව යා හැකියි ධීර.... '' අග්නි සන්සුන් වෙමින් ධීරට පැවසුවේ ය. ඔහුගේ දෑත තවමත් මිට මෙළවී තිබූ අයුරු ධීරට පැහැදිලිව දිස් විය. නමුත් ඔහු කිසිවක් විමසීමට තරම් නිර්භීත නොවී ය. ධීර තමා වෙත සන්සුන්ව ආචාර කර වනය ඔස්සේ අතුරුදහන් වනු අග්නි බලා සිටියේ ය .

හේ ගල් සියඹලා ද රැගෙන , වෛශව අසපුව අසලින් ගලා ගිය කදම්භ නදීයෙහි අතු ගංගාව වෙතට ගියේ ය. සිය පාදයෙහි වේදනාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරි අග්නි අහපසුවෙන් එහි තරමක් විශාල ප්‍රදේශයක පැතිරී තිබූ ගල් තලාව මතට නැගුණේ ය. ඔහුගේ දෙපයට පහළින් කදම්භ නදිය නිස්කලංකව ගලා ගිය අතර , මනුශ්‍යයෙකු තබා වන සතෙකුගෙන් හෝ ඔහුට බාධාවක් නොවී ය.

ඉතාමත් සෙමින් ගලන නදියේ පැහැදිලි ජලයේ පෙනුනු සිය ප්‍රතිබිම්බය දෙස අග්නි මොහොතක් බලා සිටියේ ය. ඔහු සුරතට හසුවූ ගලින් ජලයෙහි වූ සිය ප්‍රතිබ්ම්බය දෙසට වේගයෙන් දමා ගැසුවේ ය. නදියෙහි ජලය කැළඹී බොර පැහැව ගියේ ය

උදෑසන මිධුනාථගේ කුටියේ තිබූ සුවද විලවුන් බදුන ද අග්නිට සිහිපත් විය . කිසිදු විටෙක සුවද විලවුන් භාවිත නොකරන මිධුනාථ හදිසියේම සුවද විලවුන් භාවිත කිරීමට හේතුව අග්නි එවිට සිතා බැලුවේ නැත .  නැවතත් කෙමින් කෙමින් නිශ්චල වන ජලයෙහි තමාගේ ප්‍රතිබ්ම්බය පැහැදිලි වනු දුටු අග්නි නැවතත් ගලක් සුරතට ගෙන තම ප්‍රතිබිම්බය වෙත කෝපයෙන් දමා ගැසුවේ ය.

නිසැකවම අශාලා, ඉසුරුපුරය වෙත පැමිණෙන වග මිධුනාථ දැන සිටින්නට ඇත. අශාලා හදිසියේම ඉසුරුපුරයට පැමිණීමට හේතුව ද මිධුනාථ වග පැවසීමට දෙවරක් සිතීම අනවශ්‍ය විය. ගස මතදී මිධුනාථ අශාලා පිළිබදව පවසා සිනාසුණු ආකාරය අග්නිගේ සිතට නැගුණි . දැන් ද ඔහු අශාලා හා සිනාසෙමින් කතාකරමින්  සිටිනු ඇත.
'' මගේ මිධුනාථ...'' අශාලාගේ වදන් ද අග්නිට නැවත නැවත ඇසෙන්නට විය. අශාලා මිධුනාථගේ පපුවට හස්තය තබමින් ඔහුට සමීප වනු ද අග්නිට ජල තලයේ මැවී පෙනුණි . ඔහු තවත් ගලක් හස්තයට ගෙන කෝපයෙන් එදෙසට දමා ගැසුවේ ය.

♛ අග්නි ♛Hikayelerin yaşadığı yer. Şimdi keşfedin