අග්නි 46

Start from the beginning
                                    

'' තීර්ථයේ තත්වය ? '' අග්නි මතෘකාව වෙනස් කරමින් පැවසුවේ ය.

'' ඔබතුමන්ගේ පියරජතුමන් විවේක ගනිමින් සිටිනවා.. නමුත් ඔහුගේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත හැර මේ වන විටත් බොහෝ කල් වග ඔබතුමන් දැනුවත් නොවේද ? '' ධීර පැකිළෙමින් පැවසුවේ ය.

'' ම්ම්.. අසුර අසිපත දරන්නා සොයා විනාශ කර දැමිය යුතුයි !!! ඔහුගේ සේනාවෙහි වූ කිසිදු අයෙකු දිවි බේරාගත නොහැකියි !!!!!  '' අග්නි රෞද්‍රව පැවසුවේ දෑත් මිට මොලවා ගනිමිනි . ධීර හිස සැලුවේ ය.

'' භාසුරට අවස්ථාවක් ලැබූ විගස මා ඔහු හා ඔබතුමන් මුණ ගැසීමට පැමිණෙන්න්ම්.. '' ධීර පැවසුවේ ය.

'' එය යහපත්.... දැන් ඔබ පිටවන්න.. ම්‍යාන මුනිට හසුවුවහොත් ගැටලුවක්.. '' අග්නි එක්වරම යමක් සිහිපත් වූවෙකු ලෙස පැවසුවේ ය.

'' බිය නොවන්න කුමරුනි.. ම්‍යාන මුනි මේ මොහොතෙහි වෛශව අසපුව තුළ නොවේ ... '' ධීර විශ්වාසී ලෙස පැවසුවේ ය.

'' වෛශව අසපුව තුළ නොවෙයි ? '' අග්නි විමසුවේ ය. එවිට මිධුනාථ කොහිදැයි අග්නිගේ සිත විමසුවේ ය.

'' එසේය කුමරුනි... ඔවුන් සියලු දෙනා ඉසුරුපුරයෙහි ... අද එහි කුඩා ප්‍රිය සම්භාෂණයක්... මහමත ඝූරෂ හා ඔහුගේ පවුලෙහි අයවලුන් මේ මොහොතේ ඉසුරුපුරයෙහි සම්භාෂණ ශාලාවෙහි..... ම්‍යාන මුනි , නිථිලා දේවිය භීෂ කුමරුන් , මිධුනාථ කුමරුන් හා මෙහි තරග වැදුනු සෞම්‍ය පෙනුමක් තිබූ මුනි තුමන්... ඔහුගේ නාමය.. '' ධීර මද විරාමයක් ගත්තේ ය .

'' සුග්‍රීව ද ? '' අග්නි විමසුවේ ය .

'' ආහ් නිවැරදියි.. සුග්‍රීව හා ථිත ... ඔවුන් සිව් දෙනා නොවේද මෙහි දක්ෂතම සිසුන් ? ඔවුන් මහමත ඝූරෂගේ ප්‍රියසම්භාෂණය සදහා සහභාගී වී සිටියා..මා ද එතුලට ඇතුළු නොවුණේ ඔවුන් මා හදුනා ගත හොත් කියා..... '' ධීර පැහැදිලි කළේ ය.

අග්නිගේ දෑත මිට මෙලවිණ..

'' මහමත ඝූරෂ පැමිණියේ ඔහුගේ දියණිය සමගින් ද  ? '' අග්නි සිය ගැඹුරු හඩින් විමසුවේ ය. ඔහුගේ ස්වරය දැඩි එහෙත්  ඉවසිලිමත් විය.

'' උතුමාණෙනි..ඇ-ය.. ඇය.. '' ධීර පැකිළුණේ ය.

'' අශාලා පැමිණියා ද නැතිදැයි මා විමසුවේ !!!!!!!! '' එවර අග්නි රෞද්‍රව කෑගැසුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now