අග්නි 29

Start from the beginning
                                    

'' මෙහි නම් කුඩා දරුවෙකු ලෙස හැඩීමට නොසිතන්න.. නැවත ලැගුම්හලට ගිය පසු ඇති පමණ හැඩිය හැකියි.. '' මිධුනාථ රළුව පැවසුවේ අග්නි දෙස රවා බලමිනි.‍

තමා පෙර හැඩූ අාකාරය සිහිපත් වී අග්නිගේ මුවින් ක්ෂණික සිනහාවක් නික්මුණු නමුත් කිසිවක් පැවසුවේ නැත. එවර මිධුනාථගේ මහපටගිල්ල සිය කොපුල් ඔස්සේ පහලට ගොස් තමා සිනාසෙන විට වල ගැසෙන කම්මුල ආසන්නයේ නැවතෙනු අග්නිට දැනුණි . අග්නි එවරද මිධුනාථ දෙස හැරී බැලුවේ ය.
මිධුනාථගේ මුහුණෙහි සිනහවක් නොවූ නමුදු ඔහු සිය දෑස් පිළිමයක් ලෙස අඩවන් කර අග්නිගේ කොපුල් වල ගැසෙන අයුරු බලා සිටියේ ය. ඔහුගේ මුහුණ සන්සුන් හා සැහැල්ලු විය. මිධුනාථ , සිය කොපුල් වල ගැසෙන ස්ථානයේ දෙවරක් සිය මහපටගිල්ල මෘදුව ඔබ මොබ ගෙනියනු ද අග්නිට දැනුණි .

'' එය ඔබට දෙන්නේ නැහැ... '' අග්නි මද වෙලාවකින් පැවසුවේ සිනාසෙමිනි. මිධුනාථ දැන් සිය වල ගැසෙන කම්මුල ද උදුරාගැනීමට උත්සහ කරනු ඇතැයි ඔහු එදෙස බලා සිටි ආකාරයෙන් ම අග්නිට සැක සිතුණි.

'' බැහැ... මට අවශ්‍යයි.. '' මිධුනාථ මුරණ්ඩු ලෙස පැවසුවේ අග්නිව තිගස්සවමිනි.

'' ඇහ් ? '' අග්නි සිය දෙවුර හැකිලුවේ ය. ඔහු නැවතත් මිධුනාථ දෙස සිය දෑස් කුඩා කර බැලුවේ ය.

'' මට අවශ්‍යයි.. '' මිධුනාථ නැවතත් අවධාරණයෙන් පැවසුවේ ය.

'' නොහැකියි.. එය මගේ.. ඔබට ලබා දීමට නොහැකි යි.. '' එවර අග්නි පැවසුවේ මිධුනාථගේ අතට ගසා එය ඉවත් කරමිනි. නැත. ඔහු කුමක් ලබාදුන්න ද සිය වල ගැසෙන කම්මුල නම් කිසිදිනෙක මිධුනාථට නම් ලබා දෙන්නේ නැතිවග අග්නිට සක්සුදක් සේ විශ්වාස විය . අග්නිට අනුව , තමා වඩාත් කඩවසම් වීමට හේතුව මෙකී එක් පසක් පමණක් වල ගැසෙන කම්මුල විය . ඔහු එය මිධුනාථට ලබාදුන හොත් මිධුනාථ නිසැකවම තමාට වඩා කඩවසම් වනු ඇත. නැත. අග්නි එය නොරිස්සුවේ ය. මිධුනාථ කෝප නොගෙන සිටින අවස්ථාද ඔහු නොරිස්සුවේ එබැවිනි. කෝපයට ඔහුගේ කඩවසම් බව සෑම විටම යටවූ බැවින් තමා ඔහුට වඩා කඩවසම් බව අග්නි තමාටම පවසා ගත්තේ ය.

'' නොහැකියි .. මට අවශ්‍යමයි.. '' එවර මිධුනාථ පෙරට ද වඩා මුරණ්ඩු ලෙස පැවසුවේ ය. ඔහුගේ මුහුණ කෝපාන්විත වුවද , නළල රැළි ගැසී තිබුනේ නැත . පන්දම් ආලෝකයෙන් ඔහුගේ මුහුණෙහි වූ හැගීම කියවාගැනීම කොතරම් අපහසු වුවද එහි යන්තමින් තැවරී තිබූ වේදනාව ද අග්නි වටහා ගත්තේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now