අග්නි 44

Start from the beginning
                                    

'' මිධුනාථ.. ඉක්මන් කරන්න. කාලය සීමිතයි.. '' සුග්‍රීව කලබලයෙන් පැවසුවේ ය. භීෂ සතුව තිබූ වෙළුම් පටිය ද මිධුනාථ උදුරා ගත්තේ ය. ඔහු අවසිහියෙන් මෙන් අග්නිගේ සුරතෙහි මැණික් කටුව අසල ඉන් වෙළුවේ ය. ඔහුගේ ග්‍රහණය දැඩි වූ අතර ඔහුගේ මුහුණ රෞද්‍ර ස්වරූපයක් ගත්තේ ය.  මිධුනාථගේ දෑස් රත් පැහැ ගැන්වී තිබූ අතර ඔහුගේ දෑගිලි පවා වෙව්ලුවේ ය.

'' මිධුනාථ.. සැකයක් ඇති නොවන පරිදි හා.... අග්නිගේ හස්තය ද ප්‍රවේසමින්.. '' සුග්‍රීව සන්සුන්ව පැවසුවේ ය.

'' මට එය  වැටහෙනවා !!!!! '' මිධුනාථ සුග්‍රීව වෙත කෝපයෙන් කෑගැසුවේ ය. සුග්‍රීව නිහඩ විය.

'' මිධුනාථ සන්සුන්වන්න ප්‍රථමයෙන්.. '' භීෂ ද පැවසුවේ ය.

'' මිධුනාථ.. කුමක් ද සිදුවුනේ ? '' අග්නි ද විමසුවේ ය .

'' කටවහනවා !!!  '' මිධුනාථ දැඩිව වෙළුම් ලමින් දත්මිටි කමින් පැවසුවේ ය. ඔහු කෝපාන්විත වග අග්නි දැනසිටිය ද ඔහු මෙතරම් කෝපයෙන් සිටින ප්‍රථම අවස්ථාව මෙය විය යුතු ය. අග්නි ද ඉක්මනින්ම නිහඩ විය

'' මා.. අභය මරා දමනවා !!!!! '' මිධුනාථ කේන්තියෙන් වෙව්ලමින් ගිගිරුවේ ය. ඔහු අග්නිගේ හස්තය ද දැඩිව වෙළුවේ ය. කෝපයට ඔහුගේ දෙතොල් ද වෙව්ලුවේ ය.

'' ඔහු සිතා මතා පැවසුයේ නැහැ !!! .එය ඔහුගේ වරද නොවේ මිධුනාථ.. '' භීෂ පැවසුවේ ය.

'' නිවැරදියි.. එය ඔහුගේ වරද නොවේ , පැහැදිලිවම තමුන්ගේ වරද.. !!!!!! '' මිධුනාථ භීෂ වෙත හැරී කෑගැසුවේ ය. අග්නි භීෂ දෙසත් මිධුනාථ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ය.

'' නුඹලා දෙදෙනා මෙහිත් , රණ්ඩු වනවා ද ? සැබවින්ම !!!!! '' සුග්‍රීවගේ දැඩි හඩට මිධුනාථ හා භීෂ දෙදෙනාම නිහඩ විය.

මිධුනාථ අග්නිගේ වැලමිට අසල සිට අත්ල තෙක්ම හස්තය දැඩිව වෙළුවේ ය. ඔහු අග්නිගේ හස්තය සම්පූර්ණයෙන්ම නොපෙනී යන තුරුම වෙළුවේ ය. ඔහුගේ වෙළුම කොතරම් දැඩිවුව ද අග්නි පැමිණිලි නොකළේ ය. මිධුනාථගේ දෑගිලි පවා වෙව්ලුවේ ය.

'' හස්තය අබාධිත ද ? පිළිතුර ඔව්.. '' මිධුනාථ රළුව අග්නිට පැවසීය . අග්නි හිස සැලුවේ ය. මෙහි සිදුවන්නේ කුමක් දැයි ඔහුට කිසිදු වැටහීමක් නොවී ය.

♛ අග්නි ♛Where stories live. Discover now