අග්නි 40

1.6K 402 377
                                    

අග්නි මිට මොලවා ගෙන සිටි දෑත ලිහිල් විය. ඒ වන විටත් ඇද හැලෙමින් තිබූ සියුම් සීතල පරිසරයේ සිට මෙතරම් ඉක්මනට තමාගේ හදවත කරා පැමිණියේ කෙසේ දැයි අග්නි දැන සිටියේ නැත . එකී වස්ත්‍රය අද උදෑසන මිධුනාථ හැදගෙන සිටිනු අග්නිට මැවී පෙනුණි . ඒකී උත්පල පැහැ දාර සහිත වස්ත්‍රයෙන් කොටසක් දැන් රුධිරයෙන් පෙගී ගොස් තිබුණේ ය. අග්නිගේ උගුර වියළී ගියේ ය. නමුත් ඔහු සිය අසිපත තවත් තරයේ අල්ලා ගත්තේ ය.

'' තමුන් කුමක්ද ඔහුට සිදු කළේ ? '' අග්නි දැඩිව විමසුවේ ය . නිසැකවම ඔහුට සක්වල චක්‍රය විවෘත කිරීමට මිධුනාථව ජීවාග්‍රාහීව අවශ්‍යවග අග්නිට නිසැකවම පැවසිය හැකි විය. නමුත් , රුධිරය.. ඔහු මිධුනාථ කුඩා හෝ තුවාලයක් සිදු කර ඇත්නම් තමා අසුර අසිපත දරන්නාට යහතින් සිටීමට ඉඩ නොදෙනු ඇතිවග අග්නිට විශ්වාස විය . 

'' ඔහෝ.. නුඹට වැටහුණා එසේ නම්.. '' අසුර අසිපත දරන්නා සිනාසෙමින් පැවසුවේ රුධිරයෙන් පෙගවී තිබූ රෙදි කඩ සුරතෙහි ගුලි කරගෙන යි. අග්නි කෝපයෙන් මුව විවර කිරීමට පෙර , අසුර අසිපත දරන්නා එක්වරම මදක් පිටුපසට පැන්නේ ය. ඔහුගේ දෙපා අසල හීයක් පතිත විය.

මිගාර හා කුවල්‍ය අසපුවෙහි අනෙක් කෛශාල නැමැති ශිෂ්‍යයා අග්නි පසුපසින් ඔහු සොයා පැමිණ තිබුණේ ය . මිගාරගේ ධනුර්ධය ඔහුගේ හස්තයෙහි විය. ඔවුන් සිටි දිශාවට අසුර අසිපත දරන්නාගේ පහනක් පමණ වූ පිරිස කඩා පැන්නේ ය . මිගාර සිය හී තල ආධාරයෙන් සහ සම්ප්‍රදායික අංගම් සටන් ආශ්‍රයෙන් ඔවුන් වෙත පහර දුන් අතර , කෛශාල ශිෂ්‍යයා අසිපතින් සතුරා මුලා කරමින් පහර දුන්නේ ය. ඒ වන විටත් ඇද හැලෙමින් තිබූ දැඩි වර්ෂාව ඔහුට කිසිදු බාධාවක් නොවී ය.

අග්නි ද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අසුර අසිපත දරන්නා වෙත පහර දුන්නේ ය . ඔහුගේ කෝපය අන් සියල්ලකට වඩා ඔහුව මෙහෙය වූවේ ය.

'' කොහි ද පවසනවා ඔහු ? '' අග්නි විමසුවේ සිය අසිපතින් පහර දෙන අතරතුරේ දියි.

'' ඔහු අපායෙහි.. '' අසුර අසිපත දරන්නා උපහාසයෙන් පැවසුවේ ය.

'' කටවහනවා !!!! '' අග්නි රෞද්‍ර පැවසුවේ ය. ඔහු අසුර අසිපත දරන්නා වෙත තදබල ප්‍රහාරයක් ද එල්ල කළේ ය . ඔහු පියවර කිහිපයක්ම පසුපසට විසිව ගියේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now