අග්නි 23

Bắt đầu từ đầu
                                    

අග්නි කිසිවක් නොපැවසුවේ ය. නමුත් ඔහුගේ දෑස් සිහින් වූ ආකාරයෙන් ඔහු උපහාසාත්මකව සිනාසෙන වග මෙකී මුනි ශිෂ්‍යයාට පැවසිය හැකි විය.

තමාගේ ග්‍රහණයේ සිටි ශිෂ්‍යයා නිශ්ශබ්දවම එල්ල කිරීමට ගිය නිල ප්‍රහාරය ද අග්නි සාර්ථක ලෙස වැළැක්වූ අතර , එවර නම් ඔහු සිය අසිපත පිටතට ඇද්දේ ය. අගින් සිය සුරතෙහි බාහුව ආධාරයෙන් ශිෂ්‍යයාගේ ගෙල සිර කලේ නිරුපද්‍රිත හස්තයෙන් අසිපත ද ඔහුගේ ගෙල අසලට තද කරමිනි  . මුනි ශිෂ්‍යයාගේ ගෙල අසල සුළු කැපුමක්ද ඇති වී තිබූ අතර ඉන් සියුම් රුධිර ධාරාවක්ද ගලා යනු අග්නිට පෙනුණි .

නමුත් මුනි ශිෂ්‍යයා සිය පාදයෙන් සාර්ථක ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කල අතර , අග්නි ඔහුගේ හස්තයෙන් කරකවා ඔහුව පිටුපස හැරෙව්වේ අනුකම්පා විරහිතව යි.  අග්නිගේ චලනයන් හීසර මෙන් වේගවත් හා සැහැල්ලු විය.

මුනි ශිෂ්‍යයාගේ පාදයට පිටුපසින් පා පහරක් එල්ල කල අග්නි ඔහුව බිම දණගැස්වූයේ ඔහුගේ කෙස් වැටියෙන් තරයේ අල්ලා ගනිමිනි.

'' තමුන් හැප්පෙන්නේ වැරදි කෙනා එක්ක '' අග්නි භයානක ලෙස පැවසුවේ මුනි ශිෂ්‍යයා වේදනාවෙන් මිරිකී යන පරිදි සිය ග්‍රහණය තවත් දැඩි කරමිනි. 

'' කව්රුන්ද තමුන්.. කුමන අසපුවේ ද ?  ''  මුනි ශිෂ්‍යයා වේදනාවෙන් විමසුවේ ය .

'' මා කව්රුන්ද දැයි දැනගත හොත් ඔබ මෙහිම මියයාවි.. '' අග්නි ද උපහාසයෙන් පැවසුවේ ය.

'' නුඹ ගිරි අසපුවේ ද ? ජඨිල ද නුඹව මෙහි එව්වේ ? ... මදක් මා පවසන දෙය අසාසිටින්න.. '' මුනි ශිෂ්‍යයා පැවසුවේ කලබලයෙනි.

අග්නි ඔහුගේ කෙස් වැටියෙන් තවත් තද කර අල්ලා ගෙන ඔහුට පා පහරක්ද එල්ල කලේ ය. අග්නිගේ දෑස් අනුකම්පාවිරහිත විය . අතිශයින්ම රෞද්‍ර විය.

'' මා පවසන දේ අසාසිටින්න ප්‍රථමයෙන්...
.. මා මිධුනාථට එය ලබා දුන්නා. . නමුත්.. ඔහු එය ලබාගෙන නැහැ.. එයයි හේතුව ඔහු නිරුපද්‍රිත වීමට..එය මගේ වරද නොවේ.. කමා කරන්න... . '' දීඝ මුනි ශිෂ්‍යයා පවසාගෙන ගියේ අග්නිගේන් අනුකම්පාවක් බලාපොරොත්තුවෙනි . නමුත් , ඔහුගේ වදන්වලින් පසු අග්නිගේ දෑස් තවත් රෞද්‍ර විය. අග්නි සිය බරැති අසිපත් මිටෙන් වැරෙන් පහරක් දීඝ ශිෂ්‍යයාගේ බද වෙතට එල්ල කලේ ය. ඔහුගේ ප්‍රහාරය සැබවින්ම දැඩි විය . මුනි ශිෂ්‍යයා වේදනාවෙන් නැගූ හඩ ද අග්නිගේ සවනෙහි වැකුණු වගක් පෙනෙන්නට නොතිබුණි .

♛ අග්නි ♛Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