අග්නි 40

Start from the beginning
                                    

'' ඔහු රුධිරයෙන් නැහැවී සිටියා.. '' අසුර අසිපත දරන්නා නොකඩවා පැවසුවේ ය.

'' මුසා!!!! '' අග්නි කෝපයෙන් කෑගැසුවේ ය. මිධුනාථගේ නළල හරහා රුධිරය ගලා ගනු අග්නිට මැවී පෙනුණි . අසුර අසිපත දරන්නා එවර එල්ල කල පහරට අග්නිගේ අසිපත ගිලිහී ගියේ ය. ඔහු පෙරළා එල්ල කළ පහර මග හැරීමට අග්නි වටයක් කැරකී පිටුපසට පැන්නේ ය. අසුර අසිපත දරන්නාට මොහොතකදු කාලයක් ඉතිරි නොකළ අග්නි ඔහුගේ හස්තයට පා පහරක් එල්ල කළේ අසිපත ගිලිහී යන පරිදියි . අග්නි අනතුරුව ඔහුගේ බදටද පහරක් එල්ල කළේ ය.  අසුර අසිපත දරන්නා නැවතත් අසිපත ඇහිද ගැනීමට නොගියේ ය. ඒ වෙනුවට ඔහු සිය බදෙහි එල්ලෙමින් සිහින් උණබටය දෑතට ගන්නා අයුරු අග්නි බලා සිටියේ ය. නිසැකවම විෂ කැවූ ඉදිකටු මේ තුළ ඇතිවග අග්නි ඒ වන විටද දැන සිටියේ ය. ඔහු ක්ෂණිකයෙන් ක්‍රියාත්මක විය යුතු විය.

අසුර අසිපත දරන්නා එය මුවගට ලංකළේ ය. දෙවරක් නොසිතූ අග්නි ඔහුගේ හස්තය වෙත සිය දෙවෙනි පා පහර ද එල්ල කළේ ය. ඔහුගේ ඉලක්කය වැරදී ගිය මුත් ඒ වන විටත් ඉදිකටුව බටයෙන් නික්මී අවසන් විය. අග්නි එල්ල කළ පා පහර හේතුවෙන් සිය ඉලක්කය වැරදුන ද අසුර අසිපත දරන්නාගේ දෑස් වල කෲර සිනහාවක් විය . ඔහු අග්නි දෙස මුවගින් සිනාසී බැලුවේ ය.

අග්නි මුහුණ ස්වේත වස්ත්‍රයක් සේ සුදුමැලි විය. ඔහු වදනකුදු පවසාගත නොහැකි තරම් අසරණ විය. මිගාර සිය උරහිසෙහි වැදුණු ඉදිකටුව පිටතට ඇද්දේ ය. එහි අග තැවරී තිබූ කුඩා ලේ බිදුත් වර්ෂාවට සේදි ගියේ ය . මිගාරගේ පය පැකිළී ඔහු පියවර දෙකක් පසුපසට විසි විය . ඔහුගේ හස්තයේ සිරව තිබූ ධනුර්ධය ද අත හැරී ගියේ ය.

'' මිගාර........  '' අග්නි තමාගේ ග්‍රහණයෙහි සිටි අසුර අසිපත දරන්නාව අත හැර දමා මිගාර වෙත දිව ගියේ ය. ඔහුගේ පියවර ද පැකිළුණු අතර ඔහුගේ දණහිස් පණනැතිවාක් මෙන් අග්නිට දැනුණි . ඔහු මිගාර අසල දණ ගසා ගත්තේ ය. ඔහුගේ හඩ වෙව්ලමින් තිබුණි .

මිගාරගේ මුහුණ ඔස්සේ වර්ෂා ජලය ගලා ගියේ ය. ඔහු අපහසුවෙන් හුස්ම ගත්තේ ය . ඔහුගේ දෑස් අඩ වශයෙන් පියවී තිබුණේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now