අග්නි 34

Start from the beginning
                                    

මිධුනාථ නොරිස්සීමෙන් හෝ තමා පැමිණෙන තුරු බලා සිටින වග අග්නි දැනුවත් විය. අග්නි සිනාසී දෙපසට හිස සලා අසුගේ තෝන් ලණුව ඇද ගැස්සුවේ ය. තත්පර කිහිපයකින් ඔහු මිධුනාථ පසුකර හමාර විය. අග්නි සිනාසී අසු මදක් මන්දගාමී කලේ ය .

'' එය අභියෝගයක් ද ? '' එවර මිධුනාථ විමසුවේ සිය එක් ඇහිබැමක් ඉහළ යවමිනි.

'' හොදයි එසේනම්... නුරුපුර වෙත ප්‍රථමයෙන් අසුධාවනය කරන්නා ? එකගයි ද ? '' අග්නි  විමසුවේ සිනාසෙමිනි.

'' එකගයි.. '' මිධුනාථ රළුව පැවසුවේ ය.

'' ඔට්ටුව ? '' අග්නි ද ඇත ඇරියේ නැත .

'' තමුන් කතා කරනවා වැඩියි.. '' මිධුනාථ පැවසුවේ ඔහුගේ අසුගේ තෝන් ලණුව තරයේ අල්ලාගනිමිනි.

'' .. නොහැකියි.. ඔට්ටුවක් තිබිය යුතුමයි.. '' අග්නි ද කුඩා දරුවෙක් මෙන් පිස්සෙණ්ඩු විය.

'' පවසනවා ඉදින්.. '' මිධුනාථ රළුව පැවසුවේ කෝපයෙනි.

'' ජයග්‍රාහකයාට අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලා සිටිය හැකියි ? එකග ද ? '' අග්නි විමසුවේ ය. තමා ජයග්‍රහණය කරනවග අග්නිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශ්වාස විය.

'' එකගයි.. තමුන් අවසානයි අද.. '' මිධුනාථ දැඩිව පැවසුවේ තෝන් ලණුව ගස්සා අදිමිනි.

'' ඒයි.... මිධුනාථ.. තරගය ආරම්භ කලා ද ඔබ.. අසාධාරණයි.. නොහැකියි. මා සූදානම් නොවේ සිටියේ.. ආාාා.. උද්ධච්ඡ ඉස්ගෙඩියා... '' අග්නි පවසන විටත් මිධුනාථගේ අසුගේ දූවිලිවලාවන් අතුරුදහන් වෙමින් තිබුණි .

අග්නි ද සිය අසු වේගවත් කලේ ය. අග්නි මෙවර ද සම්පූර්ණයෙන්ම මිධුනාථ අවතක්සේරු කර තිබුණි. මිධුනාථගේ අසු හැසිරවීමේ හැකියාවන් , තමා හා සමාන මට්ටමෙහිම වූ වග අග්නිට වැටහුණි . ඔහු වරෙක මිධුනාථ ද වරෙක මිධුනාථ ඔහුවද බැගින් කරට කර අසු මෙහෙය වූයේ ය. ඔවුන් භීෂ හා අනෙක් අය ද පසු කර ගොසින් අවසන් විය.

අවසානයේ අග්නි නුරුපුර ප්‍රවේශ ද්වාරය පසු කලේ ය. ඔහු අසුගේ තොන් ලණුව ඇද නැවැත්වූ අතර , ඔහු හිස ඔසවා බලන විට මිධුනාථ ද ඔහු හා සාමානවම තරගය නිම කර තිබුණේ ය. අග්නිගේ සිතෙහි මේ මොහොතේ වූයේ එක් පැනයක් පමණක් විය. '' කව්රුන් ද ජයග්‍රහණය කලේ  ? '' 

♛ අග්නි ♛Where stories live. Discover now