සයවන මායාව 🌖

Začít od začátku
                                    

" මොකක් කීයටද........."

"දන්නෙ නෑ මමත් තාම එතනට ගියේ නෑ බොඩි එක අයින් කරන්න කලින් යමන් එතන ටිකක් බලන්න."

හේසොක් අතට අහූන එකක් ඇඳගෙන ජින් එක්ක පිටත් උනේ මූනවත් හෝදගන්නෙ නැතුව.

ඒවෙනකොටත් පොලිසියේන් කාටවත් එතනට යන්න බැරි වෙන්න එතන වට කරල තිබ්බ. ඒත් ආරන්චියට සෙනග එතන වට වෙලා. හේසොකයි ජිනුයි එතනට යනකොටත් ජිමින් වගේම සොන්ග් පරීක්ෂකත් ඇවිත් හිටියා.

" මොකද තත්වෙ?"
හේසොක් කෙලින්ම ඇහුවෙ සොන්ග් පරීක්ෂකගෙන්. එත් මනුස්සය මුකුත් නොකිය හේසොක් ගෙ මූන දිහා බලන් හිටියා. මනුස්සයගෙ මූන සුදුමැලි වෙලා තිබ්බෙ හරියට හොල්මනක් දැකල වගේ. ජිමින් හෙමිහිට හේසොක්ට ලන් උනා.

" සර් සොන්ග් නිලදාරීතුමා බොඩි එක බලපු වෙලාවෙ ඉදලා ඔහොම්මමයි."

" හ්ම්ම්............. කලින් පාර වගේ  එකක්ද ජිමින්"
ජින් ඇහුවෙ හේසොක් කන්න වගේ සොන්ග් පරීක්ෂක දිහා බලන් ඉන්න අතරෙ.

"සොරි සම්බෙ....... මේ මමත් තාම බලන්න ගියේ නෑ බොඩි එක. කට්ටිය කියන විදිහට මේක ටිකක් වෙනස් ලු"

හේසොක් තවත් විනාඩියක් වත් එතන නොඉද මිනිය තිබුන තැනට ලන් උනා. මිනිය වටේටම තිබ්බ බිම රතු පාට වෙලා තිබ්බෙ ලේ වලින්. කට්ටියටම මිනිය ලගට යන්න උනෙත් ඒ ලේ වලින් රතුපාට උන පොළොව උඩින්.........

හේසොක් පාත් වෙලා මිනිය වහල තිබ්බ සුදු රෙද්ද අයින් කලා. එක පාරටම ජිමින් අතින් කටත් වහගෙන වෙන පැත්තකට දිව්ව. කොල්ල උදේට කාපුව විතරක් නෙමෙයි ඊයෙ රෑට කාපුවත් එලියට දැම්මෙ ලඟ තිබ්බ තාප්පයක් අල්ලගෙන.

ඒ මිනිය දිහා තවත් බලන් ඉන්න බැරි කමට ජින් අහක බලාගත්තා. හේසොකත් මිනිය දැකලා ගැසිලා ගියා..............

කෙල්ලගෙ පපුවෙ අඟල් පහක හයක විතර ලොකු හිලක් තිබ්බ...අත පය නොපිටට ඇඹරිලා...... කෙල්ලගෙම ලේවලින් කෙල්ලගෙ ඇඳුම් තෙත් වෙලා. එයා මැරිලත් තාමත් ඇස් ඇරගෙන. ඒ දර්ශනේ දකින ඕනම කෙනෙකුට පිලිකුලක් වගේම බයකුත් ඇති වෙන එක සාමාන්‍යයි.

ටිකක් වෙලා එහෙම්මම හිටපු හේසොක් හෙමිහිට මිනිය හොඳට බලන්න ගත්තා..... කොල්ල මේ වගේ මිනියක් දැකපු පළවෙනි වතාව මේක. අමාරුවෙන් උනත් හේසොක් තමන්ගෙ ජොබ් එක කලා. කෙල්ලගෙ පපුවෙ තිබ්බ හිල යන්තන් අතින්ම මැනල ජින් දිහාවට හැරුනා.

🌑  මායා 🌕(Completed) Kde žijí příběhy. Začni objevovat