අග්නි 8

Start from the beginning
                                    

'' ආ.. ආ.. ආ.. මා මෙසේ දමා යන්න එපා.. .. '' අග්නි ද කෑගැසුවේ තවමත් පොළොවෙහි සිටගෙන ය .

'' නිහඩවනු ! දැනවත් නවත්තනු ඔය රැවටිලි සහගත රංගනය.. නුඹ කව්රුන් වුවත් හොදින් සටන් පුහුණුව හා මානසික අභ්‍යාසවල නිතර වූවෙක් '' මිධුනාථ ගිගිරුවේ අග්නි දෙස බැලීමට වෙහෙස නොවීයි. මිධුනාථගේ ස්වරය සැබවින්ම බියජනක විය .

අග්නි සිය හිස කැසුවේ ය . මෙවර නම් මිධුනාථ නිසැකවම තමා එක් අඥානයෙකු නොවන වග තහවුරු කරගෙන ඇතිවග අග්නිට පැවසිය හැකි විය .

'' මිධුනාථ කුමරුනි.. '' අග්නි ඇමතුවේ ය . ඔහු හඩ සන්සුන් විය.

'' ඇති ! නිහඩවනු..''
ඔහුගේ හඩ පෙරටද වඩා වියළී ගොසින් තිබුණි . ඔහු සිටියේ අග්නිට පිටුපා බැවින් ඔහුගේ මුහුණ ද අග්නිට නොපෙනුණි . තව වදනකුදු නොපැවසූ ඔහු වේගයෙන් පිටව ගියේ වනය තුලටයි . ඔහුගේ පියවර දිවීමක් මෙන් වේගවත්ද වූයේ වෙයි .

මිධුනාථ පිටව ගිය ඉසව්ව දෙස නෙත් යොමු කල අග්නි සුසුමක් හෙළුවේ ය . අනෙක් පසින් සියල්ල සාර්ථකව සිදුවෙමින් පවතින විට ඔහුගේ අතින් පමණක් සියල්ල ව්‍යර්ථව යාම ඔහු නොරිස්සුවේ ය . දැනටද ඔහුගේ අඥාන බාවය මුසාවක් වග ඛාදී දේවියට හා මිධුනාථට රහසක් නොවීය . ඔහුට අනුව නම්  ඔහු සිය රංගනය උපරිම අයුරින් මෙහෙය වූයේ ය . වැදගත්ම කරුණ වූයේ ඔහු වෛශව අසපුවට පැමිණ තවමත් ඉක්මවා ගොස් තිබුණේ සතියක් පමණක් වීමයි. ඔහුගේ තුන් පැයෙහි නින්දෙන් හෝරා දෙකකුත් අඩකුත් ගෙවී ගොසින් අවසන් විය . අලුයම හතරට ඔහු නැවතත් අශ්ව ස්තාලයෙහි පෙනී සිටිය යුතු විය . 
මිධුනාථ , තමා සටන් පුහුණු කර ඇතිවග ම්‍යාන මුනිතුමන් හට පවසයි ද නොපවසයි ද යනවග අග්නිට විශ්වාස නොවී ය . කෙසේ නමුත් ඔහු වෛශව අසපුවෙහි රැදී සිටිය යුතු විය. අග්නි නැවතත් සිය පිටුපස වූ ගසට වාරු දී වාඩි වූයේ ඉතිරි අඩ හෝරාව ගෙවා දැමීමටයි.

.
.
.
.

කුඩා දරුවෙක් , අලංකාර උද්‍යානයක් වටා දුවමින් සිටියේ ය . ගුරුළුරාජ මල්වලින් පිරි උද්‍යානය අලංකාරය අතින් රාජකීය ලීලාවක් ගත්තේ ය . ඍජු හා ජ්‍යාමිතිකව සකසන ලද මංවාවත්වලින් සකස්ව තිබූ උද්‍යාන මාවත ඔස්සේ , තඹරු පැහැ සිනිදු කපු වස්ත්‍රවලින් සැරසීගත් රූමත් කාන්තාවක් කුඩා දරුවා දෙස බලා සිනාසෙමින් සිටියා ය . ඇය ශෝභමාන පෞර්ෂයකට හිමිකම් කී අතර , සිනාසෙන  විට ඇයගේ දෙකොපුල් වල ගැසිණ . අලංකාර දිගු කෙස්වැටිය මුදුනත සිටම ගුරුළුරාජ මල්වලින් අලංකාර තිබෙණු දක්නට විය.

♛ අග්නි ♛Where stories live. Discover now