අග්නි 34

Start from the beginning
                                    

අග්නි අවිශ්වාසයෙන් මිධුනාථ දෙස බැලුවේ ය. මිධුනාථගේ මුවග උපහාසාත්මක බැල්මක් විය .

'' කුමකට ද එලෙස බලන්නේ  ? මා ජයග්‍රහණය කලේ.. තමුන් නෙවේ.. '' අග්නි නොරිස්සීමෙන් පැවසුවේ ය.

'' නිහඩවනු.. මුසා නොපවසනු..  '' එවර මිධුනාථ ගිගිරුවේ ය.

'' ඔබ කෝපයෙන් කෑගැසුවා කියලා ජයග්‍රහණය ඔබට හිමි වන්නේ නැහැනේ ? '' අග්නි ද පෙරළා කෑගැසුවේ ය.

'' නොවේනේ කුමරුනි.. උත්පල පැහැ වස්ත්‍රවලින් සැරසී සිටින කඩවසම් කුමරුන් තමා ප්‍රථමයෙන් අසු ද්වාර තුළින් ඇතුළු කලේ... '' ද්වාරය අසල සිටි මල්-ලියක් විසින් පැවසුවේ සිනාසෙමිනි. අග්නි හිස ඔසවා ඇය දෙස බැලුවේ ය.

'' අහෝ.. කුසුමක් බදු සොදුරිය.. ඔබ මොහුව උපකාර කීරීමෙන් කිසිදු පලක් නොවේනේ.. ඔහු කාන්තාවන් සම්බන්ධව ඇල් ජලය බදුයි..  '' අග්නි පැවසුවේ ඇය වෙත ඉගිමරමිනි . ඔහු සිතූ පරිදිම මිධුනාථ කෝපයෙන් දම්පැහැ ගැන්වී ගියේ ය.

'' නිහඩවනවා.. තමුන්.. අශ්ශීල.. '' මිධුනාථ වදනින් වදන ඇමිණුවේ ය. ඔහුගේ මුහුණ අතිශයින් කෝපාන්විත විය.

'' නමුත් , කුමරුනි.. ඔහු තමා ජයග්‍රහණය කලේ.. '' මල් -ලිය නැවතත් තහවුරු කලේ ය. අග්නි ඇය දෙස දෙතොල් උල් කර බැලුවේ ය. තමා එතරම් මධුර අයුරින් පැවසීමෙන් පසුව හෝ ඇය තමාගේ පස නොගැනීම පිළිබද අග්නි කළකිරුණි . '' සියලු කාන්තාවන් මෙලෙස තමා. කඩවසම් තරුණයෙක් දුටුව විට.. කෙතරම් මධුර ලෙස ආමාන්ත්‍රණය කලත් පලක් නොවේ.. '' අග්නි සිතුවේ දෙතොල් උල් කරමිනි.

'' අහාහ්හා.. මිධුනාථ.. අප ප්‍රමාද වනවා නොවේ ද  ? පිටවෙමු.. '' අග්නි සුළු මොහොතකින් පැවසුවේ මාතෘකාව වෙනස් කරලීමේ අරමුණිනි.

'' තමුන්, පරජිතයි.. '' මිධුනාථ ද පැවසුවේ අසු එදෙසට සෙමින් මෙහෙයවමිනි.. අග්නි සිය නළල මත වූ හිස කෙස් ඉහළ ගොස් නැවතත් නළල මත වැටෙන පරිදි පිම්බේ ය.

'' ඉදින් ? '' අග්නි තමා දන්නා අහිංසකම සිනහවෙන් මිධුනාථට සංග්‍රහ කලේ  ඔහු කිසිවක් නොදන්නා බව අගවමිනි.

'' ජයග්‍රාහකයාට ඕනෑම දෙයක් ඉල්ලා සිටිය හැකියි .. '' මිධුනාථ දැඩිව පැවසුවේ අග්නි දෙස රවා බලමිනි. අග්නි සුසුමක් හෙළුවේ ය.
අනතුරුව මිධුනාථ දෙස බැලුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now