අග්නි 26

Start from the beginning
                                    

'' ඉදින් ? '' අග්නි විමසුවේ ය. මුනි කුල නීති රීති පිළිබද අග්නිගේ ද දැඩි අප්‍රසාදයක් විය.

'' එවර , මිධුනාථ අය්යණ්ඩිගේ මෑණියන් සිය ජීවතය පසෙකලා මහීධට උපත ලබාදීමට එකග වූයේ ලු.  එලෙසම එයට හිලව් ලෙස මිධුනාථට ශිල්ප ලබා දෙන පියාණන්ගෙන් ඇයැද සිටියේ ලු.... ඉදින් , පියාණන් මිධුනාථව නොපිළිගත්ත ද අකමැත්තෙන් හෝ එයට එකග වී තිබෙනවාලු.. ඔබ දැනුවත් නොවේ ද වෛශව අසපුව දුර්වලයා ඉවත් කරන ආකාරය.. මානසික අභ්‍යාස...මිධුනාථ අය්යණ්ඩි ඒ වන විටත් ශිල්ප හැදෑරීමට බෙහෙවින් ප්‍රමාද වූවා. දස හැවිරිදි යනු සැබවින්ම ප්‍රමාදයි නොවේද අග්නි ? මා ශිල්ප හැදෑරීම ආරම්භ කලේ සිව් වියැතිව සිටිය දී,. '' මිගාර පැවසුවේ ය.

'' හ්ම්.. '' අග්නිද පැවසුවේ ය. මිධුනාථ ප්‍රථමයෙන් ශිල්ප හදාරන විට , ඔහු දසහැවිරිදි වග මණිමාප ජලාශයෙදි ඔහු විසින් තමාට පැවසූ වග අග්නිට සිහිපත් විය.

'' මිධුනාථ අය්යණ්ඩි මානසික අභ්‍යාසවලින් පහසුවෙන්ම මියයාවි යැයි බොහෝ දෙනා අනුමාන කලේ ලු.. අනෙක් කරුණ... අපගේ මෙන් මිධුනාථ අය්යණ්ඩිගේ උපත කිසිවෙකු පිළිගත්තේ නැහැ.. ඔහුට කිසිවෙකුත් අවම තරමේ වෛශව අසපුවෙහි සේවකයන් පවා, මුනි ශිෂ්‍යයෙකුට මෙන් ගරු කලේ ද නැහැ.... මා අදහස් කලේ , ඔහුට ආම්.... ආ.. ආ.... ආව.. . '' අව- ජාතකයා... '' යනුවෙන් අපහාස කලේලු..මිධුනාථ අය්යණ්ඩි සෑම විටම කිතා මෑණියන්ගේ තුරුළේමයි සිටියේ..... නමුත්,  වෙදදුරුතුමන් පැවසූ ලෙසම කිතා දේවිය මහීධ මලණුවන් වෙත උපත ලබාදීමෙන් අනතුරුව මිය ගියා.. මා එදින බොහෝ සේ හැඩුවා මා හට හොදින්ම මතකයි... ඇය මා හට නිතර , ගල් සියඹලා ලබාදුන්නා... '' මිගාර පැවසුවේ සංවේදිවයි..

'' මිධුනාථ අය්යණ්ඩි, ශිල්ප හැදෑරිමේදි බොහෝ සෙයින් දුර්වල වී තිබෙනවා.. ඔහුගේ වයසේ පසුවූ අනෙක් වැඩිමහල් මුනි ශිෂ්‍යයන්  , අසිපතින් පහර දීමට ඉගෙන ගනිද්දී මිධුනාථ අය්යණ්ඩි අසිපත ඇල්ලීමට හුරු වූවා.. මා ද ඒ වනවිටත් මූලික අසිපත් චලනයන් හදාරමින් සිටියේ ...මිධුනාථ අය්යණ්ඩිට අසිපත ඔසවා ගැනීමට හෝ නොහැකි වූවා..  ඔහු මානසික අභ්‍යාසවලින් නිතරම සිහිසුන් වූවා.. ඔහු ශිල්ප හැදෑරිමේ ප්‍රථම වර්ෂයෙන් අඩකට වඩා ගත කලේ දිගින් දිගටම සිහිසුන්වෙමින්... කිතා දේවියගේ මරණයත් සමගින් ඔහු සැබවින්ම බොහෝ සේ දුර්වල වූ වග මා අසා තිබෙනවා.. මිධුනාථ අය්යණ්ඩි කොහිදැයි කිසිවෙකුත් විමසූ විට , සියලු දෙනා බොහෝවිට පෙන්වන්නේ රෝහල් පරිශ්‍රය... සියලු දෙනා ඔහුව උපහාසයට ලක් කලා... අර භීෂ අය්යණ්ඩි පැවසු , වදන ඔවුන් මිධුනාථව ඇමතීමට නිතරන්තරයෙන් භාවිත කලේලු...''

♛ අග්නි ♛Where stories live. Discover now