අග්නි 9

1.8K 444 255
                                    

වෛශව අසපහුවෙහි ප්‍රධාන ජල පොකුණ අසලට පැමිණෙන තුරුම අග්නි මිධුනාථගේ පිටුපසින් නිහඩවම අැවිද ගියේ සුවච කීකරු සේවකයෙකු පරිද්දෙනි. ප්‍රධාන පොකුණ ඇත් කැටයම්වලින් අංකාරව තිබූ අතර, එය ම්‍යාන මුනිගේ ප්‍රධාන කුටිය ඉදිරිපස පිහිටා තිබුණේ වෙයි. බොහෝ මුනි ශිෂ්‍යයන් ම්‍යාන මුනිගේ ප්‍රධාන කුටිය ඉදිරිපස රැස්ව සිටිනු අග්නිට දැක ගත හැකි විය. ඔවුන් සියලු දෙනා අග්නි දෙස බලමින් මුමුණනු ද ඔහුට පෙනුණි.

එසේ නම් මිධුනාථ ම්‍යාන මුනිට සියල්ල පවසා ඇතිවග අග්නිට වැටහී ගියේ ය. ඔහුට පලා යා නොහැකි ආකාරයට සෑම ස්ථානයකම මුනි ශිෂ්‍යයන් ද විය. කෙලින්ම ඇවිද ගිය මිධුනාථ ප්‍රධාන කුටිය ඉදිරිපසින් සිටගත්තේ කිසිදු පැකිලීමකින් තොරවයි. මිධුනාථ මෙන්ම භීෂ ද  ඇතුළු තවත් වෛශව මුනි කුලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකුද එහි ඒ වන විටත් සිටගෙන සිටියෝ ය. අනෙක් වෛශව ශිෂ්‍යන් තරමක් පසෙකින් රැස්ව බලා සිටියෝ ය. භීෂ අග්නි දෙසට බැල්මක් හෙලා මිධුනාථ දෙසද බැලුවේ උපහාසයෙනි . භීෂ පසෙකින් අග්නි පෙර රාත්‍රී සටනෙහි දුටු වැඩිමහල් ශිෂ්‍යයා විය .  එලෙසම අනෙක් ශිෂ්‍යයන් තිදෙනාගේ පසෙකින්ද එලෙසම සහය පිණිස මුනි ශිෂ්‍යයන් සිටියෝ ය . සිදු කල හැකි අන් යමක් නොවූයෙන් අග්නිද නිශ්ශබ්දව බලා සිටීමට තීරණය කලේ වෙයි .

'' ඔහු උමතුවෙන් ද ? ''  භීෂගේ පසෙකින් සිටි වැඩිමහල් ශිෂ්‍යයා අග්නි දෙස අප්‍රසන්න බැල්මක් හෙලමින් විමසුවේ උපහාසයෙනි. අග්නි ද ඔබමොබ බැලුවේ ය. අනෙක් සියලු ශිෂ්‍යන්ගේද මුහුණුවල එම බැල්ම ඇදී තිබෙනු ඔහුට පැහැදිලිව දැක ගත හැකි විය.

භීෂ කිසිවක් පැවසීමට පෙර ඔවුන් සියලු දෙනාම නිහඩ වූයේ ම්‍යාන මුනි තුමන්ගේ පැමිණීමත් සමගයි.

ම්‍යාන මුනි වනාහි සෞම්‍ය පෞර්ෂයකට හා මෘදු විලාසයකට හිමිකම් කීවේ ය . ඔහුගේ වියපත් බව යටපත් වන පරිදි , පිහිටි ඝන ඇහිබැමි මිධුනාථගේ හා භීෂගේ මෙන්ම විය . තරමක රන්වන් පැහැ පැහැපත් සමක් හා තරමක කෙසග සිරුරකට හිමිකම් කී ම්‍යාන මුනිගේ මුහුණින් දැඩි තැන්පත් බවක් දිස්විය . ඔහුගේ සශ්‍රීකත්වය ඉස්මතු වන පරිදි නිර්මාණය කර තිබූ දම් හා රන්පැහැ නූලෙන් වැඩ දැමූ සුදු පැහැ වස්ත්‍රයන් ඔහුගේ පෙනුම තවත් සෞම්‍ය කලා වෙයි.  මිධුනාථ හා භීෂ ඇතුලු සියලු වෛශව ශිෂ්‍යයෝ එකාවන්ව ඔහුට ආචාර කලෝ ය.

♛ අග්නි ♛Where stories live. Discover now