අග්නි 14

Start from the beginning
                                    

'' ස්සස්.. '' ඔහු ධීරගේ අවධානය ගැනීමට හඩක් නැගුවේ ය . සිලිලාර ශාලාවෙහි වූ රද්කොළ මිතුරන් හා විශාල කතා බහක යෙදී සිටි ධීර හට නම් කෙලෙසකවත් එය ශ්‍රවණය වූ බවක් නම් පෙනෙන්ට නොවුණී.
අග්නි සිය යටිතොල සපාගත්තේ ඉවසීමෙනි.. නමුත් ඉවසීම ඔහුට නැතිම වූ ගුණයක් විය .

'' ස්ස්ස් '' මෙවර ඔහුගේ ශබ්දය තරමක් ත්‍රීව්‍ර විය . ධීර පමණක් නොව, පසෙක සිටි මයුර අසපුවෙහි ශිෂ්‍යයන් පවා අග්නිගේ ශබ්දයට ඔවුන්ගේ ගෙල හරවා බැලූ හ . ඔවුන් වෙත අතිශය විනීත සිනහවකින් හා දෑත් එක් කර ද ආචාර කිරීමෙන් පසු අග්නි නැවතත් ධීර දෙස හැරී බැලුවේ නළල රැලි ගන්වා යටි තොල සපාගනිමිනි. අග්නිගේ මුහුණෙන් දිස් වූයේ පැහැදිලි අනතුරු ඇගවන සුළු බැල්මක් විය .

සිය දෑස් ද කුඩා කර මද වෙලාවක් අඩ අදුරේ තමා දෙස බලා සිටි ධීරගේ දෑස් බලා සිටියදීම එළියට පනින්නාක් සේ විශාල වනු අග්නිට පෙනුණි . ඔහු අග්නිගේ කෝපය නිවැරදිවම හැදින්නේ ය. ධීර වෙත කිසිවක් නොපැවසූ අග්නි පවුරෙන් පිටතට ගමන් කලේ , ධීර සිය මධුවිත බදුන ද පසෙකින් තබා සෙනග අතරින් පීරා අග්නිගේ පසුපසින් දිව යද්දීයි .

පවුරෙන් පිටත දැව පහන් ආලොකය නොමැති තරමක අදුරු ස්ථානයක් වෙත ආ අග්නි සිය ගැඹුරු පියවර හඩට විරාමයක් ලබා දෙමින් නැවතුනේ ය.  ධීර දුව ආ විගස හතිලමින්ම අග්නි වෙත සිය ආචාරය පුදකලේ බිම දණගසමිනි . අග්නිගේ ඇහි බැම තවමත් රළු වග දුටු ධීර සිය හිස ද අග්නිගේ දෙපා මුලටම පහත් කලේ සමාව අයදිමිනි . ඔහු සිය දෑතින් අග්නිගේ දෙපාද ඇල්ලුවේ ය .

'' කමාකරන්න.. ස්වාමිනි.. මා... '' ධීරගේ ස්වරය වේව්ලුම් කෑවේය .

'' කුමක් සදහා ද ? '' අග්නිගේ හඩ මෙවර හැගීම් විරහිත විය . ඔහු සිය දෙපා ඉවතට ඇද ගත්තේ ය . සරලවම පැවසුවහොත් ඔහුගේ හඩ කෝපාන්විත විය .
ධිර තවත් සුදුමැලි විය . ඔහුගේ මුහුණෙහි ලේ නහර පැහැදිලි ලෙස සිදී යමින් තිබුණි .

'' සිලිලාර ශ්ශාලා .. ව්වෙහි... '' ධිර වදන් අමුණන්නට වූයේ ය .

'' ආහ් ?? '' අග්නි නැවතත් විමසුවේ ඔහුට එය නිසිපරිදි නොඇසුණ වග පෙන්වමිනි. අග්නිගේ උච්ච හඩට ධීර තිගැස්සී ගියේ ය .

♛ අග්නි ♛Where stories live. Discover now