You are my DESTINY

244 48 41
                                    

          🍂 You are my Destiny 🍂

⚠️️Only fanfiction.⚠️️
⚠️️Not relevant to their real life. ⚠️️

වෙලාව කීයද සියොක්.......

මහත්තයා....... දැන් හවස 1.30 යි.

මොකක්..... ඔෆිස් එකෙන් කෝල් කලේ නැද්ද ....

නෑ මහත්තයා .... මිස් ජෙනී කෝල් කලා.... අද මහත්තයා එනවද ⁣කියල අහන්න කෝල් කලා... මං කිව්වා එන එකක් නෑ කියලා...අද වැදගත් වැඩත් මුකුත් නෑ කියලත් මිස් ජෙනී කිව්ව නිසයි....

සියොක් නිදහසට කරුණු කියන්නේ බැනුම් අහන්න බයෙන් කියල නාම්ජූන්ට තේරුනා.

කමක් නෑ සියොක් , ඒක වැඩිය හොඳයි ....
මගේ ඔලුව හොඳටම රිදෙනවා .....

ඉන්න මහත්තයා ... මං මේ සුප් එකක් හැදුවා..... මේකෙන් ඔය ඔලුවෙ කැක්කුම අඩු වෙයි....

අයිශ් ..... මං මේ හැන්ග්ඕවර් සුප් එකෙ රසට කැමතිම නැති වුනත් එක හුස්මට ඒක බීල දැම්මා. සියොක් කිව්ව වගේම ටික වෙලාවකින් ඔලුවෙ කැක්කුම අඩු වෙලා ගියා. වෙනදට නං කොච්චර බිව්වත් මෙහෙම ඔලුවෙ කැක්කුම හැදෙන්නේ නැහැ. ඒ තරම් බීල පුරුදුයි. ඒත් ඊයේ බිවුවෙ අවුරුදු ගානකට පස්සේ. ඒකට හේතුව ......... ඇයි හැම තිස්සෙම මටම මෙහෙම වෙන්නෙ. ආදරේ මට උරුම නැද්ද.... එදා මූන් හී.... අද ජීයන්ග්....

ඊයේ රෑ යොන්ග්සැන් කෝල් කරල ක්ලබ් එකට එන්නම කිව්ව නිසයි මම එතනට ගියේ. ජීයන්ග් එයාගෙ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් , ටේවොන් එක්ක රූම් එකකට යනවා මං ඇස් දෙකෙන්ම දැක්කා. එයා  මූන් හී වගේ නෙවෙයි.
එයාගෙ රූපෙ මූන් හී ළඟින් ගෑවිල යනව විතරයි. ගතිගුණ මගෙ මූන් හීට ගෑවිලාවත් නැහැ.

ඒත් ...... නාම්ජූන් තමුන් ඔය මගේ මගේ කියන මූන් හීත් තමුන්ව දාලා ගියේ කිසිම හේතුවක්වත් නොදී නේද.... ඉතින් මූන් හීගෙයි ජීයන්ග්ගෙයි තියන වෙනස මොකක්ද....
ඒත් මූන් හී කවදාවත් මට බොරු කලේ නැහැ.
දැන් හොඳටම ඇති.....

මම තරහෙන් ළඟ තිබුනු මල් පෝච්චියකට ගැහුවත් ඒකෙන් වුනේ ඒක කුඩු වෙලා ගිය එක විතරයි. මගේ හිතේ කලබලකාරී ගතියවත් , කේන්තියවත් මැකුනෙ නැහැ. හිත නිදහස් කරගන්න ඇවිදින්න  ඕන කියල එකසැරේටම  හිතුනා. මං ඉක්මනට ලෑස්ති වෙලා පහලට ආවා.

You are my DESTINY Where stories live. Discover now