අග්නි 28

Start from the beginning
                                    

අග්නි තවත් කිසිවක් විමසීමට පෙර මිධුනාථ ඉක්මනින් ක්‍රියාමක වූයේ ය. ඔහුගේ දෑස් මෙවර ඍජුව වම් පස ආලිංගනය වෙත යොමු විය. එහි සිටි , මිධුනාථ පෙර පැවසූ ලෝහිත පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසි යුවතිය කලබලෙන් නැගී සිටිනු අග්නිගේද දෑසට හසු විය. අග්නි ඉක්මනින්ව ඇයව ලුහු බැදීමට තැත් කලද මිධුනාථ විසින් ඔහුව නැවතත්  පසෙකට තල්ලු කර දැමුවේ ය.

එකී කාන්තාව , වනය දෙසට අතුරුදහන් වනු දුටු මිධුනාථ ඇය පිටුපසින් ක්ෂණිකයෙන් ලුහු බදිනු අග්නි බලා සිටියේ ය.  සියලු දෙනාගේ අවධානය භාසුගේ වීණා වාදනයට යොමු වී තිබූ හෙයින් වෛශව අසපුවෙහි අයවලුන් හැරුනු විට කිසිවෙකුත් සැඩ පහරක වේගයෙන් අනෙක් පසට දිව ගිය මිධුනාථ දුටුවේ නැත .

අග්නිට කිසිවක් සිතාගැනීමට හෝ නොහැකි වේගයෙන් සියල්ල විය. ඔහු විශාල හුස්මක් ගෙන සන්සුන් වීමට උත්සහ දරමින් කල්පනා කලේ ය. ඔහුට අනුව , ඔවුන්ගේ ඉලක්කය විය යුතුව තිබුනේ භාසුර විය යුතු විය. නමුත් , හිටි හැටියේ ම ඉලක්කය තමා බවට පත් වීම අග්නිට පැටලිළි සහගත විය. නිසැකවම එය සියුම් , විෂ ගැන්වූ ලෝහ කූරක් විය යුතු විය. එලෙසම, එය එල්ල කල තැනැත්තිය මිධුනාථ පෙර පැවසූ පරිදි ඔහු හා යහන්ගත වූ කාන්තාව විය.. අගින්ට මෙහි සියලු දේම පැටලිලි සහගත විය. සියල්ල අපැහැදිලි වන විට ඔහු එය නොරිස්සුවේ ය.

අවසානයේ ඔහු යමක් තේරුම් ගත්තේ ය. මෙකී තුන්වන පාර්ශවය ඔහු අනුමාන කලාටත් වඩා බෙහෙවින් , ඉදිරියෙන් සිටියේ ය. නිසැකවම භාසුර සත්‍ය සුලෝධජ නොවන වගද ඔවුන් දැනුවත් විය යුතු විය. එලෙසම මිධුනාථ ද තමා සිතුවාට ද වඩා හැකියාවෙන් හා විමර්ශනශීලිත්වයෙන් ඉහළ විය. තමා මෙතරම් බොළද වූයේ කෙසේදැයි අග්නිට වටහා ගත නොහැකි විය. ඔහු ඉතා සරල ලෙස භාසුර වෙත ප්‍රහාරයක් අපේක්ෂාවෙන් බලා සිටියේ ය. නමුත් , මිධුනාථ නිසැකවම තමාට වඩා යමක් දැන සිටින්නට ඇත. එක්වරම ඔහු එකී කාන්තාව ගැන පැවසීමට හේතුව ද අග්නිට වැටහී යන්නට විය. ඔහු අධි මානසික ශක්තින් උපයෝගි කරගෙන , සියුම් ලෙස ප්‍රහාරය නැවැත්වූයේ නැතිනම් තමා නිසැකවම මේ වන විට ජීවතුන් අතර නැත.

♛ අග්නි ♛Where stories live. Discover now