අග්නි 2

Start from the beginning
                                    

'' නුඹට හැකි නොවේ ද ප්‍රියාවිය ?  '' . ඔහු නැවතත් විමසුවේ තරුණිය වෙත ඉගිමරමිනි.

'' නුඹ නම්.... '' තරුණියගේ දෑත ඉණෙහි වූ කිණිස්ස වෙත යොමුවෙනු දුටු අග්නි පියවරක් පසුපසට තැබුවේ අනිච්ඡානුවයි.

'' කව්රුන්ද නුඹ ? ඇය නැවත විමසුවේ අග්නිගේ පියවර තුල වූ වේගවත් බවින් විස්මයට පත් වෙමිනි.

'' දුගියෙක්නේ සොදුරිය '' තමා දෙසට කිණිස්ස එල්ල කල තරුණියගේ ඉණවටා දෑත් යවා ඇයව අනෙක් පස හරවා කිණිස්ස තමා අතට ගත් අග්නි පැවසුවේ සිනාසෙමිනි. තත්පරයක් තුලදී තමා නිරායුධ වූ වේගය අදහා ගත නොහැකිව සේවිකාව අග්නි දෙස බැලුවේ කෝපය හා විස්මය මුසු බැල්මකිනි.

ඇය නැවත අග්නි හට පහර දීමට ඉදිරියට පැන්නේ කෝපයෙනි.

'' තාලි..!!!! '' ඇයගේ පිටුපසින් ඇසුණු තියුණු හඩ සේවිකාව මෙල්ල කළ වග දුටු අග්නි ද එදෙසට දෑස් යොමු කළේ ය.

වෛශව අසපුවට ආවේණික සුදු පැහැ සේද වස්ත්‍රයෙන් සැරසී සිටි තරුණියක් ඔවුන් සිටි ස්ථානයට ඇවිද ආවේ ගාම්භීර ලීලාවෙනි. තාලි ඇයට ආචාර කරමින් පසෙකට වූවා ය. වෛශව අසපුවෙහි පමණක් නොව සියලුම මුනි කුලයේ අයවලුන්  නිරන්තරයෙන් පළදින සුදු පැහැ රෙදි පිළි මෙන්ම එහි සිත්තම්ව තිබූ දම්පැහැ චක්‍ර ලකුණ ද අග්නිගේ දෑසට හසුවූ පළමු දෙය විය. විශ්ව ශක්තිය අතරින් ඉහලම ස්ථානයේ සිටින වග වෛශව ශිෂ්‍යයන් මෙලස දම් පැහැ මුසු සේද පිළි පලදිමින් සංකේතවත් කරයි. කිරිගරුඩ වැනි පැහැපත් සමකට හා පිරිපුන් දේහයකට හිමිකම් කි ඇගේ කෙස් කළඹ හිස්මුදුනහි සිට බැද තිබුණි. එහි වූ රිදී පැහැ හිස් පළදනාවද , ගෙල වටා වූ රිදී මාලයද ඇය සාමාන්‍ය කාන්තාවක් නොවන වග ඇගවී ය. ඒ සියල්ලකටම වඩා අග්නිගේ දෑසට හසු වූයේ ඇයගේ අලංකාර මඩ පැහැ දෑසයි.. එහි කරුණාව හා අවැසි පමණටත් වැඩියෙන් අහිංසකකම පිරී තිබෙනු දැකිය හැකි විය.

'' ඛාදී දේවියනි.. '' මින් පෙර අග්නි  හා සටන් වැදුනු තාලි නම් තරුණිය සිය ස්වාමි දියණියට ආචාර කලේ ඇයගේ පිටුපසින් සිටගනිමිනි.

ඕනෑම කාන්තාවක් හා නොමනා විහිළුවක් කිරීම මගින් ඇයව අපහසුතාවයට පත් කිරීම අග්නිගේ සාමාන්‍ය ස්වභාවය වුවද , කුමක් හෝ හේතුවක් මත ඔහු ඛාදී දේවියට ආචාර කලේ වෙයි.  ඇයගේ සේවිකාව ඇයට දේවිය යනුවෙනි ආමාන්ත්‍රණය කිරීමෙන් කරුණු රැසක් පිළිබදව සිතාගැනීමට අග්නිට හැකිවිය. හදිසි අනුකම්පාවකින් ඔහුගේ සිත පිරෙන්නට විය. මුනිවරුන්ට විශාල අන්තපුරයක් සිටින වගත් ඔවුන් දිගින් දිගටම තම උරුමය ගෙන යාමට දරුවන් සාදමින් සිටිනවගත් නොරහසකි. එලෙස ඉපදෙන දරුවන්ගෙන් ශක්තිමත් , බලවත් දරුවන් පමණක් අවසානයේ ඉතිරි වෙයි. මෙකී ඛාදී දේවිය වෛශව අසපුවෙහි ප්‍රධාන මුනිතුමන් වූ ම්‍යාන මුනිතුමන්ගේ එක් බිරිදක් බව අග්නිට වැටහුණි. තමාගේම වයසෙහි වූ නමුත් පනස් හැවිරිදි විය ඉක්ම වූ වෛශව ප්‍රධාන මුණිගේ බිරිදක් වීම පිළිබද ඇය කෙරෙහි දැඩි අනුකම්පාවක් ද අග්නිට දැනේනට විය.

♛ අග්නි ♛Where stories live. Discover now