අග්නි 21

Start from the beginning
                                    

'' මා අදහස් කලේ ...නුරුපුර ... මණිමාප වාපිය පිළිබදව.. '' අග්නි පැවසුවේ මද විරාමයක් ගනිමිනි .

මණිමාප ජලාශය නුරුපුරට මෙන්ම ගිරි අසපුවටද සුවිශේෂී වූ ජලාශයක් විය . ගිරි අසපුවට ඇතුළු වීමේ පරීක්ෂණයක් ලෙස මෙකී ශීතල මණිමාප ජලාශයේ සම්පූර්ණ රැයක්ම ගත කල යුතුවිය .

'' උමතුවෙන්ද ? මේ මධ්‍යම රාත්‍රිය ... පිටතට යා නොහැකියි.. '' මිධුනාථ ගුගුලේ ය .

'' නුඹ කාන්තාවක් මෙන් හැසිරෙන්නේ.... '' අග්නි පැවසුවේ හිස දෙපසට වනමිනි.

'' නිහඩවනු.. ! .. '' මිධුනාථ ගිගිරුවේ ය . ඔහුගේ හඩට අශ්වයන්ද කම්පනය වනු අග්නිට පෙනුණි .

ඔබට යාමට නොහැකි නම් කම් නොවේ ඉදින්.. මා කෙලසක හෝ යාමටයි සිටියේ.. මා නම් ඉදින් එහි බැස තිබේ ''  අග්නි පැවසුවේ සිය වම් අතින් අසිපත සුරතට ගනිමිනි. සිදුවූ දේවල්වලින් පසුව නැවතත් අසිපත රැගෙන මිස නුරුපුර සංචාරය නොකරන වග අග්නි සිතාගෙන හමාර විය .

'' තමුන්ට එලෙස යාමට නොහැකියි... ,. '' මිධුනාථ ද පැවසුවේ අග්නිගේ මග අවුරමිනි...

'' යාමට නොදුන හොත් මා නැවතත් හඩනවා... '' අග්නි පැවසුවේ ය . මේ උපාය ක්‍රියාත්මක වග ඔහුට සක්සුදක් සේ විශ්වාස විය .

'' ඉතින් හඩනවා.. මා හට කම් නොවේ.. '' මිධුනාථ ගුගුලේ ය .

ඒ උපාය ක්‍රියාත්මක නොවුනු දුටු අග්නි තවත් උපායක් පිළිබද කල්පනා කිරීමට ප්‍රථම මිධුනාථ ඔහුගේ හස්තයෙහි වූ අසිපත උදුරාගනු ඔහුට දැනුණි .
මිධුනාථ තමාගේ විශ්වාසනීය අසිපතද සහිතව අශ්ව ස්තාලයෙන් පිටතට යනු අග්නි බලා සිටියේ බලාපොරොත්තු කඩවීමෙන් දෙතොල්ද උල් කරමිනි . දැන් සම්පූර්ණ රාත්‍රියම , අසිපත ද නැතිව ගෙවා දැමීමට ඔහුට සිදුවනු ඇත.

පියවර කිහිපයක් ගමන් කල මිධුනාථ නැවතුණේ ය .

'' තමුන් , පැමිණෙනවාද නැතිද ඉදින් ? '' මිධුනාථ රළුව විමසුවේ තවමත් ස්තාලය තුල සිටි අග්නි වෙත හැරෙමිනි .

'' සැබවින්ම ? අප පිටවනවා ද ? ඕහ්... අනර්ඝයි.. අනර්ඝයි....මේ පැමිණෙනවා... '' අග්නි පැවසුවේ උද්යෝගයෙන් මිධුනාථ හා එක්වෙමිනි.

♛ අග්නි ♛Where stories live. Discover now