අග්නි 21

Start from the beginning
                                    

'' ප්‍රථම කොන්දේසිය... නිශ්ශබ්දව සිටීම... දෙවන කොන්දේසිය ප්‍රලාප කිසිවක් නොපැවසීම.. තෙවෙනි කොන්දේසිය , මා කෝප නොගැන්වීම. '' මිධුනාථ පැහැදිලි ස්වයෙන් පැවසුවේ අග්නි දෙස රවා බලමිනි..

'' ඉදින් , ඒ ත්‍රිත්වයම එකක් නොවේ ද ? '' අග්නි විමසුවේ කුතුහලයෙනි.

'' කටවහනවා !!!! .. '' මිධුනාථ කෝපයෙන් ගුගුලේ ය .

අග්නි නිහඩ විය . නමුත් අග්නිට අනුව තමා නිවැරදි විය. තමා නිශ්ශබ්දව නොසිටිනවා යනු නිසැකවම කුමක් හෝ ප්‍රලාපයක් පවසනවා විය යුතු විය. තමා කුමක් පැවසුව ද ඉන් නිසැකවම මිධුනාථගේ කෝපය ද ඇවිලුණේ ය .  ඉදින් ඒ ත්‍රිත්වයම එකක් නොවන්නේ කෙසේ ද ?

මිධුනාථ හා ගමන මළමිනියක හා ගමන් කරනවාක් බදු විය . එක් හේතුවක් වූයේ දැනටමත් ජඨිලගේ ප්‍රහාර නිසාවෙන් දම්පැහැ ගැන්වූ තැලුම් පහරවල් හා සටන් බිමෙහි වැලි තැවරීමෙන් දහදියෙන් තෙත්වූ ශරීරය වූ අතර , අනෙක් කරුණ ඔහු කිසිවක්ම නොපැවසීමයි . ඔහු දෙවරක්ම තමාගේ සුරතෙහි වූ අග්නිගේ අසිපත පිටතින් පිරික්සා බැලූ අතර සම්පූර්ණ ගමන පුරාවටම අන් කිසිවක් නොකලේ ය . නුරුපුර ලැගුම් හලෙහි සිට මණිමාප ජලාශය තෙක් ඇති සැතපුම් කිහිපය අග්නිට දැනුනේ ගව් ගණනක් ලෙසිනි .

'' මේ අසිපත ලෝබොර අසිපතක් නොවේ.. මා නිවැරදිනේ  ? '' මිධුනාථ අවසානයේ සිය හඩ අවධි කලේ ය . නමුත් ඔහු විමසූ පැනය ද අග්නිට පිළිතුරු දීමට හැකි පැනයක් නොවී ය.

'' ලොබොර නොවේ නම් අන්කුමක් ද ? .. '' අග්නි ද පෙරළා පැනයක් විමසුවේ ය .

'' මුසා නොදඩනු.. මාගේ අසිපත රිදී.. මා හොදින් හදුනනවා එහි බර.. මෙය එයටද වඩා ස්කන්ධයෙන් වැඩියි... නමුත් කෙසේ ද ? පෙනුමෙන් ලෝබොර වගේමයි.. '' මිධුනාථ පැවසුවේ සුපරික්ෂාකාරී ලෙසයි . ඔහුගේ නළල රැලි ගැන්වී තිබුණ ද ඔහු කෝපයෙන් නොවී ය .

මිධුනාථ කෙලෙසකවත් අසිපතෙහි වම් පසින් නොඅදින වග අග්නිට විශ්වාසයෙන් පැවසිය හැකි විය . සාමාන්‍ය දැනුමක් ඇති කිසිවෙකුත්
අසිපතක් වම් පසින් පිටතට අදින්නේ නැත. ඒ සදහා අග්නි මෙන් විශේෂ අසාමාන්‍ය දැනුමක්ම අවශ්‍ය වෙයි. මිධුනාථගේ ප්‍රකාශය හමුවේ අග්නි සන්සුන්ව සිනාසුණේ ය . ඔහු සිය අසිපත නැවතත් තමාගේ සුරතට ගත්තේ මිධුනාථ සතුව අසිපත තිබීම ආරක්ෂාකාරී නොවූ බැවිනි .

♛ අග්නි ♛Where stories live. Discover now