'' මා ? මා සුවෙන්.. මා හට ශිතලයි.. මිගාරට කොතරම් ශිතල ඇත් ද ? ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව සෑදි ඇති දැන්.. ඔහු කිවිසුම් හරිනවා ඇති...... ඔහු වෛශව අසපුව වෙත ගිය සැනින් මා තාලි ලවා සියලු තිත්ත කටුක කසායන් ඔහුට පොවනවා... එවිට ඔහු ඉක්මනින්ම සුවවේවි.. නොවේ ද ? අග්නි රුද්‍රගෙන් විමසුවේ ය.
රුද්‍ර ද හිස සැලුවේ ය. '' ඔහු ඉක්මනින්ම සුව වේවි... '' රුද්‍ර ද සිය කදුළු පිස දා ගනිමින් අවසිහියෙන් මෙන් පැවසුවේ ය. සුග්‍රීව අසරණව ථිත හා මිධුනාථ දෙස බැලුවේ ය.
'' පැමිණෙන්න.. පිටවෙමු... '' මිධුනාථ පැවසුවේ අග්නිව නැගී සිටුවීමට උත්සහ දරමිනි . අග්නි මිධුනාථගේ හස්තය ගසා දැමුවේ ය. අග්නිට කොහි හෝ යාමට අවශ්‍ය නොවී ය. ඔහුගේ හදවත දරාගත නොහැකි තරම් වේදනාවෙන් බර විය. අන් වේදනාවන් කිසිවක් ඔහුට නොදැනුණු තරම් විය. මිගාර වනාහී ඔහුට සිය බාල මලණුවන් බදු විය. ඔහුගේ රහස් කිසිවක් නොදත් මුත් ළගම මිතුරෙකු විය. දගවැඩ හා ක්‍රීඩාවලදී ඔහුගේ අවියෝජනීය සහයකයා ද විය .
'' රුද්‍ර ඔබත් සුදුමැලිව ගොස්.. මදක් විවේකගන්න.. '' සුග්‍රීව පැවසුවේ ය. රුද්‍ර එය ප්‍රතික්ෂේප කරමින් හිස දෙපසට වැනුවේ ය. අග්නි හා රුද්‍ර දෙදෙනාම තවමත් මඩ සහිත වස්ත්‍රවලින්ම විය. රුද්‍රගේ දෑතෙහි මිගාරගේ ධනුර්ධය වූ අතර අග්නිගේ හස්තයෙහි කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩය තවමත් සිරවී තිබුණේ ය. ඔහු එය අධාරයෙන් සුළු මොහොතක් ක්‍රීඩා කළේ ය.
තමා ශීතලට වෙව්ලනු අග්නිට දැනුණි . ඔහුගේ දෙතොල් ද භයානක ලෙස වෙව්ලීමට පටන් ගත්තේ ය. නමුත් ඔහු කිසිවක් නොතැකුවේ ය. ඔහු දෑස් මදක් පියාගත්තේ ය.
මිධුනාථ සිය නළලට හස්තය තබා බලනු අග්නි දුටුවේ ය. මිධුනාථගේ අත්ල උණුසුම් වූ අතර අග්නි ඒ උණුසුමට අවනතව දෑස් පියාගත්තේ ය. ඔහුගේ ශරීරය සිත සියල්ලක්ම අතිශයින් වෙහෙසකර විය.
.
.
.
.
.
.'' ආ පානය කරන්න.. '' මිධුනාථව නොපෙනුණ ද ඔහුගේ ගැඹුරු හඩ අග්නිට ඇසුණේ ය. ඔහු සිය අතට ලැබුණු බදුනෙහි වූ දියරය මුව තුළට ගත්තේ ය. ඔහුගේ දිව පිළිස්සී ගියේ ය. එය අතිශයින්ම උණුසුම් විය.
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...
අග්නි 41
Start from the beginning