Chapter 03❤

526 79 1
                                    


"වෙලාව කීයද!?...😩😩
පාන්දර ජාමේ ඇහැරුනු මම නින්දෙන්ම ඇඳ පුරා අතගෑවෙ මගේ  phone එක හොයාගන්න.
 
"ආ.. මේ තියෙන්නෙ,..
        Aegyo තාම 3.30 ද!!!!"😧😧

අයියලා කොහේහරි ගිහින් එනව කිව්ව දවසට හැමදාම මගේ නින්ද ඔහොම්මමයි. වෙනදට lectures යන්න උදේට මගේ alarm එකට තියා Hobii oppaටවත් නැගිට්ටව ගන්න බැරි මාව, මේ වගේ දවසට ඉතින් මම නිදාගන්නෙත් නැති තරම්.😅😅😅

දැන් ඉතින් මොනා කරන්නද...ආයේ නින්ද යනකන් කියල මමත් ඇදේ එහාටයි මෙහාටයි පෙරලුනා.
 
----------

වේලාව 4.15 යි.😑 නින්ද යන පාටක් ඇත්තෙම නෑ.මම ඇදෙන් බැහැලා ගිහින් lap එක  on කළා. නින්දයන්නේ නැති එකේ kimchi  හදන විදිය මතක් කරගන්න ඕන. එහෙම හිතලා මම search පාරක් දැම්මා.

අයියලගේ schedule free වෙන සමහර දවසට අපි හැමෝම එකට එකතුවෙලා kimchi හදලා තියනවා...
ඒත් මම මේ ඒක තනියම හදන්න යන පළවෙනි පාර. ඒ නිසා පොඩ්ඩක් විතර මම nervous. මොකද අයියලට කන්න පුළුවන් වෙන විදියට හදන්නත් එපැයි.😁😁😁😁
 
---------
 
දවල් 2 වෙන්න තව පැය බාගයයි. 🙆🙆

උදේ flight එකට නැග්ගා කියලා  Taehyung oppa message එකක් මට දාලා තිබුණා.
 Flight එකෙන් බැහැලා දැන් head-office එකට යන ගමන් කියලා  Jungkook oppa කිව්වා.

මමත් kimchiයි තව කන්න දේවලුයි හදලා  yeontanවත් තුරුල් කරන් එයාල එනකල් මඟ බලන් හිටියා..
 
"ඔරලෝසුව එක තැන හිටලද අප්පා ! ඇයි අද වෙලාව යන්නෙ නැත්තෙ...😖😖"
බලන් ඉන්න බැරි තැන මම ඔරලෝසුවටත් කෑ ගැහුවා.

---------
 
' අන්න එයාල එනවා.........😀😀😀'
වෑන් එකේ සද්දෙ ඈතින් යන්තමට ඇහැද්දිම මම දඩිබිඩියෙ නැගිට ගත්තා.
හිතපු පරක්කුවෙන් පුරුද්දටම වගේ ගෙයින් එළියට අඩිය තිබ්බේ ආපු ගමන් දුවලා ගිහින් ඇඟේ එල්ලෙන්න බලාගෙන.
'එක්කෝ අද ඉස්සරහට දුවන් යන්න නරකයි...😏😏'එහෙම හිතපු මම ඉස්සරහට තිබ්බ අඩිය ආපස්සට අරගෙන දොරත් බාගෙට වහලා කාමරේට දිව්වා.
 
අයියලා  van එකෙන් බැහැලා suitcase ටික එලියට ගන්නවා.මම කාමරේ ජනේලෙ  curtain එක අස්සට වෙලා හොරෙන් බලන් හිටියා. 😉😉
 
 "Princess ...අපි ආවා..."
jin oppa බෙරිහන් දීගෙනම ගෙට අඩිය තිබ්බා.
 
"කෝ මේ කෙල්ල!... වෙනදට අපි වාහනෙන් බැස්ස ගමන් දුවන් ඇවිත් ඇඟේ එල්ලෙන්නනේ බලන් ඉන්නේ.."
ඒ Namjoon oppa.. මම කාමරේටම වෙලා හිනාවත් තද කරන් හිටියා.
 
