අග්නි 35

Start from the beginning
                                    

'' මට ? මේ මට ? '' අග්නි උපහාසයෙන් විමසුවේ සිය හස්තයින් නළලට වැටී තිබූ කෙස් ගස් රිද්මයකට සකස් කරමිනි.

'' දුම්දමන පැතලි වළදකට වඩා , වළගැසෙන කම්මුල් සහිත මා කොපමණ ප්‍රියමනාපයි දැයි ඔබම මදක් සිතා බලන්න.. මිධුනාථ '' අග්නි පැවසුවේ මිධුනාථ වෙත ඉගිමරමිනි. මිධුනාථගේ නාසය පිම්බෙනු අග්නිට පෙනුණි . ඔහු කිසිවක් නොපවසා අග්නිව පසෙකට තල්ලු කලේ සිය කුටිය පිහිටි දිශාව වෙත ගමන් කරමිනි.

අග්නි සිනාසී අනෙක් පස හැරුනේ ය. සිය ඇදුමින් ඔහු සෑහිමකට පත් විය යුතු විය. දීප්තිමත් හරිත පැහැ වස්ත්‍රයන් හා වම් හස්තයෙහි බාහුවෙහි ඇති රිදී වළල්ල හැරුනු විට අග්නි සතු අන් ආභරණයක් ද නොවී ය.  ඔහු සැහැල්ලුවෙන් සිනාසී සිය හිස කෙස් සකස් කලේ ය.

අනතුරුව ඔහුගේ දෑස් අනිච්ඡානුගවම වම් හස්තයෙහි වූ නව චක්‍ර සලකුණ වෙත යොමුවිය . එය පිටුපස සැගවුණු අර්ථයක් තිබෙන වග ඔහු දැන සිටිය ද එය ඔහුට තවමත් රහසක් විය. ඔහු කුඩා සලකුණ සෙමින් පිරිමැද්දේ ය. එහි කිසිදු වේදනාවක් නොවී ය.

අවසානයේ අග්නි යමක් නිරීක්ෂණය කළේ ය. එහි විශාල අවසන් රවුම සම්පූර්ණයෙන්ම පාහේ සම්පූර්ණවී නොතිබුණි . එහි කුඩා හිදැසක් විය. නමුත් තමා පෙරදින , අනුර්ධ අසපුවෙහි දී එය දුටු විට එය සම්පූර්ණ රවුමක් වූ වග අග්නිට විශ්වාස විය. ඔහු නැවතත් සිය දෑස් ලංකර එය හොදින් පරීක්ෂා කර බැලුවේ ය.

ඇතැම් විට එය තමන් අතින් සිදුවූ අත්වැරදීමක් වන්නට හැකි විය. නැති නම් තමා පිරිමැදි අවස්ථාවේදි එය මදක් මැකී යන්නට ඇතැයි අග්නි සැක කළේ ය. ඔහු නැවතත් සලකුණ මත තරමක් දැඩිව පිරි මැද්දේ එය මැකීයනවා දැයි සෙවීම පිණිසයි. සිය මැණික් කටුව අසල මදක් රත් පැහැ ගත් මුත් සලකුණෙහි කිසිදු වෙනසක් සිදු නොවී ය. අවසානයේ අග්නි සැහැල්ලුවෙන් සිනාසී එම කාර්යය අත හැර දැමුවේ ය.

ඔහු , ලැගුම්හල දෙසට ගමන් කළේ සන්සුන්වයි. ඔහුට එහිදී ප්‍රථමයෙන් භීෂ හමුවූ අතර ඔහු කාලවර්ණ සහ ධවල වර්ණ මුසුවූ වස්ත්‍රයන්ගෙන් සැරසී සිටියේ ය . අග්නි තිගැස්සුණු මුත් කිසිවක් නොපැසුවේ ය. භීෂ,  අග්නි දෙස බලා අපහසුවෙන් සිනාසී අනෙක් දෙසට ගමන් කළේ ඔහුව සම්පූර්ණයෙන්ම මගහරිමිනි . අග්නි මදක් විස්මයට පත්ව බලා සිටි මුත් කිසිවක් නොපැවසුවේ ය. ඔහු දන්නා භීෂගේ ස්වභාවය එය නොවී ය.

♛ අග්නි ♛Where stories live. Discover now