'' සැබවින්ම විටෙක සිතෙනවා මේ , තරගාවලියෙහි අරමුණ කුමක් දැයි කියා... '' සුග්‍රීව පැවසුවේ කළකිරීම මුසු වූ ස්වරයෙනි .
වෛශව අසපුවෙහි ඇතුළු අනෙක් සියලු අසපුවල මුනි ශිෂ්‍යයෝ ඒ වන සප්තකන්‍යා තරග භූමිය වෙත රැස්ව සිටියෝ ය.
'' වෙන කුමක්ද අර සියුමැලි කුමාරයාගේ සිත දිනාගෙන තීර්ථයේ අනුග්‍රහය ලබන අසපුව බවට පත් වීම මිස.... '' භීෂ පැවසුවේ දීඝ අසපු මණ්ඩපය අසල කුඩා දරුවෙකු හැසිරෙමින් සිටි භාසු දෙස ඉගිකරමිනි.
'' ඔහු , වනාහී රත්නද්වීප ඉතිහාසයේ දුර්වලම පාලකයා වනු නිසැකයි.. '' අභය ද කතාවට එක් විය .
'' මා හට තිබෙන බිය නම් , ප්‍රධාන මුනිවරුන් එක්ව ඔහුගේ දෙපා , දෑත් ගැටගසා ඔහුව රූකඩයක් ලෙස පාලනය කරනු අපට බලා සිටීමට සිදු වේදැයි යන්නයි.. '' ථීත ද පැවසුවේ ය.
'' සියුමැලි කුසුම සුලෝධජ.. '' අභය උපහාසයෙන් පැවසුවේ ය. අභයගේ වදන්වලට රවා අග්නි අනෙක් පස බලාගත්තේ කිසිවක් නෑසුණු විලාසයෙනි. කව්රුන් කුමක් කීවත් සුලෝධජ නාමය තවමත් ඔහුගේ විය. ඔහු තවමත් ඒ නාමය ප්‍රිය කළේ ය. ඔහුගේ සුරත මිට මොලවා ගෙන ඉවසී ය.
'' අග්නිඊඊඊ... '' කොහිදෝ සිට දිව ආ මිගාර අග්නිගේ දෑතේ එල්ලුණේ සුපුරුදු පරිදියි. අග්නි මිගාරගේ දෑතගසා දැමුවේ මදක් කෝපයෙනි . මිගාර පසෙකට තල්ලු වී ගියේ ය. මිගාරගේ මුහුණෙහි විස්මය පිරි ශෝකාන්විත බැල්මක් විය.
අග්නි මද මොහොතකට පසුව සන්සුන් විය. මිගාර මෙකී කිසිවකට වග කිව යුතු නොවන වග ඔහුට සිහිපත් විය.'' ආා.. මිගාර.. මගේ හස්තය තරමක් ආබාධිතයි.. '' අග්නි සිනාසෙමින් පැවසුවේ ය. . මිගාර ද පෙරළා සිනාසුණේ ය. අනතුරුව දෙතොල් උල් කළේ ය.
'' කමා කරන්න අග්නි.. මා නැවත එසේ සිදු කරන්නේ නැහැ.. පොරොන්දු වනවා.. '' මිගාර පැවසුවේ සිය කුඩා සුළැගිල්ල ඔසවා පොරොන්දුව සපථ කරමිනි.
'' දැන් ඉදින් කුමක්ද පැවසීමට ගියේ ? මිධුනාථ කොහි ද ? '' අග්නි විමසුවේ ය. සුග්‍රීව පැවසූ පරිදි , මිගාර හා මිධුනාථ දෙදෙනාට ඖෂධ මිළදී ගැනීමට නුරුපුර වෙත යාමට සිදු වූ අතර මිගාර නැවත පැමිණිය මුත් මිධුනාථ තවමත් නොපැමිණියේ ය.
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...