 "කෝ !..yeona....yeontan...."
Taehyung අයියා කෑ ගහද්දී නම් මට yeontanව තවත් අල්ලගෙන ඉන්න බැරි වුණා...මෙයා මහ සද්දෙන්  බුරාගෙන කාමරෙන් එළියට දිව්වා.

(Author pov: අයිතිකාරයා කතා කලාම නොගිහින් කොහොමද!😂🐶❤)
 
"අහ්හ්.... yeona ඔයා room එකේද?.."
 Yoongi oppa එහෙම කියනවත් එක්කම කට්ටියම කාමරේ පැත්තට එන සද්දෙ මට ඇහුනා.

'ඔක්කොම වතුරේ....අනේ මේ බලුකුක්කා නම්...😡😡😡ඉන්නවකො මම අල්ලගන්නම් උඹව පස්සෙ වෙලාවක' හිතින් මම yeontan ට හොදටම බැන්නා.
මෙච්චර ලේසියෙන් පරාදවෙන්න බෑ yeona...😌😌

මම දුවලා ගිහින් දොර වහලා අනිත් තප්පරේට ඇදට නැගලා ඔලුවෙ ඉදන් පෙරෝ ගත්තා.
 
" yeona...ඔයා ඇතුලට වෙලා මොකද කරන්නේ...Hide and seek වත් කරනවද අපි එක්ක"
jimin oppa දොර ළඟ ඉදන් කෑ ගනවා..මම තවත් හිනාව තද කරන් කතා නොකරම හිටියා.
 
" අසනීප වෙලාවත්ද...! ඊයේ කතා කරපු වෙලේ එහෙම දෙයක් දැනුනද hyung?"
Hobii oppa කාගෙන් හරි ඇහුවා..
 
" අපි ඇතුලට එනවා baby"
මගේ චූටි අයියා නැත්තම් kookie oppa එහෙම කියනකොටම  කාමරේ දොර ඇරෙන සද්දේ මට ඇහුනා.
මම මගේ ඇස් දෙක තදින්ම පියාගත්තා...
ඔව් මේ අවස්ථාවේ මම තාත්වික රංගනයක....😎😎
 
අයියලා 7  දෙනා දැන් මගෙ ඇඳ වටේ කියල මට දැනෙනවා..කවුරු හරි මගේ ඇඳේ ඉදගෙනත් ඉන්නවා වගේ.
Yoongi oppa "yeona...." කියද්දීම jimin oppa මම පෙරවන් හිටපු රෙද්ද අයින් කළා..
 
"ඔයාට සනීප නැද්ද princess ..." Jungkook oppa මගෙන් ඇහුවා.

"Wae baby...." Taehyung oppa මගෙ අතිනුත් අල්ලගෙන.
 
"අයියෝ.... කෝ පොඩ්ඩක් අයින් වෙන්න jimin ssi...මගෙ කෙලි පොඩ්ඩට මොකද මේ.!!"
Jin oppa jimin oppaවත් තල්ලු කරගෙන මගේ ළගට ඇවිත් දැන් මගේ උණ බලනවා.

Hobii oppa නම් බය වෙලා වගේ.. "yeona...yeona..." මගේ නම කටපාඩම් කරනවා වගේ එයා මතුරනවා.

තව කවුරුහරි මගේ කකුලෙනුත් අල්ලගෙන.
මගේ කාමරේ ඇතුලේ එකම විකාරයක්! 😂😂😂

තවත් මට මගේ හිනාව තද කරගෙන ඉන්න බැරි වුණා..අපි 8 දෙනාටම පාලනය කරගන්න අමාරුම, පාලනයක් නැති එකම දේ, ඔව් ඒ අපේ හිනාව තමා.😅😅
 
'දැන්නම් මම පරාදයි!' 😓🙈

A/N:

Good morning!....
onn ada udenma update ekk dunna. 😊😊 Author hoday ne..😆😆(wena ntnm😅)
Oni nm raa wela tw ekk dennm.....kamati nm kiyannko.

Parissamen inn reader babies....
BORAHAE 💜

Sιʂƚҽɾ Oϝ BTS | ✔✔ Where stories live. Discover now