විත්තිකාර පාර්ෂවය කරුණු ඉදිරිපත් කරන්න....

" ස්වාමිනි, මගේ සේවාදායකයා මෙම චුදිතවරියගෙන් කිහිප වරක්ම දික්කසාද වීමට අවසරය ඉල්ලා සිටියත් ඇයගේ දේපල තණ්හාව නිසා ඇය දික්කසාද වීම ප්‍රතික්ෂේප කළා. නමුත් මගේ සේවාදායකයාගේ තිබෙන මනුස්සකම නිසා ඇයට ජිවත්වීමට ඔවුන් දෙදෙනා මෙතෙක්කල් ජිවත් වූ තෙමහල් නිවාසය ඇගේ නමට පවරා දුන්නත් ඇය එයත් ප්‍රතික්ෂේප කරනවා. ස්වාමිනි, මගේ සේවාදායකයාට අවශ්‍ය ඉක්මනින් දික්කසාද වීමට පමණක් බැවින් ඇය බලාපොරොත්තු වන ඕනෑම දෙයක් ලබා දෙන බවට මෙම උසාවියෙදී පොරොන්දු වනවා.එපමණයි ස්වාමිනි.....

"චුදිතපාර්ෂවය දැන් කරුණු ඉදිරිපත් කිරීම අරඹන්න......."

කිසිවක් පවසන්නට නැත ස්වාමීනි, මගේ සේවාදායිකාව දික්කසාදය ලබාදෙන්න සුදානම්.. ඇය සියල්ල ප්‍රතික්ෂේප කර නැවත ඇගේ රටට යාමට සැලසුම් කර තිබෙනවා... එපමණයි ස්වාමිනි.....

විත්තිකරු❤
(තමාටම)

"මොකක් 😲😲😲😲 ආපහු යන්නම යනවා...... උබ මාව මේ අපායේ තනියෙම තනිකරලා යන්නම යනවද මගේ මැණිකේ...... උබ යන්නම යනවද...... ඒ කියන්නේ මගේ අම්මා කියපු කතාව ඇත්ත... උබ මට නෙමෙයි ආදරෙ කලේ උබ මගේ දේපලවලටවත් නෙමෙයි ආදරෙ කලේ....... උබට ඕනි උනේ මන් විදවනවා බලන්න... උබට ඕනි උනේ මගේ ජිවිතේ කාලකන්නි කරන්න.... දැන් හරිද😩😩😩😩😩 උබට සතුටුද..... අවුරුදු පහක් උබ මගේ ජිවිතේ විනාස කළා.... දැන් පලයන් ආපහු උබගේ සතුට හොයාගෙන පලයන් ඈතටම පලයන්..........

හිසු වු සිතෙහි ඉතිරිව ඇත්තේ ආදරයයි
කවුරුන් කෙසේ කීවත් සිත නාහයි
නුඹට වු ආදරේ පණමෙන් රකියි
මේ සිත සැමදා ඔයාටයි....ඔයාට විතරමයි

පෙරුමන් පුරන්නේ නුඹ තුරුලට එන්නයි
සිත යටින් මෝරණ ආදරයට ලෝබයි
වෙන්කරනට බෑ මා සිත නුඹටයි
මියදුනත් මා ඔයාටයි....ඔයාට විතරමයි💔💔

ඔයාට විතරමයි💔💔

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।
#im not fine 💔जहाँ कहानियाँ रहती हैं। अभी खोजें