අග්නි 40

Start from the beginning
                                    

'' මිගාර... දෑස් විවර කරන්න.... මිගාර.... '' අග්නි ඔහු අසලම විය. ඔහු මිගාරගේ මුහුණට තට්ටු කළේ ය. මිගාරගේ දෑස් අර්ධව පියවී තිබූ මුත් ඔහු අපහසුවෙන් දෑස් විවර කළේ ය. වර්ෂා ජලයෙන් හා මඩින් පෙගවුණ ද මිගාරගේ සුදුමැලිව ගොස් තිබූ දෙතොල් වෙව්ලමින් තිබුණේ ය.

අසුර අසිපත දරන්නා තමාගේ පිටුපස වුව ද අග්නි ඒ දෙසට අවධානය යොමු නොකළේ ය . ඔහුගේ දෑත් වෙව්ලුවේ ය. තව මොහොතකින් ඔහුගේ අසිපත තමාගේ සිරුර හරහා යනවග ද අග්නිට නිශ්චිත වූ මුත් ඔහු අඩපණව සිටි මිගාර දෙසත් තමාගේ පිටුපසින් වූ මරණයත් අතර අතරමංව කිසිවක් සිදු නොකිරීමට තරම් ව්‍යාකූල විය .

අසුර අසිපත දරන්නා පියවර කිහිපයක් පටුපසට විසිව ගියේ ය. අග්නි වර්ෂාවේ හිස එසෙව්වේ ය. තමාගේ පිටුපසින් වූ මිධුනාථගේ පුළුල් උරහිස් ඔහු හැදින්නේ ය.  ඔහු වටා දීප්තිමත් කහ පැහැති තිමිරයක් විය. ඔහුගේ පාද පොළොවෙන් අඩි කිහියක්ම ඉහළ වූ අතර , ඔහුගේ මුද්‍රාව ද ප්‍රබල වූ අග්නිට වැටහී ගියේ ය . මිධුනාථ සම්පූර්ණයෙන්ම නිරුපද්‍රිත විය. තම හදවතට දැනෙමින් තිබූ දැඩි ශීතල ඉවත්ව යනුත් , ඒ වෙනුවට මිගාරගේ තත්වය දැකීමෙන් වේදනාවෙන් බරව යනුත් අග්නිට දැනුණි .

අසුර අසිපත දරන්නා මදක් පසු බැස්සේ ය. මිධුනාථ දෙවරක් නොසිතා පෙරළා පහර දුන්නේ කෛශාල ශිෂ්‍යයාගේ ද උපකාරයෙනි .

'' ඒ මිධු -නාථ අය්ය-ණ්ඩි නොවේ ද ? '' .. මිගාර අපහසුවෙන් දෑස් විවර කර සැනසීමට පත් අයුරින් මිමිණූවේ ය.
අග්නි මිගාරව තම උරහිසට වත්තම්  කර ගත්තේ ය.

'' ආ.. අ -ග්නි.. මා හට සීත-ලයි ත-මයි...න් නමුත්.. ඔ - ඔබට ගැටලු - වක් නොවේ ද මා මෙ-සේ නුඹ-ව මදක් වැළ ද ගැනීම  ? '' මිගාර අපහසුවෙන් විමසුවේ අග්නි දෙසට තවත් ගුලි වෙමිනි.

'' අඥානයා.. මා අග්නි.. ගින්දර... මා උණුසුම්.. '' අග්නිගේ හඩ බිදීගියේ ය. ඔහු පැවසීමට කිසිවක් නොමැතිව අසරණ විය . ඔහුගේ නහය බරව යනුද අග්නිට දැනුණි .

'' ආහ්... කිම - ද මේ හඩ-න්නේ ? මා ඔබට කොහි- හෝ වේ-දන-යි ද ? '' මිගාර අග්නිගෙන් විමසුවේ ය . අග්නිගේ හැඩීම දෙගුණ විය . එවර එය මුවින් ඉකියක් ලෙස පිටවිය .

♛ අග්නි ♛Where stories live. Discover now