අග්නි 43

Start from the beginning
                                    

මිධුනාථගේ ආහාර අනුභවය අතිශයින් මන්දගාමී විය. ඔහු ආහාර අනුභව කර අවසන් කරන තුරු අග්නි ඔහු දෙස ඉවසීමෙන් බලා සිටියේ ය . අග්නිට අනුව මිධුනාථ ආහාර අනුභව කළේ , '' ආහාරයට රිදෙයි දෝ '' සැකයෙන් විය. නැතහොත් ඔහු එතරම්ම සෙමින් අනුභව කළේ ය .

මිධුනාථ මිනිත්තුවකට එක් වතාවක් පමණක් මුව සොලවන වග අග්නි අනුමාන කළේ ය. ඔහු සැපීමේ දී මුව වසාගෙන පිළිවෙලකට ආහාර අනුභව කළේ ය. අනතුරුව මිධුනාථ  ගිලීම සදහා පමණක් තවත් මිනිත්තු දෙකක් පමණ වැය කරන වග ඔහුගේ කණ්ඨජාස්ථිය* චලනය වන අයුරින් අග්නි සිතා ගත්තේ ය. එසේ කිරීමෙන් අනතුරුව ඔහු නැවතත් දිගු ඇගිලි තුඩුවලින් හා අඩවන් වූ දෑසින් සිය පලගුව වෙත අවධානය යොමු කරයි . අනතුරුව පෙර පරිදිම ඉතා සෙමින් අනුභව කරයි .

අග්නි සිය නිකට වෙත හස්තය ද තබාගෙන මිධුනාථ දෙස බලා සිටියේ ඔහු ආහාර ගෙන අවසන් කරන තුරු විය. අවසානයේ මිධුනාථ නැගී සිටියේ ය.

'' ආා.. අවසානයේ දී.. '' අග්නි විශාල ජයග්‍රහණයක් ලැබූ සේ ප්‍රීතිඝෝෂා නගමින් තමාටම පවසා ගත්තේ ය.

'' උද්ධච්ඡ ඉස්ගෙඩියෝ. කුමක් හෝ පවසන්න ඉදින්.. ආහාර ගෙන අවසන් නොවේද ? ආා. මගේ කතා පුවත.. දැන් පවසන්න.. එකගයි ???? '' අග්නි විරාමයකින් තොරවම පැවසුවේ ය .

'' තමුන්ට කුමක් ද ඇසීමට අවශ්‍ය..? '' එවර මිධුනාථ තරමක් ඉවසීමෙන් විමසුවේ ය.

'' ඔය ලෙසින් නොහැකියි.. මෙහි පැමිණෙන්න.. මේ සම්පූර්ණ සයනයහිම ඉඩ තිබෙනවා.. '' අග්නි පැවසුවේ කුඩා දරුවෙකු මෙනි . මිධුනාථ අග්නි වෙත රළු බැල්මක් හෙළුවේ ය. අනතුරුව සිය අසිපත පසෙකින් තබාපහන් නිවා දැමුවේ ය. ඔහු නිහඩවම පැමිණ සයනයෙහි වැතිරෙන තුරු අග්නි බලා සිටියේ ය.

'' දැන් පවසන්න ඉදින්.. '' අග්නි සිවිලිම දෙස නෙත් යොමමින් පැවසුවේ ය. නමුත් මිධුනාථ නිහඩ විය.

'' මිධුනාථ... පවසන්නකෝ.. '' අග්නි නොඉවසිල්ලෙන් පැවසුවේ ය.

'' කටවහනවා.. මා මේ සිතනවා.. '' මිධුනාථ රළුව පැවසුවේ ය.

'' ආ. .ඔබ සිතනවා ද ? හොදින් සිතන්න.. සන්සුන්ව සිතන්න.... අලංකාර කතා පුවතක් සිහිපත් කරන්න......  උපකාරයක් අවශ්‍ය ද ? '' අග්නි නොනවත්වාම විමසුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now