'කුකී කරදර කරන්න එපා අනේ..පොත දෙන්න මෙහාට'
'අනේ කුකියෝ...'
'කුකී.. අනේ ඒක මගේ අයිස්ක්‍රීම් එක'


ජේකේ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු කටහඬ , ඒ අහිංසක කටහඩ ජේකේ නොහිතපු විදියට වෙනස් උන හැටි කොල්ලට මතක් උනා

'තමුන් මහ මෝඩයෙක්.දැන් ඉතින් විදවනවා...'

හිතට දැනුනු ආවේගයට අත මිටි මොලවගෙන වීදුරුවට බර උන ජේකේ, ඇස් දෙක වහගෙන ලොකු හුස්මක් පිට කලේ අතීතයේ මතක වලින් ඇවිස්සෙන තමන්ගෙ තරහා වගේම හිත අස්සේ හංගං ඉන්න ඒ දුක පාලනය කරගන්න ..මතක වල හිරවෙලා හිටිය ජේකේ සිහියට ආවෙ ඔෆිස් රූම් එකේ දොරට තට්ටු කරන හඩට.

JK POV

ඔෆිස් රූම් එකේ දොරට ගහන් සද්දෙටයි මං පියවි සිහියට ආවෙ...
"Come in"
එහෙම කියලා මං ගිහින් මගේ bossy chair එකේ වාඩි උනා..

ඇතුලට ආව හියුන්ග්සික්,මගේ ගැන්ග් එකේ ස්පයි සෙක්ශන් එකේ ලීඩර්, මගේ මේසෙ උඩ ෆයිල් එකක් තියලා කිව්වා..  "බොස් ,ටාගට් එක  A2***** ෆ්ලයිට් එකේ අද කොරියාව එනවා. සෝල් නැශනල් airport එකේ ලෑන්ඩ් කරන්නේ.ටයිම් එකත් එක්ක ඔක්කොම ඩීටේල්ස් ෆයිල් එකේ තියෙනවා බොස්"

"Good job man" එහෙම කියපු මම ෆයිල් එක ඇරලා ඩීටේල්ස් චෙක් කරේ මගේ කට කොනින් ඇදුන නපුරු හිනාවත් එක්කමයි

" එයා කොරියාවට පය තියපු වෙලාවෙ ඉදන් කරන දේවල්,යන තැන් , හම්බෙන මිනිස්සු වගේ හැම දෙයක් ගැනම මට ඩීටේල්ස් ඕනා. එයා මෙහෙ ඇවිත් නවතින ලොකේශන් එක මට අද හවසට ඕනෙ. "

"Ok boss"

"අහ් තව දෙයක් , එයාගෙ මල්ලියි, අම්මයි ගැන ඇලට් එකේ නේද ඉන්නෙ? ඒ දෙන්නා ගැන හොද අවධානෙන් ඉන්නවා..ඒ දෙන්නා මග ඇරුනොත් මගේ හැම ප්ලෑන් එකක්ම වතුරේ.එයාගෙ අම්මනම් හොස්පිට්ල් එකේ නිසා ප්‍රශ්නයක් නෑ .ඒත් මල්ලිව බලාගන්න ජීසුයි මල්ලියි ගැන ඇහැ ගහන් ඉන්නවා. තේරුනානෙ?"

"තේරුනා බොස්..අපේ ස්පෙශල් ස්පයිස්ලා තුන් දෙනෙක් එයාලා පස්සෙන් දාලා තියෙන්නේ..ජීසු කොච්චර හැංගෙන්න හැදුවත් අපේ අයගෙන්  එයාලට හැංගෙන්න බෑ බොස්"

'මේ පාර හැමදෙයක්ම මගේ අතේ කිම් චනුශි.... තමුන්ට හිතාගන්නවත් බෑ තමාට වෙන දේ..තමුන්ට පසු තැවෙන්න වෙයි තමුන්ගෙ වැරදි වලට'

"You can go now, hyungsik "

"Ok boss"

එහෙම කියලා හියුන්ග්සික් ගියාට පස්සේ මං ෆයිල් එක ආපහු බැලුවා.. අද දවල්  2.45 ට එයා ආපහු කොරියාවට පය තියෙනවා. ඒ ගැන හිතද්දි මගේ හිතට දැනෙන්නෙ අමුතුමහැගීමක් ..වෛරය ,කුතුහලය , වගේම හිත පතුලෙන් මගේ හිතට පුංචි සතුටත් දැනුන් නැතුව නෙමෙයි...ඒත් මං ඒ හැගීම මගේ වෛරය අස්සෙ හිරකරගත්තා..

'I'm waiting for you baby..I'm gonna make your life hell'
එහෙම හිතලා මං කට කොනින් හිනා උනේ අවුරුදු හතරක් තිස්සේ තිබුන මගේ පලිගැනීමේ අරමුණේ පලවෙනි පියවර අද පටන් ගන්න නිසා...

I'm gonna make your life hell'එහෙම හිතලා මං කට කොනින් හිනා උනේ අවුරුදු හතරක් තිස්සේ තිබුන මගේ පලිගැනීමේ අරමුණේ පලවෙනි පියවර අද පටන් ගන්න නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________

Hello guys.👀 ඉතිම් මේ මගේ දෙවෙනි චැප් එක 😎.. මුලින්ම කියන්න ඕනෙ මේක නිකම් ff එකක් මේකෙ තියෙන දේවල් නිකම් මගේ හිතේ තියෙන මොන්ගල් අදහස් විතරයි..😶මේව artist ලගේ ඇත්ත ජීවිතේට කොහොමත් සමාන නෑ..😌.මේක ප්‍රබන්ධ කතාවක් .ඉතිම් මේකෙ ඉන්න characters එයාලගෙ ඇත්ත ජිවිතේට සමාන කරන්න එපා...🤗මං හිතනවා ඔයාලා මං කියන්න හදන දේ තේරුම් ගත්තා කියලා...ඉතින් මං ඉක්මනින්ම next chapter එක දාන්නම්🙃
ඔයාලගෙ අදහස් comment කරන්න 🥰..කතාවට කැමති නම් vote කරන්න. ආහ් තව දෙයක් 'හිතන දේවල්'     "කියන දේවල්" 🙃🙃🙃 තේරුනා නේ?see u soon my potatoes 😚stay safe..

                                                        Author Chanu ❤️

The Love Under HateWhere stories live. Discover now