අග්නි 42

Start from the beginning
                                    

'' තාලි... '' අග්නිගේ හඩ බිදී ගියේ ය. මිධුනාථ තමාගේ පසෙකින් සිටීම ඔහුට සහනයක් විය. තාලි සන්සුන් ලෙස මද සිනහාවක් අග්නි වෙත පෑ මුත් ඒ සිනහව අග්නිට සියල්ලකටම වඩා ශෝකජනක විය.

'' අග්නි...ආ.. මෙය ඔබට.. '' තාලි පැවසුවේ පළිගු සිලින්ඩරයක් ඔහුට ලබා දෙමිනි.
අග්නි එය සුරතට ගෙන ප්‍රශ්නාර්ථ බැල්මක් ඇය වෙත හෙළුවේ ය.

'' මා අසපුවෙන් දුරකට යනවා.... '' තාලි පැවසුවේ ය.

'' මෙහි සෑම ස්ථානකම අර අඥාන දළඹුවා සිටිනවා.. '' තාලිගේ හඩ බිදී ගියේ ය .

'' ඔය බදුනෙහි.. සිටින්නේ ඒ අඥාන දළඹුවාගේ දළඹු පැටවා... '' ගල් සියඹලා '' ඔහුගේ නාමය.. '' තාලි පැවසුවා ය. ඇයගේ සුදුමැලි කොපුල් ඔස්සේ ගලා ගිය කදුළු අැය ඉක්මනින් පිසදාගත්තා ය.

'' ගල් සියඹලා '' දැන් කෝෂය බැදයි තිබෙන්නේ... අඥාන දළඹුවා .... ඔහු සිතා සිටියේ ඔහුගේ ජන්ම දිනය දිනයේ , ගල් සියඹලා නිම්නයට මුදා හැරීමට..... '' තාලිගේ හඩ ඇපැහැදිලි වන තරමටම බිදී ගියේ ය. තමාගේ කොපුල් ඔස්සේ ද කදුළු ගලා ගනු අග්නිට දැනුණි .

'' ජන්ම දිනය ලැබූ විට , ඔහුට අවශ්‍ය වූවා ඔහුගේ කොණ්ඩය මිධුනාථ කුමරුන් මෙන්ම ඉහළට කර බැදීමට... එවිට සියලු දෙනා ඔහුට ද බිය වේවි කියා ඒ අඥාන දළඹුවා සිතා සිටියා... ඒ දළඹුවාට කව්රුන් බියවන්න ද ? සෑම විටම සමනලුන් හා දළඹවුන් පිටුපස..... නැතිනම් කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩයක් කරකවමින්....... රැවීමට හෝ නොහැකියි ඔහුට.... දෙතොල් උල් කරනවා.. ඔහුම සිතා සිටින්නේ ඔහු රවනවා කියා....... '' තාලි හඩමින් පැවසුවා ය.

අග්නි නොහැඩුවේ ය. ඔහු හිස් බැල්මකින් තාලි දෙස බලා සිටියේ ය.
'' තාලි.. '' ඛාදී ඇයව සැනසුවේ ය. ඇයගේ හඩ ද තරමක් බිදී ගියේ ය.

'' ඒ අඥානයා.... දහඅට වියැති වූ පසු , මා සිතා සිටියේ.... ඔහුගේ ජන්ම දිනයේ දි....... '' තාලිගේ හඩ අස්ථාවර විය.

'' මාගෙයි වැරැද්ද... '' අග්නි වේදනාවෙන් පැවසුවේ ය. ඔහු තාලි දෙස හිස ඔසවා නොබැලුවේ ය.

'' නොවේ.. ඒ වරද අඥානයාගේමයි !.. මා පැවසුවා ඔහුට සප්තකන්‍යාව වෙත නොයන ලෙස.... ඔහු මා සමග උරණ වී පැවසුවා....එහි නවතින වග... ඔහු අවසානයේ සැබෑවමට එහි නැවතිලා.. '' තාලී පැවසුවේ ය. මිධුනාථ ද සම්පූර්ණයෙන්ම නිහඩ විය . ඛාදී දේවිය ද හඩමින් සිටියා ය.

♛ අග්නි ♛Where stories live. Discover now