" අනිත් කෙනා JK.ඔයා ගැනත් මම හොඳට දන්නවා...ඔයා පළවෙනි දවසේම බොලෙ අරන් ගිය විදිහට ඔයාට ජිමින්ටත් වඩා හොද ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනි...මගෙන් හැංගෙන්න හදන්න එපා.."

සර් මටත් තට්ටුවක් දාලා එහෙම කියලා අපි දෙන්නට ආයෙම සෙල්ලම් කරන්න කිව්වා...සර්ගෙන් ඈත් වෙලා කෝඩ් එක ඇතුලට එනකොට ජිමින් මගේ බඩට ඇනලා කියවන්න පටන් ගත්තා..

" යා....හ් JK මට හිනා වුනා නේද...? "

" හිනා යන්නේ නැද්ද...කෝච් සර් කියපුවට.."

" මටත් වාරයක් එයිනේ...බලාගෙන ඉන්නවකො...එදාට මම කරන දේ ."

" ජිමින් මොනා උනත් මට සර් ගැන දුක හිතුනා...අපි මේක කරමු...අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ සර්..."

" දේ....ගේමක් දෙමු...මිආ ගේ ප්‍රශ්නේ මේකත් එක්ක පටලගන්නෙ නැතුව අපි කොහොම හරි ඒ ගැන හොයමු JK "

ජිමින් මට ෆිට් එකක් දෙන ගමන් එහෙම කියලා  ගිය ගමන්ම අනිත් ටීම් එකෙන් බෝලේ අරගත්තා..ජිමින් රග්බි වලට දක්ශයි...එයා හරි ඉක්මනට විරුද්ධ පිලේ ගෝල් කඩනවා...

ටික වෙලාවක් සෙල්ලම් කරනකොට කෝච් සර් අපි හැමෝටම ආයෙමත් එන්න කිව්වා...

" අරස්සෝ.....මම කැප්ටන් තේරුවා..."

එහෙම කියලා සර් මගේ දිහා බැලුවා....

" JK...ඔයාට වගේ දෙන්න හදන්නේ හොඳ වැඩේ...මට හිනා වුනානේ...පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ නම කියනකම්...මටත් ආසයි හයියෙන් හිනා වෙන්න.."

ජිමින් මට ලං වෙලා හිනා වෙවී කියවන්න පටන් ගත්තා...

" ටීම් එකේ කැප්ටන් තමයි...."

සර් එහෙම කියලා ආයෙමත් මගේ දිහා බැලුව...මොකක් ඇත්තටම මටද දෙන්න යන්නේ..මටනම් බෑ...කැප්ටන් උනොත් මට මිආ ගැන හොයන්න තියෙන කාලේ ටිකක් මගෑරෙනවා..ඒක කරන්න බෑ...අනී...අනී...ප්ලීස්...මට දෙන්න එපා...මම හිතින් ප්‍රාර්ථනා කලා...

සර් ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉදලා එකපාරටම ජිමින් දිහා බැලුවා..

" අපේ කැප්ටන් තමයි ජිමින්.."

ඒක ඇහුණා විතරයි මගේ ඉහේ මලක් පිපුණා වගේ...මෙච්චර වෙලා මගේ නම කියනකම් බලාගෙන ඉදපු ජිම්න් මගේ දිහා බලාගෙනම ගල් වෙලා ඉදියා...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Место, где живут истории. Откройте их для себя